
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මඩකළපුව මයිලත්තමඩු ප්රදේශයේ ගොවීන්ගේ අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අද හෙටම ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
මෙතන සංකීර්ණ තත්වයක් තිබෙන්නේ යැයිද ඔහු කීවේය
ලාල් කාන්ත මහතා මෙසේද පැවසීය
සමහරුන් මේ ප්රශ්නය සිංහල ගොවියො දෙමළ හරක් යනුවෙන් හඳුන්වනවා. ඒ අර්ථයෙන් දැක්වීමට අපි කිසිසේත්ම එකඟ වන්නේ නෑ. අපිට නම් පශු සම්පත් කරන ගොවියෝ වී වගා කරන ගොවියෝ පමණයි. ඒක තමයි අපේ ප්රතිපත්තිය. සමහරු ජාතිවාදී දෘෂ්ටියකින් විවිධ අර්ථ නිරූපණ ගේනවා.
මේ ප්රශ්නයට දැනට තාවකාලික මට්ටමින් උත්තරයක් ලබා දී තිබෙනවා. එහෙම එකක් තමයි දෙන්න පුළුවන්. ජනාධිපතිතුමා මේ ගැන ප්රතිපත්තිමය වශයෙන් අදහසක් කිව්වා. ප්රතිපත්තිමය කාරණයක් නීතිමය තත්වයට ගේන්න නිලධාරීන්ට යම් කාලයක් යනවා. මොකද රටේ නීතියක් තියෙනවනේ.නීතිය සකස් කිරීමේ කටයුතු දැන් සිද්ධ වෙනවා.
දැන් දෙපැත්තටම මේ කටයුතු කරගෙන යන්න වෙන්කර දෙන්න සූදානම් වෙනවා.ගවයන් හදන ගොවීන්ටත් වී වගා කරන ගොවීන්ටත් දෙගොල්ලටම. ඒක තමයි තාවකාලික උත්තරය. එතන පොලිස් මුරපොළේ ප්රමාණය වැඩි කළා. ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකුත් පත් කළා. හරක්ට තණකොළ කවන්න යවන්න පුළුවන්. ඒකෙ ප්රශ්නයක් නෑ. මෙතන කරන්නේ සමහරුන් අවුළුවන එක. අම්පාර පැත්තෙන් ඇවිල්ලා අක්කර අටක වගා කරනවා. අපි ඒක හරි කියලා කියන්නේ නැහැ. දැන් මේක සමථයට පත්වෙලා තියෙන්නේ.
අපි මේක පාර්ලිමේන්තුවේ කතා කරනවාට වඩා වෙනම රැස්වීමක් අරගෙන කතා කරමු. මම ඒකට මැදිහත් වෙන්නම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd