(ඩී.ජී.සුගතපාල)

ළමා අපයොජන කිරිම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින උණවටුන මැටරඹ දේවාලයේ බටගොඩගේ කිර්ති කුමාර කපුවාට දඬුවම් ඉල්ලා සර්ව ආගමික නායකයෝ සහ සමාජ ක්‍රයාකාරීහු ගාල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ.

ළමා අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් ගතව සිටින සැකකරු  අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද උදෑසන රැගෙන ආ අවස්ථාවේ සර්ව ආගමික නායකයියෝ සහ සමාජ ක්‍රියාකාරිහු දෙමව්පියෝ ඇතුලු පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් නිතර වූහ

ළමා අපයෝජකයොන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙසත් සැකකාර කපුවාට ආරක්ෂාව ලබාදුන් පොලිස් නිලධාරින් හෙලි කරන ලෙසත් දරුවන් විකුණා රැස්කල ධනය රාජසන්තක කරන ලෙසත් විරෝධතාවයට එක්වු පිරිස් ඉල්ලා සිටියහ.