මෝටර් රථ අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ජපානයේ සිට නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් මෝටර් රථ 4ක් රේගු මධ්‍යම විමර්ශන අංශය මගින් අද (6) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

ඒවා ගෙන්වූ බව කියන මාරවිල ව්‍යාපාරිකයකු ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව රේගුව සඳහන් කරයි.