මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ආරාධනයක් අනුව එහි ගිය බොදු බල සේනා හා තවත් සංවිධාන කිහිපයක පිරිසක් හා තවත් පාර්ශවයක් අතර මඩකලපුවේදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවූ බව මඩකලපුව පොලිසිය කියයි.
සෙනසුරාදා මඩකලපුවේ පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනකට එරෙහිව පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන තිබූ අතර එහි ගිය පිරිසට මඩකලපුවට ඇතුළුවීමට නොදීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
මේ වනවිට එහි තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇතැයි පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදය, නොදන්නා දේවල් කියන්න එපා. මඩකලපුවේ සිංහලයන්ගේ ඉඩම් වෙන කවුරුත් අල්ලාගත්තේ නැහැ. සල්ලි වලට තියෙන ගිජුකමට සිංහලයෝ ඒවා විකුණුවා. (නි)
උපතින් බෞද්ධ වන සියලු ශ්‍රී ලාංකිකයින්ට ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය තම ජීවිතය කර ගන්නට දිරි දිය යුතුයි. ඒ මඟින් නැවත ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් වනු ඇත. (නි)
සිංහල බෞද්ධ අයිතියට විනකරන,එසේ කිරීමට වචනයකින් හෝ උදව් දෙන හැම කෙනෙකුටම ශාප වේවා. ඉතිහාසය නොදන්නා අප්පච්චිලා සිංහලයාට මේ රටේ ඉඩම් ටිකෙන් ටික අහිමි වෙන්නේ කෙසේද කියා සොයා බැලුවහොත් යෙහෙකි. (නි)
සාමය කරා ගමන් කිරීමට නම්, සුළු ජාතින් කියා ජාතික කොඩියට වෙනම පාට වැඩක් නැහැනේ. ජාතික ගීයට භාෂා දෙකකුත් වැඩක් නැහැනේ. (නි)
මේ ස්වාමින් වහන්සේ යුද්ධය කාලේ ඉදන්ම මඩකලපුවේ අපේ සිංහලයන් වෙනුවෙන් කැප වුණ කෙනෙක්.ඒ බව හමුදාවේ ඒ පැතිවල හිටි උදවිය දන්නවා. (ම)
මෑතකාලීන ඉතිහාසයේ මම දන්නා තරමට ශ්‍රී ලංකාව තමා ත්‍රස්තවාදය තම රටින් මුලිනුපුටා දැමුවේ.... ඉන් ලැබූ නිදහස රටේ ඉදිරි සංවර්ධනය කරා රැගෙන යාමට අප කටයුතු කල යුතු වේ. ජාතීන් අතර සමගිය ස්ථාපයනය වීම ඉතාමත් අවශය කාල වකවානුවක, කුමන හෝ ආගමක පුද්ගලයින් ඊට තර්ජනයක් වන අයුරින් හැසිරෙත්නම්, එහි ඇති බැරෑරුම්කම වටහාදීම සියලුම ආගමික නායකයින්ගේ වගකීම ලෙස මම දකිමි. (ර)
හැම ආගමකම කියලා තියෙන්නේ, අනිත් ආගම්වලට නිගරු කරන්න එපා කියලයි. (ම)
මොහොමඩ් අනිත් ආගම වල සිද්ධස්ථාන අල්ලගන්න එපා කියල කියල නැද්ද ? (බ)
මංගලාරාමයේ දායකයන්ට කොටින්ම ලංකාවේ පුරවැසිකම නැහැ .ජාතික හැදුනුම්පතක් හදාගන්න විදිහක් නැහැ .අඩුම තරමින් සමෘද්ධි කුපනයක් නොදීම, ග්‍රාම සේවක වාර්තාවක් ලබා නොදීම, හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකිවීම, වසර තිහ හතළිහක් වගා කළ ඉඩම් තණ භූමි කියලා අල්ලා ගන්න හදද්දී ඒවාට කිසිම බලධාරියෙක් කතා කරන්නේ නැහැ.බුදුපිළිම තැන්පත් කරන්න එපා කියල අධිකරණ නියෝග අරගෙන .ගල් කණු, සිරිපතුල් ගල් ආදී ඉපැරණි පුරා වස්තු ඩෝසරයකින් ගලවලා ගොඩ ගහලා. ඉපැරණි දාගැබක් මුදුනින් කණු සිටුවලා කටුකම්බිවලින් වැට ගහලා. (බ)
මුන්වහන්සේ මෙච්චර දත කන්නේ සිංහලය වෙනුවෙන් . (ර)
බොරු කලහාකාරී වැඩනේ.(හේ)
සියලුම ජාතිනේ අපි සාමය කරා ගමන් ගනිමු (හේ)
අපි ඇහින් දැකපු දේ අනුව උතුරු නැගනහිර පන්සල් වෙහෙර විහාර වලට අත්වෙගෙන යන ඉරණම ඛේදජනකයි. පොතුවිල් මුහුදු මහා විහාරය බොහොම අමාරුවෙන් රැක ගන්න ස්වාමීන් වහන්සේ දැඩි උත්සාහයක නිරත වෙනවා. (ම)
