එන්ජින් ධාරිතාව 1000 – 1500 දක්වා වන මෝටර් රථවල හා ත්‍රී රෝද රථවලට අයකරන බදු ගාස්තුව බ්‍රහස්පතින්දා (26) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම බදු රුපියල් මිලියන 2.6 සිට රුපියල් මිලියන 3 දක්වා වැඩිවී ඇතැයි කියති. ටොයෝටා ප්‍රියස් රථයක මිල රුපියල් මිලියන 3.3 සිට 7.7ක් දක්වා ඉහළ යන බව ඔවුහු කියති.
මෑත ඉතිහාසයේ වාහන මිල ගණන් මෙතරම් ඉහළ ගිය මුල්ම අවස්ථාව මෙය බවද වාහන අපනයනකරුවෝ කියති.
නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් මෝටර් රථවල තීදු බදු රුපියල් මිලියන 2.9 සිට 1.7 දක්වා පහත වැටී ඇත. ලොරි, බස් හා වෑන් ආදියේ බදු වැඩිවී නැති බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු එකට දෙකක් ඉහළ දැම්මත් කාරි නැහැ අපේම කියලා නිෂ්පාදනයක් රට තුළ නිපදවනවා නම්. (නි)
හැමෝම මේ ආණ්ඩුවේ බොරු වලට රැවටුනා! (නි)
ලොකු ලොකු අයට මිලියන ගණන් වල වාහන නොමිලේ. අපිට? එන්නකො ආයේ ඡන්දෙ ඉල්ලන්න. (නි)
ඔන්න ඉතින් යහපාලුවන්ගේ වැඩ නැවත පෙන්නලා. එදා වේල අමාරුවෙන් හම්බකරගෙන කන මිනිසුන්ට බඩේ පහර ගහලා (නි)
යහපාලනය ගැන දැන් මොකද හිතෙන්නේ? (නි)
මේකේ අදහස් දාන කුහකයෝ නිසාන් ලිප් එක අඩුවීම ගැන මොකුත් කියන්නේ නැහැ. අනේ මෙයාලා ගන්න කාර්! ගන්න අය කීයක් වැඩිවුණත් ගන්නවා (නි)
බණ්ඩාර, ඔයා වගේ හිතන අය මේ රටට වාසනාවන්. (නි)
වාහන මිල වැඩිවෙන එක බොහොම හොඳයි. පරිසර දූෂණය නවතාගන්න හොඳ වැඩක් (නි)
අපේ කුලියාපිටියේ කර්මාන්ත ශාලාවේ වැඩ පටන්ගත්ත විගසින් කාර්වල මිල අඩුකරයි (නි)
රනිල්ලා එක සැරයක් බලයට අාවහම නැවත වසර 20 ක් බලයට එන්න බැරිවෙන්න වැඩ කරගන්නවා. (නි)
මිනිසුන්ගේ ආශාවන් වලට වැට බඳින ආණ්ඩුවකට වැඩිකල් පැවැත්මක් නැහැ. (නි)
මගේ අම්මෝ! තිබෙන එක පරිස්සම් කරගන්න එක තමයි ලොකුම දේ. (නි)
මගේ අම්මෝ තිබෙන එක පරිස්සම් කර ගන්න එක තමෙයි ලොකුම දේ. අරගොල්ලන්ගේ බද්ද 1750 ලු නේද? (බ)
සාමාන්‍ය මධ්‍යම පැලැන්තියට සහ රටට අාදායම් සොයා දෙන අයට තමයි මේ බදු වැඩිවීම. අනිත් අයට බදු නැතිමකරලා දැම්මා. ඔන්න බොලේ මේකට තමයි කියන්නේ යහපාලනය කියලා. මේ වචනයේ තේරුම දැන් තමා ටික ටික වැටහෙන්නේ. (නි)
හරිම හොඳ වැඩක්. ත්‍රීරෝද වලට තමයි වැඩි කරන්න ඕනෑ. පාරක යන්න බැහැ මේ අය නිසා. පොඩි තදබදය ලොකු කරන්නේ මේ ත්‍රීරෝද සහ යතුරුපැදි (නි)
