
(පැතුම් දර්ශන)
ගලෙන්බිදුනුවැව - කැකිරාව මාර්ගයෙ ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගෝමරන්කල්ල පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටි හුරුළු වැවේ වම්ඉවුර ඇළට වැටීමෙන් සිදුවු අනතුරකින් එම මෝටර් රථයෙ ගමන් ගත් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගලෙන්බිදුනුවැව, කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියකු වු ලලිත් ප්‍රසන්න වීරසිංහ සහ 42 එක් දරු පියකු වු ඩීමන් සෙනවිරත්න යන ඥාතිත්වයෙන් මස්සිනාලා දෙදෙනකු බව පොලිසිය කියයි.
කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අවමංගල්‍යය ගෙදරකට සහභාගී වී අවශ්‍යතාවයක් සඳහා ඥාතියකුගේ මෝටර් රථයක් රැගෙන ගලෙන්බිඳුනුවැව නගරයට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
මාර්ගයෙන් ඉවතට පැන ඇති මෝටර් රථය විදුලි රැහැන් කනුවේද හැපි ජලය පිරී තිබූ වම් ඉවුර ඇළට වැටී ඇත්තේ රෝද හතර උඩට සිටින ලෙසටය.
ඒ හේතුවෙන් මියගිය පුද්ගලයන් වාහනයෙන් එලියට ගැනීම සඳහා අනතුර සිදු වූ මාර්ගයෙ විදුලියද විසන්ධි කරවීමට පොලිසියට සීදුවී තිබිණ.
වාහනය තුළ සිරවී සිටි පුද්ගලයන් දෙදෙනා පොලීසිය සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා එළියට ගෙන තිබුණ මුත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගය පාලනය කරගන්න බැරිව ගියාද දන්නේ නැහැ. කවුරුවත් හිතලා නැතිව ඇති මේ වගේ දෙයක් වෙයි කියලා. බොහෝම කණගාටුදායක මරණ දෙකක්. ඔවුන්ට නිවන් සුව පතමි...!