බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් ජේ කරුණාසේන වහාම කොළඹ ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට වහාම මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඌව පළාත් ඡන්දය පැවැති පසුගිය 20 වැනි දා බණ්ඩාරවෙල පොලිසියේ දී බණ්ඩාරවෙල නගරාධිපතිට පහර දී තුවාල කළැයි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකුට එරෙහිව පැමිණිලි කර තිබිණි.
නගරාධිපතිට පහර දුන් බව කියන කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පොලිස් ස්ථානාධිපති මාරු කිරීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හින්දි ෆිල්ම් වල නම් පොලිස් ලොක්ක ඇමතිට පිස්තෝලය පෙන්වනවා ඇමති බයවෙනවා (දී)
ඕක තමයි අපේ රටේ ආශ්චර්යය. ඒ ගමේ මිනිසුන්ට මගේ ආචාරය! (නි)
එක ඡන්දයක් නෙමෙයි මනුස්සයෝ දැන් මුළු පොලිසියේම ඡන්ද ටික යු.ඇන්.පී එකට ගියා (නදී)
මේ තවත් අපිව අන්දන එන්න එපා (දී)
මේක පොලිස් නිලධාරීන්ටත් කදිම පාඩමක්. තමන් තමන්ගේ රාජකාරිය නීතියට අනුව කාටත් සාදාරන ලෙස හැම නිලධාරියම සිදුකරනවානම් මෙවැනි ගැටළු ඇතිවෙන්නේ නැහැ. දැන් මෙයාට මාරුවීම ලැබුනේ ඇයි කියල එයාම එයාගෙන් අසියයුතුයි. (දී)
පොලිස් ථානය ඇතුළතදී පහරදීම හෝ ඒ සඳහා අනුබලදීම බරපතල වරදක්. සාමාන්‍ය කෙනකු ඔය ආකාරයට හැසුරුනා නම් තත්වය කුමක්ද කියා හිතාගන්නත් බැරි තරම්. නීතිය ක්‍රියා කරන්න බැරි නිලධාරීන් පොලිසියට මොකටද? (නි)
බන්දුල පෙරේරා මේ ගැන කිසිවක් නොකියන්නේ ඇයි? (නි)
නීතිය ක්‍රියාත්මක නොකිරීම මොහු හිතාමතා කළදෙයක් ලෙසයි මම නම් දකින්නේ. මොන දේශපාලකයා ළඟ වුණත් නිවටයෙක් වෙනවට වඩා නිල ඇඳුම ගලවා ගෙදර යන එක වැදගත් (නි)
ගහන වෙලාවේ වලක්වන්න ගියානම් ප්‍රතිපලය ඔයිට වඩා දරුණු වෙනවා. (දී)
මට හිතෙන විදියට ඒ මනුස්සයා තමාගේ රාජකාරිය හරියට කරන්න හදන්න ඇති. (දී)
ලෝකේ හැදිලා තියෙන්නේ ඔහොම තමයි (දී)
සමහරු නිතිය නොකිරීම ගැන මෙම පොලිස් ස්ථානාධිපතිට දොස් තබන්නේ හරියට මේ රට සර්ව සාදාරන නීතියක් පවතින රටක් කියල හිතේ තියාගෙන. (දී)
ගහන එක නවතුවන්ම් යන්න වෙන්නේ ගෙදර (දී)
නිතිය සාධාරණ වෙන්න ඕනේ (දී)
කොළඹට මාරුවක් ඉල්ලලා තියෙන්න ඇති. (දී)
මේක තමයි රට හැදිලා තියෙන විදිහ (දී)
අර ඇමතිලා දෙන්නට මොකද කරන්නේ එතකොට. (නදී)
මමනම් කියන්නේ ඒ නිලධාරින් පව් (දී)
දැන් ඔක්කොම ඇහැරෙයි (නදී)
ඒ අහිංසක මනුස්සයා පිටින් ගියා ඔක්කොම (දී)
මේවා විහිලු (දී)
දැන් ඔක්කොම හරියයි (දී)
ඇත්ත කතාව මිට වඩා හාත්පසින් වෙනස් වෙන්න පුළුවන් (දී)
පොඩි එකා තමයි හැම විටම තැලෙන්නේ (දී)
ඒ මනුස්සයා මොනවා කරන්නද (දී)
දේශපාලනය රට විනාශ කරලා (දී)
ඕක තමයි ලෝක ධර්ම තාවය (දී)
ඒ කියන්නේ තවත් චන්දයක් යු එන් පියට . එකට ගියා කියන එකද (දී)
මේවා චිත්‍ර පටි දර්ශන (දී)
දැන් අර උත්තරීතර පාර්ලිමේන්තුවේ විනයානුකූල එමතිවරු දෙන්නට දෙන තීන්දුව මොකක්ද? පොලිසියේ තුල නගරාධිපති වරයාට පහර දීම.(දී)