අනේ අනිච්චං, කාර් ලාබ කරනවා, අපි වගේ පොඩි මිනිස්සුන්ටත් කාර් ගන්න පුළුවන් කරනවා කිව්ව අපේ යහපාලන ආණ්ඩුව! දැන් මක්කද කොරන්නේ? (බ)
බදු වැඩිකිරීම ගැන මට නම් ප්‍රශ්නයක් නැහැ. යමක් පාලනය කරන්න මෙහෙම බදු ගහනවා ඇති. නමුත් අාදායමක් ගන්න නම් මෙහෙම බදු වලින් වැඩක් නැහැ. මගේ ප්‍රශ්නය, අපිට මෙහෙම බදු ගහලා, මන්ත්‍රීවරුන්ට ලක්ෂ 300-400 වටිනා වාහන නිකම් හෝ, නිකම් වගේ බලපත්‍ර වලට දෙන්නේ ඇයි? මෙහෙම ජනතාව රවටන්න මන්ත්‍රීවරුන්ට තියෙන අයිතිය මොකක්ද? (නි)
හිතෙන්නේ නැද්ද මෙහෙම දෙයක්? හෙට අනිද්දම පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට පර්මිට් එක දෙනවා. එයාලා ගෙන්වන වාහන වල බද්ද ලක්ෂ 300-400 අතර. අඩුම ගන්නේ ලක්ෂ 200-250 ට පර්මිට් එක විකුණා ගන්න අවස්ථාව ලැබෙයි නේද? ගෙදර පාවිච්චියට නම් අපේ ගානේ අමාත්‍යංශ වාහන තියෙනවානේ (නි)
අනේ මගෙ කට! (නි)
විට්ස් ලක්ෂ 6.8කින් නැවත ගණන් අඩුකරලා. පැසෝ ලක්ෂ 5 කින් අඩුකරලා.විසල් ෂටල් ඉන්සයිට් වගේ හයිබිඩ් නැවත ගණන් අඩුකරලා. ලී්‍ෆ් ඉලෙක්ට්‍රික් නැවත අඩුකරලා. මේපාර සරදියෙල් අයවැයක් අැවිල්ලා තියෙන්නේ. හැබැයි පෝසත් අයගේ වාහන ඹයවගේ වැඩිවෙලා තමයි. වාහන අලෙවි කරන සමාගම්වලට අාදායම අඩුවෙනවා තමයි. (බ)
මේ තමයි අපි බලාපොරොත්තු වුන වෙනස! (බ)
මේ ජෝඩුව වැඩේ නියමෙට දෙනවා (බ)
කාර් ගන්න හිතන් ඡන්දෙ දුන්නු අයට දැන් කාර් තියා ත්‍රිවිලයක්වත් ගන්න බෑ. ඉතින් අගමැතිට මිලියන 6000 වාහන, විදානේ ඇමතිලට මිලියන 750 වාහන, අනිත් ඇමතිලට මිලියන 300-400 වාහන දෙන්නනම් ඡන්දෙ දීපු අයගෙන් මෙහෙම බදු ගහන්න වෙනවා තමයි. (බ)
මට නම් සතුටුයි. ඉන්දියන් ඒවා වැඩිවෙලා නැහැනේ. අපි වගේ පොඩි මිනිසුන්ට ඉන්දියන් තමයි මහත්තයෝ (නි)
අර අක්ක කෝ දැන් කාර් එකක් ගන්න හිටිය අනේ පව් බොරු වලට අපිත් රැවටුනා (බ)
අනිල්, ගිය ආණ්ඩුවට ඡන්දේ දීලා ගහපු බදු වලටත් අපි පවු ගෙවුවා. මේ ආණ්ඩුවෙටත් එහෙමයි. තවම ජනතා ආණ්ඩුවක් නැහැ. ඒ නිසා ඔය වගේ බයිලා කතා සාධාරණ නැහැ. සියල්ලම කාලීන හේතු සාධක එක්ක බැලිය යුතුයි. (නි)
මෙය සාමාන්‍යකරණය නොකරන්න මන්ද? පොහොර මිල වැඩි වෙනකොට රජයට පක්ෂපාති අය කලින්ම උද්ඝෝෂණ කළා. පසුගිය රජය කරන්න ගත් වැඩත් නැහැ, අළුත් වැඩත් නැහැ. සෑම භාණ්ඩයකම මිල විතරක් වැඩියි (නි)
