IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මඩ චිත්‍රපටයක් අල්ලයි

ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කර හඬ කැවීමට ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන චිත්‍රපටයක් නාරාහේන්පිට නිවසකදී හඬ කවමින් සිටියදී උතුරේ 5 දෙනකු ද සිංහල තිදෙනකු ද සමග අද අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම වැනි කරුණක් සඳහා මෙම චිත්‍රපයට හඬකවන්නට ඇතැයි කියන පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා පොලිස් ඇප මත මුදාහළ බව කීය.

මෙම චිත්‍රපටයට සිංහලයෙන් හඬ කවන්නට සිංහලයන් යෙදා ගෙන ඇතැයි දැනගන්නට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු කලකට ඉහතදී ඉන්දියාවේ පදිංචිව සිටි බවත්  තිදෙනකු යුධ සමයේ උතුරේ සිට ඇතැයි පොලිසිය කියයි.

උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදු විය. සැකකරුවන් සහ ‘චිත්‍රපට නිෂ්පාදනාගාරයේ‘ උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම චිත්‍රපටය චැනල් 4  චිත්‍රපටයේම දිගුවක් විය හැකි බව පොලිසිය අනුමාන කරයි.



අදහස් (0)

මඩ චිත්‍රපටයක් අල්ලයි

සම්පත් Sunday, 29 March 2015 05:23 AM

දැඩි දඩුවම් දිය යුතුයි (දිල්)

:       0       0

ඇසළ Sunday, 29 March 2015 06:52 AM

සිංහලයෙකුට යාපනේ ගිහින් මෙවැනි දෙයක් කරන්න පුලුවන්ද ? යහපාලනේ කියන්නේ මේකට තමයි. (දිල්)

:       0       0

ප්‍රශානී Sunday, 29 March 2015 08:10 AM

ප්‍රධාන නළුවා හා නිළිය කවුද (දිල්)

:       0       0

සොපී Sunday, 29 March 2015 08:15 AM

මේ වගේ අයට නීතී පොතේ දඩුවම් විතරක් මදි (දිල්)

:       0       0

යහම්පත් Sunday, 29 March 2015 09:55 AM

දඬුවම් කල යුත්තේ අර දමිළයන්ට නොව එයට සහය දුන් සිංහලයනටය , මුදල් වෙනුවෙන් තම රට ජාතිය ආගම පාවා දෙන සිහලුන් , ජාති ද්‍රෝහින්ය (ම)

:       0       0

වසන්ත Saturday, 28 March 2015 12:50 PM

ඔවුන් රට හැර යයි. (ත)

:       0       0

මානෙල් ධම්මිකා Saturday, 28 March 2015 01:36 PM

පසුගිය දවස්වල චැනල් ෆෝ ලංකාවට ඇවිත් ගියේ නිකන් නොවෙයි. (ත)

:       0       0

රුවුන් රාජපක්ෂ Saturday, 28 March 2015 03:09 PM

මරණ දඬුවම දිය යුතුයි. (ත)

:       0       0

ප්‍රියංකර Saturday, 28 March 2015 04:18 PM

දේශද්‍රෝහින්ට සමාව දෙන්න එපා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site