මඩකලපුව දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද (19) අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි.
මෙම ගිවිසුම යටතේ එම දිස්ත්‍රික්කයේ වැසිකිළි 3,400ක් ඉදි කිරීමට නියමිතය.
ඉන්දියාව වෙනුවෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සින්දු මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය ගිවිසුමට අත්සන් තැබුවාය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එම්.එස්.එස් අමීර් අලී මහතා ද මෙම අවස්ථාවට එක්විය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබෙන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදලක් ලැබීමට නියමිතය.
ජනතාව ඉලක්ක කරගත් සංවර්ධනය ඉලක්ක කරගනිමින් මෙරට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලට ශ්‍රී ලංකාව සහයෝගය ලබාදෙන අතර මෙම ව්‍යෘපෘතිය ඉන් එකකි.
මේ වනවිට ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන සංවර්ධන සහයෝගය සම්පූර්ණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක් වන අතර ඉන් ඩොලර් මිලියන 545ක් ප්‍රදාන වේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ මේ රටේ බාගයකට වැසිකිලි නැති කට්ටිය නේද අපිට වැසිකිලි හදලා දෙන්න එන්නේ? අනේ කාලේ වනේ වාසේ කිව්වලු....!!!
කොහෙ හිනා වෙන්නද කියලා හිතා ගන්න බැරුව මං මේ ඉන්නේ. අපි නොදන්න ඉන්දියාව සහ වැසිකිලි.
වැසිකිලි පාවිච්චි නොකර මහා මාර්ගය දෙපසට මළපහ කරන ඉන්දියාවට අපි සනීපාරක්ෂාව ගැන කියලා දෙමු. ඉන්දියාවේ වාහනේ ජනේලෙන් එලියට ඔලුව දාන්න බැහැ ගන්දස්සාරේ හැම තැනම.
මිට වැඩියේ හිනා වෙන්න පුළුවන් පුවතක් මේ අවුරුද්දෙම දැක්කේ නැහැ. වැසිකිලි නැති ඉන්දියාව ලංකාවේ වැසිකිලි හදන්න උපකාර කිරීම.
ශ්‍රී ලාංකිකයන් හැටියට අප ලැජ්ජා වෙනවා. ඉන්දියාවේ මිලියන ගානක් වැසිකිලි යන්නේ රේල්පාරේ. වැසිකිලිය හදාගන්න එහෙව් රටකින් ආධාර ගන්නේ කෙසේද?
ඉන්දීය ජනගහනයෙන් 50% කට වැසිකිලි පහසුකම් නැත .
මේ මොන විකාරයක්ද ලංකාවට කොලරාව ගෙනෙන්නෙත් ඉන්දියාවෙන්. වැසිකිලියක් පාවිච්චි නොකරන මිනිසුන් ගේ රටින් අපිට සනීපාරක්ෂාව වැඩිකරන්න අවබෝධතා ගිවිසුමක්. මඩකලපුවටම හොඳයි. එත් මඩකලපුවත් අපේ රටේ කොටසනේ ඉතින් අපේ උගත් මිනිස්සු රට හැර යාම අරුමයක්ද?
සනීපාරක්ෂාව අතින් නොදියුණුම රට අනුන්ගේ රටක සනීපාරක්ෂාව ගැන කටයුතු කිරීම ගැන සතුටුයි. තමන්ගේ රටෙත් ඔය ගැන උනන්දු වුනානම් තමා හොද.
මේවා තමයි හිනා යන දේවල්. ඉන්දියාවට ගිහින් බලන්න ඕනේ. ඉන්දියාවේ ජනගහනයෙන් බාගෙකට විතර වැසිකිලි නැහැ. මෙයාලා ලංකාවේ වැසිකිලි හදනවා. මේක අපිට තියෙන ආදරෙට නම් වෙන්න බැ. ඔය ඉන්දියන් කාරයෝ තරම් ලෝබ, ආත්මාර්ථ කාමී පිරිසක් තවත් නෑ. මොකක් හරි යටි උගුලක් ඇති.
මුන්ට නම් පිස්සු ඩබල් වෙලා. ඉන්දියාව කියන්නේ ලෝකයේ තියෙන අපිරිසිදුම රටක්. ඒ රටෙන්ද අපි පිරිසිදුකම ගැන උපදෙස් ගන්න යන්නේ. මිහරක්ගේ වැඩනේ...ඔහොම යමු...
මේ පලකරලා තියෙන අදහස් දැක්කම හිනා වෙලා මැරෙනවා.