මෙයාලා කොහොමත් ඉන්නේ ටික කාලයක් හින්දා එම කාලෙට පොඩි මිනිහට දෙන්න තියෙන සේරම දඬුවම් දීලා වගෙයි යන්නේ. (නි)
මේ ගෙවෙන්නේ ගුණයක් නැති ජාතියකට කළකම් පළදෙන කාලයක්. (නි)
දේවසිරි හරියටම හරි (නි)
මයික්‍රෝ ගැන කතාකරපු නිසා කියන්නේ, ඇත්තටම ඕක කරන්නේ රටට හානියක්. ජපන් වාහනයක් අවුරුදු තිහකට වැඩිය පවතිනවා. මයික්‍රෝ වැඩිම වුණොත් අවුරුදු දහයයි. නඩත්තු වියදමත් වැඩියි. සමස්තයක් වශයෙන් ගත්තම රටට පාඩුයි. (නි)
මෙතන අදහස් දාන වැඩිදෙනෙකුට ආර්ථිකය ගැන දැනුමක් නැහැ. මහරජ ගත්ත ණය ගෙවලා අයවැය පරතරය නැතිකරනතුරු ලංකාව සංවර්ධිත රටක් කරන්න බැහැ. හැමදේම පෙනෙන්න තිබුනත් දියුණුව ඔප්පුකරන්නේ නැතුව හැමදාම සංවර්ධනය වන රටක් කිය කියා ඉන්න බැහැ. ඒ නිසා පටි තද කරගන්න. යහපාලනයට බැනලා වැඩක් නැහැ (නි)
එන්ජින් ධාරිතාව 1000 – 1500 දක්වා වන මෝටර් රථ වලට වැඩි බදු අය කළාට කමක් නැහැ. එහෙත් ත්‍රී රෝද රථ වලට බදු වැඩි කළොත් එය පොදු ජනයාට, විශේෂයෙන් එමගින් රැකියාව කරන අයට බලවත් ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දෙමුහුන් රථයක් වන ප්‍රියස් රථයක මිල දෙගුණයකින් වැඩි වුනෙත් නිසාන් ලීෆ් රියක බදු මිල අඩු වුනෙත් කොහොමද ? (බ)
මේ දේ යහපාලන ආණ්ඩුව කලින්ම කරන්න තිබුණු බොහොම හොද වැඩක් .,එතකොට අපේ ලංකාවේ හදන මයික්‍රෝ කාර් එකට හොද වටිනාකමක් ලැබෙයි. (බ)
පුදුම ආණ්ඩුවක් මේක.....හම්බ කරගත්ත මුදලින් කාර් එකක් ගන්න හිතුව එ්කත් කෑවා (බ)
කවුද කිව්වේ බණ්ඩාර මයික්‍රෝ හදන්නේ ලංකාවේ කියලා? (නි)
අපි වාහන තියා අපේ රබර් වලින් මකන කෑල්ලක්වත්, මිනිරන් වලින් පැන්සලක්වත් හදන්නේ නැහැ. වැඩිය තියා ගෙදර පොල්ගාන්න හිරමනයක්වත් තිබුනත් වෙලාවක් නැහැ. හැබැයි නිකන් දෙනවා නම් ඕනෑදෙයක්. අපේ බොහොම උජාරුවට කියන ස්වයං රැකියා වලින් රටට නව නිෂ්පාදනයක් නැහැ. (නි)
මීට වසර එකහමාරකට කලින් සීඝ්‍ර දියුණුවක් තිබුණු රට අද යුද්ධය තිබුණුදාටත් වඩා අසරණ වෙලා! මේ විදිහට තවත් වසර 4 යනකොට අපිට ඉතියෝපියාවේ පදිංචිවෙන්න වෙයි. (නි)
ත්‍රිරෝද රථ වලට බදු වැඩිකළාට කමක් නැහැ. ත්‍රිරෝද රථ නිසා පාරවල් හොඳටම අවහිර වෙනවා. ඉස්සර පැය භාගෙන් ගිය ගමනට දැන් පැයකට වැඩිය ගතවෙනවා. තව ටික කාලයකින් ඒ ගමනට පැය දෙකක් විතර යයි ත්‍රිරෝද ගෙනල්ලා පාරවල් තවත් පිරෙව්වොත්. (නි)
ඇල්ටෝත් වැඩි වෙනවද?
