කෑගල්ලේ දී අද (24) පැවැති ක්‍රීඩා තරගයකදී මීටර් අටයි සෙන්ටිමිටර් නවයක් දුරට හෙල්ල ද ,මීටරයයි සෙන්ටිමීටර නවයක් දුරට යගුලියද විසි කැර වයස අවුරුදු 112 ක් වූ කාන්තාවක් මුල් තැන හිමි කැර ගත්තාය.
අරණායක ගෙවිලිපිටියේ පදිංචි එස් පී අනුලාවති මහත්මිය (112) මේ දස්කම් දැක්වුවාය.
මෙම තරගයට ඉදිරිපත් වු අවුරුදු අනූවක් වයසැති කෑගල්ලේ බී.මාටින් මහතාද හෙල්ල මීටර් අටයි සෙන්ටි මීටර් නවයක් දුරට ද යගුලිය මීටර් පහයි සෙන්ටිමීටර හයක් දුරට ද විසී කළේය.
සමස්ත ලංකා ප්‍රවීණයින්ගේ පස් වැනි විවෘත මලල ක්‍රිඩා තරගය කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තවත් දීර්ඝ කාලයක් ජීවත් වේවා! (නි)
අනේ වාසනාවන්.දැකීමත් සතුටක්. (අ)
මෙන්න ශ්‍රී ලංකාවේ වැඩ! (නි)
ගෙවල් වලට කොටුවී ජීවිතයේ සැදෑ සමය ගත කරන වැඩිහිට්යන් උදෙසා මෙවැනි තරඟ මාලාවක් සංවිධානය කල ගාමිණි රණසිංහ මහතා ඇතුළු පිරිසට ගොඩාක් පිං ! (අ)
ඔබ දෙපලටම දීර්ගායුෂ මෑණියනි, පියාණනි....(අ)
ක්‍රීඩාව තුළින් දීර්ඝායුෂ නිරෝගී බව මතුපරපුරට පෙන්වා දෙන ඔබ සැමට ස්තුතියි (අ)
ආයු රක්ඛන්තු ආවඩා...!!!කමෝන් ..ආච්චිඅම්මේ...කමෝන් සීයේ...(අ)
අයියෝ මගේ කකුල.(අ)
ඔබ සියල්ලන්ටම ආදර්ශයක් (නි)
දැකීමත් සතුටට කරුණක් ආච්චි අම්මේ. ඔබ දෙදෙනාටම දිර්ඝායුෂ පතන්නේ මුළු හදවතින්මයි (නි)