රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව මඩකලපුවේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලැබීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙන කාර්ය සාධක බලකාය මුදල් අමාත්‍යංශයෙන් විමසා ඇතැයි වාර්තා වේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ය.
කල්කුඩාහී ඉදිකෙරෙන මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට අවසර දී ඇත්තේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමිනි. එබැවින් ඊට අනුමැතිය ලබාගත් අකාරය පැහැදිලි කරන ලෙස ජනාධිපති කාර්ය සාධක බලකාය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා ඇත.
ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගමට මෙම නිෂ්පාදනාගාරය ඉදිකිරීමට අවසර ලැබුණේ කෙසේද යන්න වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්යක්ෂ සමන්ත කුමාර කිතලාවආරච්චි මහතා මුදල් අමාත්‍යංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතාට දැනුම් දී තිබේ.
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස් මහතාට අයිති එකකි. අර්ජුන් ඇලෝසියස් මහතා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බැණා වෙයි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මහේන්ද්‍රන් මහතාට අදාළව පරීක්ෂණයක් මේ වන විට කෙරෙමින් පවතී.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සුරාබදු දෙපාර්තමේන්තුව අදාළ ආයතනයට පසුගිය වසරේදී ධාන්‍ය මත පදනම් වූ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලබා දුනනේය.එම අමාත්‍යංශ දෙකම මුදල් අමාත්‍යංශය යටතේ තිබිණි.එම අමාත්‍යංශය ඒ වන විට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මෙහෙයවීම යටතේ තිබිණි.
“දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදනාගාරයක් අලුතෙන් ඉදිකිරීම සඳහා කිසිසේත්ම නව බලපත්‍ර ලබා දිය නොහැක“ යැයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල මහත්තයා පෝය දවසෙත් එයාගේ රෑ කඩේ අරින්න කියන යෝජනාව ගෙනාවේ. දැන් මේකේ හදන බෝතලුත් විකුණන්න එපැයි. රෑ 9.00 වෙනකල් නොවේ. පැය 24 ම ඇරලා තියන්න යෝජනා කරමු නේද?
ලංකාවේ නිෂ්පාදය තහනුම් නමුත් ඉම්පෝර්ට් කරන්න පුළුවන්. පුදුම නීති.
බොන්න මිනිස්සු ඉන්නවා නම් හැදුවාම මොකෝ. නොබොන අය නොබී හිටපුවාවේ.... !!!
"හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු" ජනපති තුමා යටතේ තිබුනත්, එතුමත් නොදැනී කෙරෙනදෑ බොහොමයක් රටේ සිදුවෙනවා වගෙයි ! [ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස් මහතාට අයිති එකකි. අර්ජුන් ඇලෝසියස් මහතා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බැණා වෙයි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මහේන්ද්‍රන් මහතාට අදාළව පරීක්ෂණයක් මේ වන විට කෙරෙමින් පවතී.] තත්වය මෙසේ නම්, පුදුම වෙන්න දෙයකුත් නැහැ නේද ?
ගෙදර වන දේවල් ගෙහිමියා දන්නා නැත්නම් අල්ලපු ගෙදර මිනිහද දන්නේ
හෙට අනිද්දා පෝය දාට අරක්කු දන්සැල් වලටත් පර්මිට් නිකුත් කරාවි
1970 ට පෙර හිටපු නායකයෝ ඉතාම දුරධර්ශි තීරණයක් අරගෙන පෝය නිවාඩුව ඇතිකරලා සුරාසල් වහන්න අවධානය යොමුකරපු එක හොඳ දෙයක්. අඩුම වශයෙන් බොන මිනිස්සු දන්නවා පෝය දිනයක් කියල එකක් තියෙනවා කියල. එම දවස්වල හිටපු බුද්ධිමත් නායකයෝ මුදල් ගැන උනන්දු වෙනවට වැඩියෙන් රටේ මිනිස්සු හදන්න උත්සහ කලා. අද නායකයෝ පෝය දවස වගේ හොඳ දවසක් විනාස කරන්න යන්නේ. ජනාධිපතිතුමා උනන්න්දු වෙනවා සුරාව තුරන් කරන්න. මෝඩ මිනිස්සු උනන්දු වෙනවා සුරාව වැඩිකරන්න. අනේ රටකට ගිය කලක්.
ජාතික මත්ද්‍රව්‍ය ප්‍රථිපත්ති උල්ලංඝණය වෙනවනම් මොකටද කල් මරන්නේ ගන්නකෝ ඉක්මන් කෙලින් තීරනයක්