තමන්ගේ පුරවැසිභාවය හා දේශපාලන අයිතිය සම්බන්ධ ගැටළුවට තවම රජයෙන් විසඳුමක් දුන් බවක් පෙනෙන්නට නැතැයි පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් කීවේය.
තමාට විශ්වාසය ඇත්තේ ජනතාව හා පාක්ෂිකයින් ගැන බවත් එනිසා වර්තමාන රජය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන විශ්වාසයක් නැති බවත් ඔහු පැවසීය.
අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීය.
“අවුරුද්දකුත් මාසයකුත් පස්සේ සාමාන්‍ය ජනාතාව සමග දේශපාලන කටයුතු කරන්න අවස්ථාව ලැබුණයි කියලා මා හිතනවා.වාර්තා වී තියෙන තොරතුරු අනුව මට තාවකාලික වීසා බලපත්‍රයක් දී තියෙනවා ටික කලකට.ඊට පස්සේ තමයි පුරවැසිභාවය ගැන සාකච්ඡා වෙන්නේ.පක්ෂයේ සහෝදර සහෝදරියන් ඇතුළු සංවිධාන මා අත්අඩංගුවට ගත් දවසේ සිට මට පුරවැසිභාවය ගැනීමට හා මගේ දේශපාලන අයිතිය වෙනුවෙන් දැඩි කැපවීමෙන් අරගල කළා.මගේ දේශපාලන අයිතියත් පුරවැසිභාවය ලබාගැනීමත් රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයේ පැතිකඩක් ලෙසයි මා දකින්නේ.මෙය රටේ පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමේ අරගලයේ කොටසක් ලෙස මා දකිනවා.ඉදිරියේදී ඒ අරගලයට දායක වෙනවා.මට අවශ්‍ය ද්විත්ව පුරවැසිභාවය නොව ශ්‍රී ලංකාවේ පාරම්පරික පුරවැසිභාවයයි “යැයි ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඇයි ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ගත්තේ. බයිලා කියන්න එපා හොඳේ (නි)
රටක පවතින නීතිය සහ එම නීති වලටවත් ගරුකරන්නේ නැතුව මෙහෙම දේශපාලනය කරනවා නම් ඉතිරි හරිය හිතාගන්න පුළුවන් (නි)
බොහොම හොඳයි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ දේශය ඔයතරම්ම අගයනවා නම් මොටද ඕස්ට්‍රේලියාවෙන් රැකවරණ ඉල්ලුවේ. අනික මේ රටෙත් නම කාලා. (නි)
පාරම්පරික පුරවැසිබව අවශ්‍ය නම් මොකටද වෙන රටක පුරවැසිකම ගත්තේ? (නි)
ජරාජීර්ණ දේශපාලනය කරනවා මදිවාට රටේ ලෝකේ තියන නීතියකටවත් ගරුකරන කෙනෙක් නෙමෙයි වගේ (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
කිසියම් රටක ඉපදුන කෙනෙක් අනිවාර්යෙන්ම ඒ රටේ පුරවැසියෙක් තමා. එ්ත් වෙනත් රටක පුරවැසිකම ගත්තහම ඒ රටේත් පුරවැසියෙක්නේ නේද. (නි)
අයියෝ! කුමාර් ගුණරත්නම් මහත්මාට තේරෙන්නේ නැද්ද තවත් රටක පුරවැසිභාවය තියෙද්දී නැවත ලබාගන්නා පුරවැසිභාවයට කියන්නේ ද්විත්ව පුරවැසිභාවය කියලා. (නි)
මෙයා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අතහරිනවා කියලා ඕස්ට්‍රේලියාවට දැනුම් දුන්නාම ලංකාවේ පුරවැසිකම ගන්න සුදුසුකම් ලැබේවි. ලෝකේ කොහෙවත් ද්විත්ව පුරවැසිභාවය මිසක් රටවල් දෙකක පුරවැසිකම නීත්‍යානුකූලව තියාගන්න බැහැ. (නි)
පාරම්පරික පුරවැසිභාවය කියන්නේ ලංකාවේ ඉපදුන නිසා පුරවැසිකම අනිවාර්ය බව නම් පිටරට වල වසන බොහෝ දෙනෙකුට එය දිය යුතුයි නේද? ද්විත්ව පුරවැසිභාවය එපා නම් ඕස්ට්‍රේලියන් පුරවැසිකම පළමුව අත්හැරිය යුතුයි. (නි)
මේවා දේශපාලන ඩබල් ගේම්. කුමාරලා මේවට හොඳට දක්ෂයි. (නි)
කවුද මේ? (ර)
එහෙනම් ඇයි ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ගත්තේ? (ර)