ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කර හඬ කැවීමට ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන චිත්‍රපටයක් නාරාහේන්පිට නිවසකදී හඬ කවමින් සිටියදී උතුරේ 5 දෙනකු ද සිංහල තිදෙනකු ද සමග අද අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම වැනි කරුණක් සඳහා මෙම චිත්‍රපයට හඬකවන්නට ඇතැයි කියන පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා පොලිස් ඇප මත මුදාහළ බව කීය.
මෙම චිත්‍රපටයට සිංහලයෙන් හඬ කවන්නට සිංහලයන් යෙදා ගෙන ඇතැයි දැනගන්නට තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු කලකට ඉහතදී ඉන්දියාවේ පදිංචිව සිටි බවත් තිදෙනකු යුධ සමයේ උතුරේ සිට ඇතැයි පොලිසිය කියයි.
උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදු විය. සැකකරුවන් සහ ‘චිත්‍රපට නිෂ්පාදනාගාරයේ‘ උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම චිත්‍රපටය චැනල් 4 චිත්‍රපටයේම දිගුවක් විය හැකි බව පොලිසිය අනුමාන කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඩුවම් දිය යුතුයි (දිල්)
සිංහලයෙකුට යාපනේ ගිහින් මෙවැනි දෙයක් කරන්න පුලුවන්ද ? යහපාලනේ කියන්නේ මේකට තමයි. (දිල්)
ප්‍රධාන නළුවා හා නිළිය කවුද (දිල්)
මේ වගේ අයට නීතී පොතේ දඩුවම් විතරක් මදි (දිල්)
දඬුවම් කල යුත්තේ අර දමිළයන්ට නොව එයට සහය දුන් සිංහලයනටය , මුදල් වෙනුවෙන් තම රට ජාතිය ආගම පාවා දෙන සිහලුන් , ජාති ද්‍රෝහින්ය (ම)
ඔවුන් රට හැර යයි. (ත)
පසුගිය දවස්වල චැනල් ෆෝ ලංකාවට ඇවිත් ගියේ නිකන් නොවෙයි. (ත)
මරණ දඬුවම දිය යුතුයි. (ත)
දේශද්‍රෝහින්ට සමාව දෙන්න එපා. (ත)