(මහින්ද නිශ්ශංක)
මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට මහව දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
පලුගස්වැව හා හබරණ අතරදී අද(18) අලුයම තෙල් ප්‍රවාහනය කළ දුම්රියක අලි තිදෙනෙකු ගැටී දුම්රිය පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබීම නිසා දුම්රිය ධාවනය සීමා කළ බව දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අද(18) මහව-මඩකලපුව හා මඩකලපුව-මහව අතර ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙක අවලංගු කළ බව ද දුම්රිය පාලන කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මඩකලපු දුම්රිය දැන් මහව දුම්රිය වෙලා කියන එකනේ...