මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරිකයා හා ඔහුගේ භාර්යාව මරා දැමීමට පෙර පොලිසියට කළ පැමිණිලි නිසි ලෙස විභාග නොකළැයි එහි අපරාධ අංශයේ ස්ථානාධිපති හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් පරීක්ෂක ප්‍රසන්න මෙන්ඩිස් හා කොස්තාපල් මෙත්තානන්ද එම දෙදෙනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
සුනිල් ශාන්ත මල්ලියාවඩු හා ප්‍රියංගනී මහදුර යන ව්‍යාපාරික යුවළ පසුගිය පළවැනිදා මරා දමනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කතාකරන්නේ පසුගිය රජය කාලයේ මේ රටේ මිනීමැරුනේ නැතුවා වගෙයි (නි)
පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රථමයෙන්ම සකසන්න. එතකොට රට 50%ක්ම හැදිලා. (නි)
අපේ පොලිසිය අකර්නම්‍ය වී ඇති බව බොහෝ සිද්ධි වලින් පැහැදිලි වෙනවා. විශේෂයෙන් 119 කථාකර පොලිසියට ගියාම ඒක 119 හරහාම කරගන්නා ලෙසත් 119 වලට දැනුම් දී පොලිසියට ආවේ ඇයිදැයි ප්‍රශ්න කරනවා විතරක් නොවෙයි පොලිසිය ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේම නෑ. සල්ලි හෝ දේශපාලන බලය තියනවානම් පොලිසිය තියනවා. ඒවා නැති මිනිසුන්ට අබ සරණයි. (බ)
පොලිසියට දේශපාලඥයින්ගේ ඇඟිලි ගැසීම් වහාම නවත්වන්න. (නි)
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පොලිසියේ පොත්පත් පරීක්ෂා කරන්නේ නැද්ද? ඔවුන් සතිපතා පොලිස් ස්ථාන වලට යන්නේ මොනවාටද? (නි)
මේ විදියට සාධාරණව තීන්දු දීම අපි අගය කරනවා (නි)
ඇමතිතුමාගේ රැකවරණය පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍යයි. ඔබගේ උපදෙස් සහ නියෝග පොලිස්පති මාර්ගයෙන් ඉදිරිපත් කරන්න. (නි)
මේ යුවළ මා දන්නා යුවලක්. රටේ ආර්ථිකයට බෙහෙවින්ම උදවුවූ මිනිසෙක්. කිසිම කරදයක් කාටවත් කරන අය නෙවෙයි. සල්ලි තිබුනත් තරමක අල්පේච්ච වූ ජීවිත ගත කරපු අය දේපල වලට සාපේක්ෂව. හරිම කනගාටුයි කප්පම් කාරයන්ට නිසි දඬුවම් ලබා නුදුන්නොත් තව කී දෙනෙක් මේකට ගොදුරුවෙයි ද දන්නේ නෑ.. මේ ප්‍රදේශයේ(නුදුරු අලුත්වල) මීට කලිනුත් මේ වගේම වැඩ සිද්ධ උනා..(බ)
සම්පත් සහතික ඇත්ත. පොලිසියට යහ පාලනය දින 1000 කින් හරි කියා දිය යුතුය (නදී)
අගමැතිතුමා ලිච්ඡවී රජවරු ගැන සුරංගනා කතා කියව කියවා ඉන්නවා. රටේ වෙනදේ ගැන බලන්නේ නැහැ. පසු ගිය සති හතර ඇතුළත මිනි මැරුම් කියක් සිදුවෙනවාද රටේ?(දිල්)
ඔව්, ඔව්, සාමාන්‍ය මිනිහෙක් පැමිණිලි කරාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (ර)
ආසියාවේ සහ අප්‍රිකානු රටවල් එක්ක බලද්දී ලංකාවේ පොලිසිය හොඳයි. එත් කවදාවත් හදන්න බැරි වරදවල් දෙකක් තියෙනවා. ඒක නම් කවදාවත්ම හදන්න බැරිවේවි. එකක් කතා කරන්න දන්නේ නැතිකමයි අනෙක පොඩි මිනිහට එක විධියකටත් ලොකු මිනිහට එක විධියකටත් නීතිය ක්‍රියාත්මක කිරීම. (නදී)
සම්පත් ඉතාම නිවරදියි .(හේ)
එන්න එන්නම මේ සිදුවීම් වැඩි වෙලා.කවද්ද මේවා අඩු වෙන්නේ (දිල්)
මේකත් දින 100 ට ඇතුළත්ද?(හේ)