බණ්ඩාර හරිම බුද්ධිමතෙක්නේ. ඔයා මයික්‍රෝ කාර් ගත් කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ (නි)
නන්දලාල්, ත්‍රීරෝද වලට තම වැඩි කරන්න ඕනෑ. රටේ තිබෙන වැරදි වැඩ ඔක්කම කරන්නේ මේවාවල. පාසැල අවසන්වුණ ගමන් යන්නේ ත්‍රීරෝද එළවන්න. අනෙක් කර්මාන්ත වලට වැඩට මිනිස්සු නැහැ (නි)
ලාබෙට කාර් එකක් ගන්න යහපාලනයට ඡන්දෙ දෙන්න කියපු අක්කා දැන් මොකද කියන්නේ? අපි සේරම අමාරුවේ දැම්මා (නි)
දැන් ඉතින් වාහන ගන්නවා බොරු (නි)
ලංකාවේ හදන මයික්‍රෝ? බණ්ඩාර, ඕකේ මොනවද ලංකාවේ හදන්නේ? නට් එකක්, බෝල්ට් එකක්? වාහනේ කෑලි ගළවලා ගෙනල්ලා නැවත මෙහෙ සම්පුර්ණයෙන් අමුණනවා. ලංකාවේ හදන?? (නි)
ඔව් ඔව් බණ්ඩාර, ලැබෙයි මෙහෙම යනකොට (නි)
අර කාර් ගන්න හිටපු කාන්තාවන්ගේ හීන ...? ඔබට සතුටුද දැන්? (නි)
නන්දලාල් ද සිල්වා, විදුලියන් පමණක් වැඩකරන වාහන වලට බදු අඩුකර ඇත (නි)
වාහන තදබදයට හොද විසදුමක්.ඇල්ටෝ වැඩි වෙන්න නැ.(ම)
හරිනම් ක්‍රමයක් ගෙනෙන්න ඕනෑ ආණ්ඩුවට ඡන්දෙ දීපු උදවියට විතරක් මේ බදු වැඩිවීම් බලපාන විදියට. එයාලගේ වැඩ වලට මුළු රටේම මිනිස්සු වන්දි ගෙවන්න එපැයි මේ යන විදියට. (නි)
ඔබට සතුටුද දැන්? (නි)
කළගුණ නොදත් ජාතියට මෙහෙම වෙලා මදි (නි)
මේ රට යන විදිය ගැන හරිම කණගාටුයි. ආණ්ඩු මාරුවන විට වාහන බදු ඉතාම වැරදි විදියට සංශෝධනය කරනවා. කිසිදු සාමාන්‍ය මිනිහෙකුට වාහනයක් පිළිබඳ අරමුණක් තියාගන්න බැහැ. මේ සඳහා හොඳම ක්‍රමය බස් ගාස්තු ඉතාම අවම කර එය සේවාවක් පමණක් කර මගීන් එයට හුරුකිරීමයි. 2022 වනවිට මා අනුමාන කරනවා ත්‍රී රෝද රථ මෙරට මගී ප්‍රවාහනයට යොදා නොගනීවි කියලා (නි)
දැන් ඉතින් ජීවත්වෙනවාටත් ගානක් ගෙවන්න වෙන කාලයක්. ඡන්දෙ ගත්තේ කොහොමද කියලා හිතන්නෙවත් නැහැ. අාර්ථිකය වට්ටලම දැම්මා. අායෙත් ඡන්දයක් තිබුණොත් නම් බලය ගන්නවා බොරු. (නි)
දැන් අඬලා වැඩක් නැහැ. රනිල් මීට ඉස්සර දවසක තරුණ තරුණියන්ට බ්‍රේස්ලට් දුන්නා. දැන් අඩු ගානකට කාර් දුන්නා. සැපයි නේද වෙනස?? (නි)
