(ආනන්ද ඉ. ජයකොඩි සහ තිලකරත්න දිසානායක)
මඩකලපුව කතෝලික දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව කියන යතුරු පැදි දෙකෙන් ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් පොලිස් කණ්ඩායම් තුනක් ඒකාබද්ධව අද (28) දවස පුරා කරන ලද සෝදිසි මෙහෙයුමකදී එහි නිවසක සඟවා තිබියදී සොයා ගෙන ඇත.
රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලිසිය ගම්පහ බුද්ධි තොරතුරු ඒකකය හා නිට්ටඹුව පොලිස් නිල සුනඛ අංශය ඒකාබද්ධව අද දවස පුරා තිහාරිය ප්‍රදේශයේ මෙම යතුරු පැදිය සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබීය.
මෙදින පස්වරුවේ තිහාරිය ජුනයිට් මාවතේ නිවසක සඟවා තිබියදී යතුරු පැදිය එසේ සොයා ගෙන ඇත.
යතුරු පැදිය මුස්ලිම් ගම්මානයේ කුලී නිවසක සඟවා තිබූ බවද පොලිසිය කීය. යතුරු පැදියේ අංක තහඩුවද කෑලි 36 කට කපා සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් භාවිතා කළ යතුරු පැදි පහෙන් එකක් මෙම යතුරුපැදිය බවත්, මඩකලපුව කතෝලික දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා පැමිණි එක් යතුරු පැදියක් මෙය බවද රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සනාථ කර ඇති බව නිට්ටඹුව පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිහාරියේ මුස්ලිම් ගම්මානයේ ගෙවල්වල මෙරට නිෂ්පාදිත බෝම්බ, කඩු ඇති බව කාලයක සිට ප්‍රදේශයේ සිංහල ජනතාව අතර මතයක් තිබුණා පොලිසියත් ඒ බව දැනන් හිටියා. නමුත් කිසිදෙයක් කලේ නැහැ. ඔය ප්‍රදේශයේ බයිසිකල් පදින්නේ හෙල්මට් නැතුව, පාරේ යන්න නියමිත පැත්තක් නැහැ, තව හොඳ හොඳ ඒවා තිබ්බා.. දැන්වත් මේවා අහුවුණා එ්ක ලොකු දෙයක්.. තව හොඳට හමුදාව සමග සෝදිසි කරන්න.. ආරක්ෂක හමුදාවලට ජය.!!!
මේ හැම කමෙන්ට් එකටම ඩිස්ලයික් විතරයි. එහෙම වෙන්නේ කොහොමද? සමහර පළාත් මුදා නොගත් ප්‍රදේශ වගේ තමයි තියෙන්නේ හැමෝටම එක විදියට සලකන්න.
තිහාරිය පැත්තේ කාලයක් මමත් වැඩ කරලා තියනවා, එහෙ මිනිස්සුන්ට බයික් වල යන්න හෙල්මට් ඕනි නැ ඒක අපිට පේන කොට හරි පිළිකුල් පාරේ යන්න පැත්තක් නැ හරියට අරාබිය වගෙයි රටේ නීතිය පොඩ්ඩක් වත් මෙයාල ගණන් ගන්නේ නැ පොඩි ළමයි පවා හැදෙන්නේ ඒවා බලාගෙන.
මඩකලපුවේ සිට තිහාරියට බයිසිකලය ඉබේ පැමිනියේද?
ධම්මික කියන කතාව තිවාරියට විතරක් නොවෙයි. මුලු රටටම අදාලයි. විශේෂයෙන්ම සයින්දමරුදුවල තිබුනේ වෙනම රාජ්‍යයක්. මුස්ලිම් ඒකකයක් ඉල්ලු වෙලාවේ දේශපාලකයන් හැසිරුනු ආකාරය? දැන්වත් රටේ ජන වර්ගය නොසලකා සියලු දෙනාටම එකම නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය වග බලාගන්න ඕන. නැතිනම් අනෙක් අයත් හෙල්මට් නැතිව පාරේ යන්න පටන් ගන්නවා.
වතුපිටිවල රුක්ගහවිල පළාතම පරික්ෂා කරන්න