මීටියාගොඩ ව්‍යාපාරික යුවළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට බාරවූ සැකකරුවන් දෙදෙනා ලබන මාර්තු 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය අද (12) නියෝග කළාය.
මියගිය යුවළගේ දරුවන් ඇතුළු සාක්කිකරුවන් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙරිණි.
ප්‍රධාන සැකකරුවන්ට අනුබල දීමේ චෝදනාව මත අම්බලන්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගත් විල්තෙර මල්ලවආරච්චි රොහාන් මංජු හෙට දක්වා රිමාන්ඩ් කළ අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර තිබූ අනෙක් සැකකරුවන් දෙදෙනා වන මහදුර නලින් වසන්ත සහ ජග්ගුරාළලාගේ සුපුන් අරවින්ද නොහොත් කුඩු අරවින්ද 19 වැනිදා තෙක් රිමාන්ඩ් කෙරිණි.
ඡායාරූප - දීපාල් ද සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මුහුණ වහගෙන? ලැජ්ජද? (නි)
මුහුණ දැක්කොත් පවුලේ අයගේ තත්වයට හොඳ නැතුව ඇති. ඒකයි මුහුණ වහගෙන යන්නේ (නි)
මුන් එල්ලලා මරන්න තියෙන්නේ (බ)
මිනීමරුවෝ වැඩි හරියක් ප්‍රිය කරන පාටක් තමා සුදු පාට ඔවුන් බොහෝවිට ඉන්නේ සුදුපාට ඇදුම් ඇඳලා , මේකේ රහස කුමක්ද? (නදී)
මේ අයව මහජනයාට බාර දෙන්න.(හේ)