යහපාලනය ගැන කුමක් කියමුද? (නි)
මොන කරුමෙකට මේ රටේ අපි ඉපදුනාද මන්දා? (නි)
ජේ.ආර්.ජයවර්ධන මහතාට පමණයි සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගතහැකි මට්ටමකට වාහන මිල පවත්වාගෙන යා හැකිවුයේ. මේ රටේ එදා වාහන නොතිබුන නිසා එදා ඒක සාධාරණයි. ඒ ක්‍රමය දිගටම අදටත් යන නිසා වාහන මිල වැඩිකළාට මන්ත්‍රීවරුන්ට දැනෙන්නේ නැහැ. එදා රු.ලක්ෂයේ ජීප් රථය අවුරුදු තිස් ගණනක් පාවිච්චි කරලත් අද රුපියල් ලක්ෂ 5ක් පමණ වෙනවා. ඔන්න අපේ රටේ වාහන මිල ගණන් වැඩිවුණ තරම. (නි)
මේගොල්ලන්ගේ තියෙන්නේ සුමාන ගණන් වලට වෙනස් කරන ආර්ථික ප්‍රතිපත්ති. 1500න් එහා පදින්නේ සල්ලි කාරයෝ. ඔවුන්ගේ මිනිස්සු ටිකත් බේරාගත්ත. කොහොමද ආර්ථක ප්‍රතිපත්ති. (නි)
අනේ නියමයිනේ! දැන් බලන්නකො අපේ ලංකාවේ අරුම! (නි)
මහජනතාව දැන් මේවට ඉවසලා නිදාගෙන හිටියා ඇති. පාරට බැහැලා උද්ඝෝෂණය කළයුතුයි. අපිත් ඡන්දෙ දුන්නා රැවටිලා. වාහනයක් ගන්න බලාපොරොතුවෙන් සිටි අයගේ සංවිධානයක් හදා වාහන මිල පහල දමනතුරු උද්ඝෝෂණය කළයුතුයි (නි)
අදහස් උදහස් කෙසේ වෙතත් කාර් ගණන් යාම හිතට අමාරු , චන්දෙ නම් දුන්නේ නැහැ (රේ)
ඔබට සතුටු ඉ ද දැන් (රේ)
ත්‍රී රෝද රථ ගෙන්වන එක නවත්වනවා නම් හොඳයි. මම ප්‍රවාහන ඇමති වුණා නම් දැනට ත්‍රී රෝද රථ තියෙන අයගේ ත්‍රී රෝද රථ පවතින තක්සේරු මිලට රජය මැදිහත්වෙලා මිලදී ගන්නවා. ඒ අයට තීරු බදු රහිතව රුපියල් ලක්ෂ 6 ක් වගේ මුදලකට නැනෝ කාර් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙනවා. මිලදී ගන්න ත්‍රී රෝද රථ බංගලිදේශය වගේ රටවල්වලට ප්‍රතිඅපනයනය කරන්න පුළුවන්. (නි)
මේ විදිහට වාහන වලට බදු අයකරන්නේ නැතුව කොහොමද මැති ඇමතිවරුන්ට සුපිරි වාහන ගෙන්වන්නේ? ඒවාට සල්ලි හොයාගන්න තියෙන එකම ලේසිම ක්‍රමය මේක තමයි. (නි)
මේ තියෙන්නේ ලොකු ලොකු වෙනස්කම්. දැන් රටම ඉල්ලපු වෙනසේ ප්‍රතිඵල ලබෙන්න පටන් අරගෙන වගෙයි. (නි)
තිලක් ඩුබායි තාම නිදි ඇති. උන්නේහෙට මේවා පෙනෙන්නේම නැහැ. (නි)
