(ජවුෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළ පෙදෙස්වල හමන දැඩි සුළඟ හේතුවෙන් මුහුද රළු වීමක් සිදුව ඇති බවට දිස්ත්‍රික් ධීවර රැකියා දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්ෂකක එම්.රුක්ෂාන්තන් කුරූස් මහතා පවසයි. මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ ධීවර කටයුතු මුළුමනින්ම අඩාල වී ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පූනොච්චිමුනෙයි ඒත්තුක්කාල් පුන්නක්කුඩා නාවලඩි වාකරේ ඇතුලු වෙරළ පෙදෙස්වල පවතින දැඩි සුළං හේතුවෙන් ධීවරයෝ ධීවර කටයුතු වලින් බැහැර වී සිටිති.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර රැකියාවේ පවුල් 14000 ක් හා කලපු රැකියාවේ පවුල් 11000 ක් යෙදෙති. මෙම පවුල් මේ නිසා ජීවිතාධාර අහිමි කර සිටීති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd