IMG-LOGO

මෙට්රාෂ් 2 ඇප්ලිකේෂනයට තවත් භාෂා 4 ක් අලුතින් එක්වෙයි

Metrash

 

අභ්‍යන්තර අමාත්‍යාංශයේ මෙට්රාෂ් 2 මොබයිල් ඇප්ලිකේෂනයේ නව සංස්කරණයට ප්‍රංශ, ස්පාක්‍ද්ක්‍ද, උර්දු සහ මලයාලම් යන අමතර භාෂාවන් 4 ක් එක් කිරීමත් සමගින් ඉන් විදේශිකයන් වැඩි පිරිසකට සේවා සළසා ගැනීමේ පහසුව ලැබී ඇත.


අභ්‍යන්තර අමාත්‍යංශය විසින් මෙට්රාෂ් 2 හරහා ලබාදෙන සියලුම සේවාවන් දැන් අරාබි සහ ඉංග්‍රීසි භාෂාවද ඇතුළුව භාෂා 6 කින් ලබාගැනීමේ හැකියාව ඇත.


මෙට්රාෂ් 2 වෙතින් ඇනරොයිඞ් සහ අයිඕඑස් ජංගම දුරකථන හරහා ඊ-සේවාවන් 120 කට වැඩියෙන් ලබාදෙන අතර මේ සේවාවන් බහුතරයකටම ඉලෙක්ට්‍රොනිකව ප්‍රවේශ වී සම්පූර්ණ කිරීමේ පහසුව හිමිවෙයි. එවිට එම සේවා ලබාගැනීම සඳහා අභ්‍යන්තර අමාත්‍යාංශයේ සේවා මධ්‍යස්ථාන වෙත ළඟාවීමට අවශ්‍ය නැත.


මෙම සේවාවන්ට නේවාසික බලපත්‍ර, ඇතුළු වීමේ වීසා, රටින් පිටවීමේ බලපත් සහ ආපසු පිටව යාමේ වීසා මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවට අදාළ සේවාවන්ද වෙයි.


“අමතර භාෂාවන් 4 ක් එක් කිරීමත් සමග සියලුම ඇයැදුම්පත්  භාෂා 6 කින් ලබාගන්න පුළුවන් නිසා මෙට්රාෂ් 2 ඇප්ලිකේෂනයට විශාල පිරිසකට ප්‍රවේශ වීමේ හැකියාව ලැබී තිබෙනවා” යනුවෙන් පවසන්නේ තොරතුරු පද්ධති අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් බි්‍රගේඩියර් අබ්දුල් රහ්මාන් අල් මලිකි මහතා ය.


“දැන් මෙට්රාෂ් 2 ග්‍රාහකයන් ගණන 241,000 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මීට තනි තනි පුද්ගලයන් මෙන්ම සමාගම්ද අයත්. මෙට්රාෂ් 2 ඇප් එක හරහා සේවාවන් 120 ක් පමණ ඉලෙක්ට්‍රොනිකව ලබාගැනීමේ හැකියාව තියෙනවා” යැයි ඔහු පවසයි.


මේ වන විට ගනුදෙනු විශාල ප්‍රමාණයක් මෙට්රාෂ්2 හරහා සම්පූර්ණ කරගන්නා බවද බි්‍රගේඩියර්වරයා පවසයි.



අදහස් (0)

මෙට්රාෂ් 2 ඇප්ලිකේෂනයට තවත් භාෂා 4 ක් අලුතින් එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 420 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 756 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site