බෝධිපුජා කියන්නේ විරෝධතාවයක් ද? අනේ මෙහෙමත් යහපාලනයක්. කොටි සමරනකොට නැට්ට හංගගන්න පොලිසිය අපිට තමයි ලොකු පාර්ට්.. (බ)
මුන්වහන්සේ දිවි පරදුවට තියලා මේ පන්සල ආරක්ෂා කරන්නේ මුන්වහන්සේට කාලෙක පටන් අන්තවාදීන්ගෙන් කරදර තියෙනවා.මේ සිද්දිය අපි මුල ඉදලම දැක්කා .හරිවැරදි කාගේද කියලා ලෝකෙම ඉන්න අය දකින්න ඇතිනේ (ර)
කොහොමද පාරවල් ටික. ඕව මහින්දගේ වැඩ. (බ)
සංජු හරි (හේ)
මඩකලපුවේ සිංහලයින්ට වෙන අසාධාරනකම් කවුරුවත් දකින්නේ නැහැ,දුක ඒකයි (හේ)
රටේ සාමය ගොඩනගමු (ර)
සාමකාමිව විසදුන එක ගැන සතුටුයි (ර)
මෙවැනි කලහකාරී වැඩ නවත්තල එකා මෙන් ඉමු (ර)
මේ අවදිය තරම් සිංහල බෞධයාට ,වෙහෙර විහාරස්ථාන වලට අවමන් වෙන කාලයක් තිබුණේ නැහැ (ම)
ලංකාවේ ඉස්ලාම් ත්රස්තවාදයක් ඇතිවුනොත් එය පරාජය කිරීම හිතන තරම් ලෙහෙසි නොවනු ඇත. ප්රභාකරක් බිහිකර කරන්න බැරිවුණා වැඩේ අන්තවාදීන් ලවා කරවන්න උත්සාහ කරන රටවල් අපි ළඟින්ම ඉන්නවා. මේක කවුරු කවුරුත් හිතේ තියාගෙන දුර දක්නා නුවණින් කටයුතු කළොත් අනාගතයට හොඳයි. (නි)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා..! (නි)
අපි දැක්කනේ මේ උන්නාන්සේ කළුතර ගිහින් කරපු දේ... මේ වැඩේ මෙයින් ගියා ඇති. තවත් ලේ වැගිරවීමක් නැතුව. තව ජාතිවාද අපිට එපා (නි)
සිංහලයින්ට අසාධාරණයක් වෙලා තියනවා නම් එ්කට හරි විසඳුමක් හොයන්න ඕනෑ. අපි දැක්කනේ අපේ හාමුදුරුවෝ සැදැහැ සිතින් බෝධි පූජාවකට ආරාධනා කරපු විදිය.... යමක් කරන්න ඕනෑ ක්‍රමයක් තියනවා. කලබලේට කරන්න ගියොත් කිසිදෙයක් හරියන්නේ නැහැ. ලොකු කාලගෝට්ටියක් වෙන්නත් තිබුනා. (නි)
ජාතිය ආගම ඉස්සරහට දාලා මෝඩයෝ රවට්ටලා ගෝත්‍රික ජන්ම ගති ඉස්මතු කරන්න හරිම පහසුයි නේද? වීරයෝ වෙනුවට රටේ හැමතැනම පුස්සෝ ඉස්මතුවෙලා. ඒ අය එලොවටත් නැහැ, මෙලොවටත් නැහැ. (නි)
මහින්දගේ සල්ලිද ප්‍රියන්ත? (නි)
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්. එයට ගරුකළ යුතුයි. (නි)
කරන්නෙම මෝඩ වැඩ. මහා වීර දිනය දවසේ දේවල් සියල්ලම අපි දන්නවා. හැබැයි මේකට විතරක් පොලිසිය දාගෙන නටනවා... (නි)
ප්‍රියන්ත, පාරවල් හොඳයි. කිලෝමීටරයට රුපියල් කෝටි 45යි. (නි)
ප්‍රියන්ත, ඔය පාරවල් ටික හදලා ඉවර වෙනකොට මහින්දගේ පවුලේ අයගේ "කල්ල මරේ" බව රටේ ජනතාවගෙන් ලක්ෂ 62ක් දැන සිටියා. ඔබ ඒක නොදැනගන්න හේතුව මහින්ද හදපු පාරවල් වල අලංකාරය බලමින් දිගටම කඩේ ගිය නිසා. දැන්වත් "බලන් කඩතුරා හැර දෑසේ"! (නි)
පවුල් 200-300 ඉන්න තැන්වල පන්සල් වැහෙනවා. පවුල් 6-7 කට පන්සලක් හදාෙගන රණ්ඩුවෙනවා.මේවට උඩෙගඩි දෙනවා තව සමහරු. මෙය තවත් අවුලකට මුල පිරීමක් නෙමෙයිද? මෙය අාගමික ප්‍රශ්නයක් නොව ජාතිවාදී ප්‍රශ්නයක් අැතිකිරීමට ගන්නා උත්සාහයකි. දුර යන්න කලින් විසඳීම රටට ලාභයකි. සිදුවූ පසු පැලැසතර දැමීමට වඩා ඉක්මනින් විසඳීම වඩා උචිතය. (නි)
හමුදාව එක යුද්ධයක් අවසන් කරනකොට හාමුදුරුවරු තව යුද්ධයක් ඇති කරන්න වගෙයි උත්සාහ කරන්නේ. (නි)
සමන්, මඩකලපුවේ පවුල් 6-7කට වැඩිය ගොඩක් හිටිය. ඔයා දන්නේ නැත්නම් හොයලා බලන්න. කොටි කලබල නිසා ඒ අය මඩකලපුව අත්හැරලා ගියා. දැන් ඒ අයගේ පාරම්පරික ඉඩම් වෙනත් අය බලෙන් අල්ලාගෙන. නිකන් නොදන්නා දේවල් කියන්න එපා. ඔයාලා මඩකලපු එන්න ඇත්තේ බීච් එකේ නාලා විනෝද වෙන්න ඇති. (නි)
දැන් මිනිසුන්ට ඕනෑ ප්‍රශ්න නැතුවට ප්‍රශ්න ඇතිකර ගන්න (නි)