මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළින්ම ලැබෙන නාට්‍යයක් තමා හිරැ TV හි විකාශය වන වස්සාන ප්‍රේමය. වස්සාන ප්‍රේමය කොයි තරම් නම් ජනප්‍රියද ඒ තරම්ම ආදිත්‍ය ජනප්‍රියයි. ආදිත්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තියෙන්නේ සාරංග දිසාසේකර. අපේ රටේ ඉන්න තාරැණ්‍යය නියෝජනය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. 2017 මේ නව වසරේ මුලින්ම Hit Couple විශේෂාංගයට සම්බන්ධ කරගත්තේ ආදිත්‍ය එහෙමත් නැත්නම් සාරංගයි.
Chat With Saranga..
1. හිතුවද වස්සාන ප්‍රේමයට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා?
ඇත්තම කියනවානම් නාට්‍ය පටන් ගනිද්දී නම් මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවේ නැහැ.
2. වැඩිම ප්‍රතිචාර ආදිත්‍යට ද ? අස්තාට ද?
හ්ම්ම්... මම හිතන්නේ අස්තාට
3. ඇයි ඒ?
ආදිත්‍ය කියන්නේ ටිකක් රළු නිතර අඩදබර කරන අකාරැණික චරිතයක්. ඉතින් අස්තා කියන්නේ තම ස්වාමියාගේ ආදරය දිනාගන්න පවුලේ අය එක්ක ඉතා සුහදව ඉන්න චරිතයක්. ඒ නිසා මම හිතන්නේ අස්තාට ප්‍රතිචාර වැඩියි කියලා.
4. ආදිත්‍ය චරිතය මතු වෙන්න අස්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ චරිත මේ තරම් සාර්ථක වෙන්නේ ඒ ලැබෙන සහයෝගය නිසා තමා.
5. දර්ශන තලය තුළ විවේකයක් ලැබුණම අස්තා මොකද කරන්නේ?
මේ දවස්වල එයා ලොකු වතුර බෝතලයක් තියාගෙන හැම වෙලාවෙම ඒකෙන් වතුර බිබී ඉන්නවා.
6. සාරංග ශලනිව දකින්නේ කොහොමද?
ශලනි මම දකින්නේ කාලයක් තිස්සේ ක්ෂේත්‍රය තුළ ඉන්න ස්ථාවරත්වයක් ගොඩ නගා ගත්ත කෙනෙක්. පිටපතේ තියෙන යටිපෙළ අවබෝධ කරගෙන වැඩ කරන්න පුළුවන් ඉවක් තියෙන දක්ෂ කෙනෙක් විදියට.
7. ෙදන්නා මුලින්ම හමුවූ නිර්මාණය?
මට මතක හැටියට මුලින්ම අපි හමුවුෙණ් ගඟ අද්දර ටෙලි නාට්‍ය තුළින්
8. ශලනිගේ දකින හොඳ ගති ගුණ?
යාළුවෙක් විදියට කෙලින් කතා කරන අවංක තව කෙනෙක්ගේ අදහස්වලට ගරැ කරන කෙනෙක්. ඒ වගේම විවෘත කෙනෙක්.
9. ශලනිගේ වෙනස් විය යුතු කියලා හිතෙන දේවල්?
ටිකක් විතර කේන්ති නම් ගන්නවා. ඒකත් ටිකක් අඩු වුණොත් හොඳයි.
10. ආදිත්‍යට ප්‍රේක්ෂකයින්ට මොකක්ද කියන්න තියෙන්නේ?
අපත් සමඟ සිටි ආදරණීය ප්‍රේක්ෂකයින්ට ස්තූතිවන්ත වෙනවා. තව ටික කාලයක් ඔය ආදරෙන්ම වස්සාන ප්‍රේමය සමඟ ඉන්න කියලා ආරාධනා කරනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd