ලන්ඩන් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිති සාමාජිකයින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරුපයක් "දෙමළ ඩයස්පෝරාව හමුවූ අවස්තාවක්" ලෙසට ප්‍රචාරය කිරීම පිළිබඳව ලන්ඩනයේ එජාප හිතවත්හු අප්‍රසාදය පළ කරති.
වික්‍රමසිංහ මහතා එජාප ශාඛා සාමාජකයින් හමුවුයේ ක්‍රිකල්වුඩ්හි ලිහිණියා නම්වූ ජනප්‍රිය ශ්‍රී ලාංකිකඅවන්හලකදීය. එහි අයිතිකරුවන් වන්නේ සංග්‍රහ ශීලත්වය සහ හිතමිතුරුකම පිළිබඳව ලන්ඩන් නුවර බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ ඉමහත් ගෞරවයට පත්ව ඉන්නා උපාලී සහ මීපාලී ජෝතිරත්න යුවළයි.
ශ්‍රී ලංකාවේ ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් එම ප්‍රවෘත්තිය සමඟ ප්‍රදර්ශනය කළ සියලුම ඡායාරූපවල සිටිනුයේ ලන්ඩන් නුවර එජාප ශාඛා සමිති වලට සම්බන්ධ අය බවත් "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බවත් " මේ පිළිබඳ අදහස් දැක්වූ එජාප හිතවතෙක් පැවසුවේය.
මේ ආකාරයටම රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේදී එල් ටී ටී ඊ සාමාජිකයින් මුණගැසුණු බවට කියවුණු වැරැදි ප්‍රවෘත්තියක් සති අන්ත පුවත් පත් දෙකක ද පළකිරීම සම්බන්ධයෙන් එජාපයේ ලන්ඩන් ශාඛා සභාපති අධිනීතිඥ හර්ෂක කන්නන්ගර එම පුවත්පත් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පියවර ගත් බවත් පවසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ගයාන්ගේ දැනුම. ඇත්ත දැනගෙන බොරුවට ආණ්ඩුවට කඩේ යනවා (නදී)
මොකද මේ කට්ටිය ඔය තරම් බය වෙලා තියෙන්නේ. අනේ රනිල් මහත්තය කාව හම්බ උනත් අපේ මොකෝ. අපේ සල්ලි වලින් එයා ලන්ඩන් ගියෙත් නැහැ. අපේ උවමනාවට ලන්ඩන් ගියෙත් නැහැ. ඒක එයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ජනාධිපතිවරණයකදී දෙමල ඡන්ද ටික ගන්න ඩයස්පෝරාවේ සහය ඕනා. සමහර විට ඒකට ක්‍රමයක් හොයන්න ඇති. (නදී)
ඒක තමයි රොකී මහත්තයෝ අපිත් කියන්නේ. රනිල්ට බය කවුද?ප්‍රශ්නයට පිළිතුරු තියෙන්නේ ඔය පක්ෂය ඇතුළෙම තමයි.මහින්ද මහත්තයා නම් බය නැති බව අපි දන්නවා. (නි)
කවදත් මඩගහන්නේ මෙතුමාටමනේ. දැන් මිනිස්සු මේවා ගණන් ගන්නේ නැහැ (නි)
ඇත්ත කොටි ඉන්නේ කොහෙද කියලා ජනතව දන්නවා. මිනිස්සු රැවටෙන්නේ එකපාරයි. ඕනෑනම් දෙපාරකුත් රැවටේවි. යමෙක් තුන්වැනි සැරේටත් රැවටෙනවා නම් ඔවුන්ගේ මොළ පරීක්ෂා කරගන්න වේවි (නි)
ලන්ඩනයේ එජාපයේ සාමාජිකයන් හිතවතුන් ඕකට අප්‍රසාදය පල කලාට , සිද්දිය සත්‍ය සිද්දියක් කියා ලන්ඩනයේ මධ්‍යස්ත ලාංකිකයන් පවසනවා. අපි ඉන්නෙත් ඔහේ තමා. මඩ නාගන්න මඩ වලට බහින්නේ මොකටද ? (නදී)
මෙතුමා ඒ වාගේ වැඩත් කරන නිසා අපිත් හිතුවා මේක ඇත්තක් කියලා. (නදී)
බන්දුල පෙරේරා මහත්තයා සුපුරුදු පන් මල්ල අතට අරගෙන රනිල්ට කවුද බය කියලා අහනවා.බය නැත්නම් ඔයතරම් බොරු මඩ ගහන්නේ ආදරේටද? (නි)
