මන්නාරම මඩු පාර අභය භූමිය ආසන්යේ පිහිටි පෙරියමඩු රක්ෂිතයේ ද මහා වනය කපා ජනපද ඉදිකරගෙන යයි. රජයේ ඇමැතිවරයකු මීට මුල්වී සිටිතියි කියති.
මෙම දැවැන්ත වන විනාශය මන්නාරම මඩු දේවස්ථානයේ සිට කිලෝ මීටර් 30ට ආසන්න දුරකින් පිහිටි පෙරිය මඩු රක්ෂිතයේ සිදුවෙමින් පවතින්නේ බරපතල ආකාරයෙනි. දැනටම එහි ස්ථිර නිවාස දෙසීයයකට ආසන්න ප්‍රමාණයක් ඉදි කර ඇත. තවත් නිවාස රැසක් ඉදිකැරෙයි.
පෙරිය මඩු නැගෙනහිර රක්ෂිතයේ වසර සීයකට වැඩි දැවැන්ත පලු, වීර, බුරුත, කළුවර ඇතුළු දැවැන්ත ගස් කපා දමා වනය ඉරන බව ද කියති.
එහි පදිංචිකරුවන් පවසනුයේ ප්‍රාදේශීය ලේකම් මගින් අක්කර භායගයක් දී ඇති බවයි. එහෙත් අක්කරයක් කැලේ කපා ගන්නැයි ඇමැති කී බව පදිංචිකරුවෝ කියති.
වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා මෙසේ කියයි.
‘ඔය කියන ප්‍රදේශය පෙරියමඩු පාර අභය භූමියට අයිති නෑ. කියලා තමා අපේ නිළධාරින් මට තොරතුරු දීලා තියෙන්නෙ නමුත් ඔය පෙරිය මඩු නැගෙනහිර ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයිති එකක්ද කියලා මම දන්නෑ. නමුත් මම නිළධාරින්ට උපදෙස් දුන්නා මේ පිලිබදව නිරතුරුව සෝදිස්සියෙන් ඉන්න කියලා. කොහොමත් ඔය කියන ප්‍රදේශය අපිට පවර ගන්න අපි කටයුතු කරනවා.‘
වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් එස්.ඒ.අනුර හතුරුසිංහ මහතා මෙසේ කියයි.
‘ඔය කියන ප්‍රදේශය අපිට අයත් ප්‍රදේශයක් කියලා තමයි දැනට තොරතුරු ලැබි තියෙන්නෙ. මේක පෙරියමඩු නැගෙන හිර රක්ෂිතයට අයත් කැලෑව කියලා තමයි දැනට තොරතුරු ලැබෙන්නෙ. මේ සම්බන්ධව අපි සොයා බැලීමක් කර තියෙනවා එහිදී තහවුරු වුණේ. මෙහි වන විනාශයක් සිදු වෙනවා කියලා. හැබැයි ඔතන පරණ ගම්මානයක් කියලත් අපිට තොරතුරු තියෙනවා. නමුත් ඝණ කැලෑව දිහා බලපුහාම අපිට ඒක ගැටළුවක් වෙලා තියෙනවා. කොහොමටත් ජනාධිපතිතුමා මේ වෙද්දි මේ සියලු කටයුතු නතර කරන්න කියලා නියෝග දීලා තියෙද්දි අපි ඒ ගැන නිතර සෝදිස්සියෙන් ඉන්නෙ අද සවස (11) මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඊට පස්සෙ ඉතුරු තොරතුරු දෙන්නම්.‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දුන්නේ ඔය ටික කරගන්නනේ. (නි)
මෙහෙම අපරාධ කරන එකට නම් මාත් එකඟ නැහැ.මොනවා වුණත් පරිසරය ආරක්ෂා කරගන්න ඕනෑ. අනික කැලේ ඉන්න සත්තු ටික කොහේද පදිංචි වෙන්නේ (නි)
කවදා අපේ රට නීතියකට අනුව පෙළගැසේවිද??? (නි)
සුළු ජාතික ඡන්ද- සන්හිඳියාව සියල්ලට ඉහළින් (නි)
ඡන්දෙ දුන්නු අය මේවා ගැන බලා ගනිත්වා. (හේ)
කවුද ඇමති කියලා කියන්න බැරිද??(හේ)
මේ දේවල් කරන ඇමති කව්ද ? විල්පත්තුවේ ඇමතිමද? මොන බලපුලුවන්කාරකමක්ද මෙයාට තියෙන්නේ ? (නදී)
රටට තියෙන ආදරයයි සහජීවනයයි තමයි මේ. මේ අය මේ රට විනාශ කරන්නේ මේක මව්බිම කියල හිතන්නේ නැති නිසා (නදී)
ඉන්දික ඔයාගේ ප්‍රතිචාර මහින්දගේ වගේමයි (නදී)
මොකෝ ඇමතිගේ නමට බයද ? (නදී)
කොටි 1000 කින් හොඳයි මේ අයට වඩා (නදී)
ඇමතිගේ නම මොකක්ද? ඇයි පොලිසිය මේවා දකින්නේ නැත්තේ? (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
දැන් සනීප ඇති කට්ටියකට (නි)
කොටි ඉඩම් අල්ලාගන්න යුද්ධ කළා. තවත් සමහරු ඉඩම් අල්ලාගන්න ශුද්ධ කළා. (නි)
ඉතුරුවෙලා තිබෙන කැලයත් විනාශ කළහම බොන්න වතුර නැතුව කට ඇරගෙන ඉන්න වෙයි. (නි)
මේවා මේ දවස් 100 කළ දේවල්ද? මේ අයත් මේවට ඉඩදුන්නොත් ඡන්දෙ දුන් අය බලාගනිත්වා!! කොටි ඉන්න කාලේවත් කැලේට අත තිබ්බද? මේ විනාශය අනිවාර්යෙන්ම නවතා දමනු! (නි)
මුස්ලිම්වරු කල්පනා කරන්න ඕනෑ ලංකාවේ අන්‍යාගමිකයින්ට තිබෙන නිදහස (නි)
අපෙන් වැටුප් ගන්නා රජයේ නිලධාරීන් පත්ව ඇත්තේ අපේ දේ රැකීමටයි. නමුත් ඔවුන් හරියට දන්නෙ නැහැ අයිතිය පිළිබඳවවත්...? (නි)
එහෙනම් ඒකත් ඉවරයි... (නි)
පසුගිය පාලනයේදී සිදුවුණ දේවල් දැන් යහපාලනයේදී වඩා වැඩියෙන් වෙනවා වගේ. (නි)
අනේ මෙහෙමත් අපරාධ! (නි)