ඉඩ මදි පුංචි රටවල් දියුණු වෙනකොට වාහන ගැනීම නවතන ක්‍රම අනුගමනය කළයුතුයි. එය හරි ක්‍රමයක්. නමුත් මෙතන තියෙන වැරැද්ද මිනිසුන්ට වැදගත් ලෙස යාමට හැකි ලෙස පොදු ප්‍රවාහනය දියුණු නොකර මෙවැනි දේවල් කිරීමයි. (නි)
ඉලක්කම ගැන දැනගත්තට මුදල් ඇමැතිට මිනිස්සු ගැන, ආර්ථිකය ගැන අවබෝධයක් නැ. අගමැතිට කොහොමත් නැ. ඉතින් ඊළඟ ඡන්දෙන් පස්සේ අවරුදු 20ක් 30ක් විපක්ෂේම තමයි. අවුරුදු 68ක් ලෝකෙට ණය වෙච්ච ඒවා එක අවුරුද්දෙන් ගෙවන්න දගලනවා. (බ)
මම යහපාලනයට විරුද්ද කෙනෙක් එත් මේ වාහන මිල ඉහල දැමීම මම දකින්නේ හොද දෙයක් විදියට. විශේෂයෙන්ම ඉන්දියන් තිරෝද රථ ඇත්තටම රටට බරක්. ඒ වගේන ප්රියස් කියන්නේ හැමෝම පදින වහනයක් නෙමෙයි එක නිසා එක එච්චර දැනෙන්නේ නෑ. හැබැයි නිසාන් ලීෆ් එක ලක්ෂ 25- 30 අතර දෙන්න පුලුවන්නම් එක මේ රටට ගොඩක් හොදයි. (රේ)
කාටවත් දොස් කියල වැඩක් නැහැ. ආණ්ඩු පත්වෙන්නෙ ජනතාවගෙ ඡන්දයෙන්. අපේ රටේ බහුතරයක් මිනිස්සු ඡන්දය භාවිතා කරන්නෙත් දේශපාලන මතවාද දරන්නෙත් රට ජාතියේ සුබ සිද්ධිය ගැන හිතල නෙවෙයි. තමන්ගේ පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගැන හිතලා. ඉතින් එවන් ජාතියක ඉරණම තමයි මේ. (බ)
ආනයනකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍යංශයේ කොටසක්ද (බ)
අනිල් දැන් ආණ්ඩුවට ඡන්දෙ දුන්නු අය හොයා ගන්නවත් නෑ (බ)
ජපානයේ ටෝයටා සමාගමත් වාහන කොටස් වෙන වෙනම සැපයුම් කරුවන්ගෙන් ලබාගෙන කොටස් එකලස් කර වාහනයක් නිපදවලා තමයි මෙහාට එවන්නේ,ඉතින් අපේ රටේ තියෙන මයික්‍රෝ සමාගමත් මේදෙමයි කරන්නේ. (කෞ)
මොන පිස්සුවක්ද මේ කරන්නේ වෙන රටවල වාහනවලට බොහොම අඩු ගානක් ගන්නේ ඕනෙම රටක දුප්පත්ම මිනිහගේ ඉඳල පොහොසත් මිනිහ දක්වා හැම කෙනෙකුටම වහනයක් මිලදී ගැනීමේ අය්තියක් තියනවා මේ රජය එය අයිතිය නෙති කරනවා (කෞ)
දුප්පතාගේ ත්‍රීරෝදයත් වැඩිකරලා බඩට ගහන ආණ්ඩුවට ඉක්මනට ගෙදර යන්න ලැබේවා කියලා දෙවියන්ට කියන එකතමයි කරන්නේ අපි (නි)