එහෙනං මේ මිනිස්සුත් ඇත්ත දන්නේ නැහැ වගේ. (නදී)
මෙච්චර කලබල වෙන්නේ තව තව හොඳ, හොඳ පින්තුර තියනවද දන්නේ නැහැ. (නදී)
ඇත්තටම සිංහල ජාතිය ගැන තේරුම් ගන්න නම් මේ පිටර ටකටම එන්නම ඕනා. සත්‍ය විකෘති කිරීම අපේ ජාන වලම තියන දෙයක්ද? (නදී)
රනිල් ඔබ වැනි අවංක නායකයෙකු රටට නොලැබීම රටේම පවයි (නදී)
එතකොට මැලේසියාවේ දෙමල කට්ටිය හම්බවෙන්න තිබුන එක නවත්තල සිංගප්පුරුවෙන් නොගිය එක? එ්කත් බොරුවක්ද? (නදී)
මන් කියනවා අහගෙන එල්.ටී.ටී තහනම ඉවත් කලෙත් රනිල් කියලා. එ්කත් බොරුද ? (නදී)
මුදිතා හිතාගෙන ඉන්නේ යුරෝපා සංගමය රනිල්ගේ බුදලයක් කියලද? දැන්වත් අයි.ටී.එන් ප්‍රවෘත්ති බලන එක නවත්තන්ඩ. යුරෝපා සංගමය රටවල් 38ක එකමුතුවක්. එහෙව් අදිකරණයකින් තමා ඔය තීරණය අරන් තියෙන්නේ. සිද්ද වෙලා තියෙන වැඩේ වැරදියි. එ්ක ලංකාවට හොඳ නැහැ. එ්ත් එකට රනිල් පලිද. (නදී)
කාගේවත් නොහැකියාවට රනිල් මහත්තයා පළිද? (නි)
බුද්ධිමත් ජනතාව මීට වඩා සිතිය යුතුයි (නි)
කුමාරි මාකාවිට, රනිල් කොටි කණ්ඩායම් හමුවුණ බවට සත්‍ය තොරතුරු සහ ඡායාරූප ඔබ ළඟ තිබේ නම් ඒවා අදාළ තැන්වලට යවන්න. (නි)
රනිල් මහතා කාලයට ඔබින නායකයෙක්. ලෝකේ පිළිගත් උගත් විනයක් සහ සදාචාරසම්පන්න හොරකම් දුෂණ වංචා නැති අවංක නීතිගරුක නායකයෙක්. මෙතුමාගේ සේවය ලබාගන්න අපි පින්කර නැත. එය රටේ අවාසනාවකි. (නි)
එ් වුණාට කොටිතහනම ඉවත් කරන්න සිදුවුණේ වෙන වෙන හේතු නිසා කියලත් කියන කට්ටිය ඉන්නවා නේද? (නි)
අනේ අම්මෝ! මුදිතා වගේ අයනේ ලංකාවේ වැඩිහරියක් ඉන්නේ (නි)
රුෂාන්, වැරැද්ද රනිල්ගේ නෙමෙයි, එජාප ක්‍රමවේදයේයි. යුරෝපා සංගමයේ තීරණ රජය අපහසුතාවයට පත්කිරීමට හෝ එජාපයට වාසි සහගත තත්වයක් ඇතිවන පරිදි පදනම් වී ඇති බව අපිට තේරෙනවා. එල්ටීටීඊ තහනම ඉවත්කිරීම ලක් රජය අපහසුතාවයට පත්කිරීමට කළ දෙයක්. (නි)
මුදිතා කොහේ ඉන්න කෙනෙක්ද? රනිල් කියන දේ යුරෝපය අහනවා නම් මොනවා කරන්න බැරිද? (නි)
ඔය කට්ටිය මම දන්නවා. (නි)
මුදිතා , පිටරටවල අධිකරණ එක එක්කෙනාට ඕනෑ තීරණ දෙන්නේ නැහැ. ඒවා ස්වාධීනයි (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ලංකාවේ තරම් ඉක්මනින් ඇඳගන්න සහ අන්දන්න පුළුවන් ජාතියක් ලෝකයේ වෙන ඉන්නවද කියලා මට නම් සැකයි. (නි)
මෙවැනි බොරු ප්‍රචාරය කරන, මහජනයා මුලාකරන අය පරාජය කරන්න මහ ජනතාවට මෙය හොඳම ශාක්ෂියක් වනු ඇත. (නි)
මඩ අනුන්ට විසිකරන විට තමන්ගේ ශරීරයේත් තැවරෙනවා (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල්. රෑ වැටුණු වළේ දවල් වැටෙයිද? පැණි රස කනකොට කනකොට කනකොට තිත්ත වෙනවලු. සත්‍යය කවදාහෝ ජයගනු නියතයි. එතෙක් බලා සිටිමු (නි)
දකුණු අප්‍රිකාවේ රම්ෆොසා සමඟ කොටින්ගේ ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු කළේ කවුද එතකොට? (නි)
