මාර්ග නීති කඩකරන රියදුරන්ට දඩ මුදල් වැඩි කිරීමට හා තවත් නීති රීති කිහිපයක් සංශෝධනය වීම හේතුවෙන් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට මේ දිනවල පැමිණෙන පිරිස සියයට සියයකින් පමණ වැඩිවී ඇතැයි එහි සභාපති රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
මීට පෙර දිනකට 300-350 ත් අතර පිරිසක් සේවා ලබාගැනීමට පැමිණි බවත් මේ දින කිහිපයේ එම ප්‍රමාණය 600-700ත් අතර වන බව ඔහු කියයි.
මේ හේතුවෙන් එම ආයතනයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට පමණක් රාජකාරී කිරීම අපහසුවී ඇතැයි ද තමාටද සක්‍රීයව එහි කටයුතුවලට දායකවීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ මේගොල්ලෝ එළවලා තියෙන්නෙ ලයිසන් නැතුවද? දඩය 50,000 කරන්න. (නි)
සමහර රථ (ත්‍රිරෝද සහ බස්රථ) තෝරන වගේ විවිධ වර්ණ වාහනය පුරා දල්වමින් ධාවනය වෙනවා. ඒවාටත් දඩ නිකුත් කළ යුතුයි නේද? (බ)
සකුන්තලාගේ අදහස ඉතා අගෙයි. යළි යළිත් වගකිව යුත්තන්ගේ අවධානයට එම අදහස ලක්වේවා....(බ)
ඔන්න බලාපොරොත්තු ප්‍රතිපල මිනිස්සු නිතිගරුක වෙනවා නීති කඩන්න නිදහස හොයන අය තමයි කෑ ගහන්නේ (ම)
රිය පදවන ගමන් දුරකථන භාවිතයට දඩ නැද්ද ? ගොඩක් මාර්ග අනතුරු වලට ප්‍රධානතම හේතුවක් ඒක. අනිත් කාරණය රාත්රියේදී අනවශ්‍ය ලෙස හෙඩ් ලයිට් ගහගෙන රිය පැදවීම. මාර්ග අනතුරු නිවාරණය කිරීමේ අවංක වුවමනාවක් රජයට තියෙනවනම් කල යුත්තේ මාර්ග නීති උල්ලංඝණය කරන පුද්ගලයින් මාර්ග නීති යලි ඉගැන්වීමත්, රියදුරන්ගේ ආකල්ප සැදීමත් පදනම් කල පන්ති සඳහා යොමුකරවීමයි. (ම)
සකුන්තලාගේ අදහස් ඉතා කාලෝචිතයි. විශේෂයෙන් හෙඩ් ලයිට් ගැන (බ)
මාර්ග විනය ඇති කිරීම සදහා දඩුවම් තවත් වැඩි කළ යුතුයි. වැරදි නොකරනවානම් බය වියයුතු නැත.ඔන්න ප්‍රතිපල මිනිස්සු නිතිගරුක වෙනවා (බ)
දඩ වැඩිවීමේ වැඩි වාසිය පොලිසියේ ජරාව කන අයටයි. ඉස්සර 500 කෑලි දැන් 2000 කෑලි. ඒ අවම ජරාව. උපරිමය කීයද දන්නේ නැ තවම. (බ)
විනීත රියදුරන් හදන්න දඩ වැඩිකිරීම ඉතා හොඳ ක්‍රමයක් වගේ තමා පෙනෙන්නේ. පේනවා නේද දඩ වැඩිකරන නීතිය ක්‍රියාත්මක තත්වයට එන්නට කලින්ම මිනිස්සු නීති පිළිපදින්න උත්සාහ කරනවා.මේවට විරුද්ධ බස් රියදුරන් විතරයි. රියදුරන්ගේ මාර්ග අනතුරු කරන වාර ගණන අනුව බලපත්‍රය අවලංගු වීමේ අවදානම වැඩිකිරීමේ නීති ගේන්නත් අවශ්‍යයි. (නි)