සමනල කඳු වැටියෙන් පටන් ගන්නා මහවැලි, කළු, කැලණි හා වලවේ යන සිව් මහා ගංඟා ද නමුනුකුල කඳුවැටියෙන් පටන් ගන්නා මැණික් ගඟ ද වැලි ජාවාරමුන්ගේ ගොදුරු බිම් බවට පත්වී පරිසරය වැනසී ගංඟා දෙපස සෝදා පාළුවී බරපතල ප්‍රශ්නයක් මතුවී ඇත.
යාල වනෝද්‍යානයේ දෙවැනි කලාපයේ මැණික් ගඟ ද අනවසර වැලි ගොඩ දමන්නන්ගේ ග්‍රහණයට නතුවී ඇත.
ඉන්දියාවේ ගංඟා නම් ගඟ තරමටම බෞද්ධ හින්දු වන්දනාකරුවන්ගේ ගෞරවාදරයට හා පරිහරණයට පාත්‍රවී ඇති ගඟක් ලෙස මැණික් ගඟ සැලකේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සංවර්ධනයට ගොඩාක් දේවල් තියෙද්දී, ඒවත් නොකර තියෙන ස්වාභාවික වස්තුනුත් නාස්තිකරන මිනිසුන් ඉන්නකම් මේ රට නැත්තටම නැතිවෙනවා (නි)
මහවැලි ගඟ පටන් ගන්නේ හොර්ටන් තැන්නෙන්, තොටපොළ කන්දෙන් සහ කිරිගල්පොතෙන් එන ජල මුලාශ්‍ර වලිනි. (බ)
සහන්, ඔබ හරි (නි)
කාලයක් යනකොට රටේ වී ගොවිතැනත් නැත්තටම නැතිවේවි. ඇයි ඉතින් ඔය විදියට වැලි ගොඩ දානකොට මුහුදු වතුර ගංගා වලට එකතු වෙනවා. ඒවා ඉතින් ඇළ දොළ වලටත් එකතු වෙනවා. අපේ පළාතේ වෙල් වලින් දැන් නම් වැඩක් ගන්නම බැහැ. වතුරේ ලුණු ගතිය වැඩි නිසා. එ්ත් මීට වසර ගානකට කලින් නම් ඒවා හරිම සාරවත් කුඹුරු (නි)
ඉන්දියාවේ "ගංගා" නම් ගඟට පුදන ගෞරවයේ තරම එහි තිබෙන අසූචි ප්‍රමාණයෙන් මැනගන්න පුළුවන් (නි)
වඩා වැදගත් මේ සිදුවෙන විනාශයන් වළක් වන්නට වහාම පියවර ගන්න එක. (බ)
ලෝකේ මීළඟ ගැටුම වතුරට. මහවැලි, කැළණි, වලවේ, දැදුරු, නිල්වලා මේ ගංගා දැන් දැක්කම බඩ පපුව දාලායනවා. එතරම් විනාශයක් ඉවුරු වලට වෙලා තියෙන්නේ. මෙය වහා නතර නොකළොත් මුළු රටම අවසන්. අහෝ අපේ රට! (නි)
නියමයි. ඒකත් කාලා විනාශ කරමු. රටට හෙණ ගැහුවත් කමක් නැහැ කියලා හිතන රටක ඕකත් කජ්ජක්ද? (නි)
මේ පරිසර විනාශ වලට මුල පළාත් පාලන දේශපාලුවෝ. (නි)
සහන්, ඔව් ඉතින් ඔබ මොනවද වැලි ජාවාරම ගැන කියන්නේ? එ්කයි අපට දැනගන්න ඕනෑ. (නි)
මට මතක විදියට අතිගරු ජනාධිපතිතුමා කිව්වා මේ වගේ පරිසරය වනසන ජාවාරම් වෙනවා නම් එතුමාටම කෙළින්ම කියන්න කියලා. තාම කවුරුත් කියලා නැතුව ඇති. ආ...එතුමාගේ ෆෝන් නම්බර් එක නැහැනේ... කමක් නැහැ හෙට පත්තරෙන් දැකලා වහාම ක්‍රියාමාර්ග ගනීවි. (නි)
මේ වැලි ජාවාරමට සම්බන්ධ ප්‍රධාන කෙනා දේශපාලකයෙක්නේ ඉතින්. යහපාලන බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ දේශපාලන හිඟන්නන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි (නි)