උලපනේ පුස්සැල්ලාව “මෝඩයගේ පාලම / කණපිට පාලම” මතු පරපුරට දැක බලාගැනිමටවත් සංරක්ෂනය කරන්නැයි ප්‍රදේශවාසිහු පවසති.
එවකට ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය යටත් විඡිත යුගයේදී තේ වතු වලට බඩු බාහිරාදිය තවලම්, අශ්ව කරත්ත, මගින් ගෙන යැම සදහා ආරුක්කුව පහතට සිටින සේ ඉදි කර ඇති නිසා මෙම පාලම “මෝඩයගේ පාලම / කණපිට පාලම” නමින් ඡනප්‍රවාදයේ පවතින බවත් ප්‍රදේශ වාසිහු පවසති.
ප්‍රදේශවාසින් පවසන්නේ කඩිනම් මහවැලි ව්‍යාපාරය සදහා අවශ්‍ය බඩු භාහිරාදිය ගෙන යාමට අවශ්‍ය වු බැවින් “මෝඩයගේ පාලම / කණපිට පාලම” වෙනුවට තවත් පාලමක් ඒ අසලින්ම ඉදි කිරිමට මුල පුරා පාලමේ එක් පැත්තක කොටසක් ඉදි කරත් එය අතර මගදි නවතා අලුතින් යකඩ පාලමක් ඉදි කළ බවයි.
එම යකඩ පාලම වසර 30 ක් පමන ගමනා ගමනයට යොදා ගත්තද 2010 වසර පමන වන විට එම පාලම ගමනාගමනයට නුසුදුසු ආකාරයට අබලන් විම නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නව කොන්ක්‍රිට් පාලමක් ඉදිකරනු ලැබුවා.
කෙසේ වෙතත් ප්‍රදේශ වාසීන් පවසන්නේ 1904 දි පමණ ඉදිකළ “මෝඩයගේ පාලම” තවමත් ශක්තිමත් බවයි. මේ වන විට එම පාලම තිබෙන ස්ථනයට ගමන් කිරීමටවත් නොහැකි ලෙස කැලැ වැදි ඇත.
කඩුගන්නාව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංඡිනේරු කමල් ඡයවීර මහතා පැවැසුයේ “මෝඩයගේ පාලම” නමින් ජනයා ජනප්‍රවාදයේ මෙම නම ව්‍යවහාර කලත් මෙම පාලම පාලම් සෑදීමේ ක්‍රම අනුව නිවැරදි ක්‍රමයකට ඉදිකර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝඩ පාලම නුවණින් කළ වැඩක්
සුනිල් Saturday, 02 April 2016 03:26 AM
අපේ සිංහලයා කොහොමත් මෝඩයිනේ (නි)
චන්දි Saturday, 02 April 2016 03:51 AM
කාරණා නොදන්නා අයට හරිදේත් වැරදියට පේනවා. අපේ මිනිස්සු කිසිදු විචාරයකින් තොරව දේවල් පිළිගන්නත්, දේවල් ප්‍රතික්ෂේප කරන්නත් හරි දක්ෂයි. මේ පාලම නැවත භාවිතයට යොදන්න. මෙරිවිල වතුයායට යන පාරට මේ පාලම සම්බන්ධ කරන්න පුළුවන්. (නි)
විපුල Saturday, 02 April 2016 05:40 PM
කඩිනම් මහවැලියේත් හැදුවේ තාවකාලික පාලමක්. නමුත් මහින්ද මහත්තයාගේ කාලයේ තමයි පවතින පාලම හදල තියෙන්නේ. එතුමා ලග තාවකාලික වැඩ නැති බව මෙයින් පෙනෙනවා.(රේ)
නිමල් රාජපක්ෂ Monday, 04 April 2016 03:03 AM
ඉතාම ශෝචනීය කතාවක්. මේක දැක්කම මට සිහිවන්නේ ගුත්තිල කාව්‍යය (නි)
පිටිගල මිලානෝ Friday, 01 April 2016 01:26 PM
මෙවැනි පාලමක් ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝහි ක්ලීව්ලන්ඩ් නගරයේ ඊරි ඇළ හරහා ඉදිකර ඇත. මට මතක අන්දමට මෙය ඉදිකර ඇත්තේ 1901 දීය. මෙවැනි පාලම සාදන්නේ මිනිස් සහ වාහන ගමන් නොකරන රේල්පාරවල් ආශ්‍රිතවය. පාලම සවිමත් කිරීමට අවශ්‍ය පැති ආධාරක රේල්ලුවට බාධා නොවන පරිදි යටින් සාදා ඇත. (නි)