කොහොම වුණත් බල ලෝබය නිසා ජාතිය පාවා දීම සිංහලයා තුල එදත් තිබුණා . අදත් තියනවා. (අ)
ඇයි වගකිවයුත්තන් කතානැත්තේ? (නි)
කුමාරි, මම දන්නවා ඔබතුමිය ගැන.මමත් ඉන්නේ ඔහේ තමයි.කරුණාකරලා මේ ඡායාරූපයේ ඉන්න ද්‍රවිඩ ජාතිකයින් කවුද කියලා කියන්න.මේකේ ඉන්නේ ඔක්කොම සිංහල පුද්ගලයෝ.නිකම් බොරුවට කතා හදන්න එපා. (නි)
රනිල් මහත්තයට ජනවාරියේ සධාරණයක් ඉටුකරන්න තමා රටම බලන් ඉන්නේ.....ආණ්ඩුවට රැවටුන කාලය ඉවරවෙලා ගොඩක් කල්...(අ)
මම එකක් නම් හොඳින්ම දන්නවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ' හොරෙක් ' නොවෙයි. ජනතාවගේ සල්ලි හොරකම්කළ නායකයෙක් නොවෙයි. එය විශේෂයි. (නි)
මොකක්ද හැබෑටම මේ කතාව? (නි)
ඉතින් එම අවන්හල අයිති ශ්‍රී ලාංකික යුවලගෙන් ඇත්ත දැනගන්න පුලුවන්නේ! (නි)
කුමාරි, දැන් එංගලන්තයේ කඩේ යන වැඩේට පත් වෙලා ඉන්නේ ඔයා වගේ පේනවා. (බ)
කුමාරි, නිකන් බොරු කියන්න එපා.අපි ඉන්නෙත් ඔහේ තමයි. එම අවන්හල අයිති ශ්‍රී ලාංකික යුවලගෙන් ඇත්ත දැනගන්න (නි)
ගහන්න තිබෙන හැම මඩක්ම ගහනවා. තවම කියාගන්න බැරි වුනේ මේ මනුස්සයාගේ හත්මුතු පරම්පරාව කොටි කියල විතරයි. (බ)
දේශපාලන වාසිපතා කරන මේ වගේ මඩ ප්‍රචාර හරිම අප්‍රසන්නයි (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
තමන් නිවැරදි නම් මොකටද බයවෙන්නේ? (නි)
එයා කවුද කියලා හැමෝම දන්නවා (නි)
ඔච්චරට දේවල් හොයපු අයට ඇයි බැරිවුණේ ඔය ඡායාරූපයේ ඉන්න රනිල් හැර අනෙක් අයගේ නම් හොයන්න? ඕක බොරු මඩ ගැහිල්ලක් බව ඒකෙන්ම තේරෙනවා. මේ වගේ වැඩ අපේ සමහරක් ඇත්ත කියලා පිළිගන්නට තරම් මෝඩයි (නි)
මඩ නාගන්න මඩ වළට බහින්නේ මොකටද? (නි)
අපිට, රටට ජාතික නායකත්ත්වයක් අවශ්‍යයි. අපි හැමෝම ඒ වෙනුවෙන් එකතුවෙමු. (නි)
කවුරු කවුරුත් බලයට එනතුරු කියන්න පුළුවන් හැම සින්දුවම කියනවා. ගහන්න පුළුවන් හැම බෙර පදයම ගහනවා. නටන්න පුළුවන් හැම නැටුමම නටනවා. (නි)
කොහොමත් දේශපාලකයින් මෙවැනි ඡායාරූප වලට හරි බයයි (නි)
මේ ඡායාරූපයේ ද්‍රවිඩ ජාතිකයින් හිටියත් එහි වරදක් තියෙනවද කියලා දැනගන්න මම කැමතියි. (නි)
කාගේහරි ළඟ තව තව ඡායාරූප තියෙනවා නම් එවන්නකෝ. (නි)
ඔහු ඇත්තෙන්ම හොඳ පුද්ගලයෙක් (නි)
රනිල් වැනි අවංක නායකයෙක් තවත් ඉන්නවා නම් කියන්නකෝ, මේ රටේ (නි)
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
දෙමළ ඩයස්පෝරාව හමුවීම මඩගැසීමට තරම් දෙයක්ද? (නි)
ඕවා පතුරවන්නේ පරාජිත දේශපාලක නපුංසකයෝ. (නදී)
යුරෝපා සංගමයට බලපෑම් කරලා කොටි තහනම ඉවත් කරන්න රනිල්ට පුළුවන් වුණා නම් ඔහු ලෝකයේම මහා බලවත් නායකයෙක් වෙන්න ඕනෑ. එහෙනම් ඔහුට පුළුවන් වෙයි ජිනීවා හුටපටෙත් බොහොම ලේසියෙන් විසඳාගන්න නේද? ඇයි එහෙම හිතන්නේ නැත්තේ? උන්නැහේට මඩ ගහන්නේ අපහාස කරන්නේ වෙන කිසිම දෙයක් නිසා නොවෙයි, බය හින්දා! (නි)
මේ ඡායාරූපයේ වරදක් තිබේද? (නි)