තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිවකු කැපීමට හෝ කොන් කිරීමට උවමනාවක් නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉරිදා බදුල්ලේ පැවති රැස්වීමේදී පැවසීය.
‘‘ලෝකය වේගයෙන් වෙනස් වෙනවා අපිට පල්වෙන්න පුළුවන් කමක් නැහැ. ඇමරිකාව වගේ ප‍්‍රබල ආණඩුවක් ගත්තාම ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයකුට ඉන්න පුළුවන් දෙසැරයයි. අවුරුදු හතරයි ආයේ ඡන්දෙකට ගිහින් අවුරුදු හතරයි ඇමරිකාවේ ජනාධිපතිවරයා ගෙදර යවනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරක් තනිවම ආණ්ඩුවක් හදන්න බැහැ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරක් තනිවම ආණ්ඩුවක් හදන්න පුළුවන් නම් අපිත් එක්ක නොවැම්බර් මාසේ 29 වැනිදා එකඟතාවයක් ඇතිකරගන්නේ නැහැ.‘‘
“මහින්ද රාජපක්ෂ මහත්යාගේ කටින්ම කිව්වා මට පක්ෂය බාරගන්න කියලා. පක්ෂයේ නායකයෝ මට කිව්වා පක්ෂය බාරගන්න එහෙම නම් මට පක්ෂයේ පරිවර්තනයත් එක්ක ආණ්ඩුවක් ඉස්සරහට ගෙනියන කොට මේ රටේ අනෙකතුත් දේශපාලන සමාජ බලවේග සියල්ල තුල අපි යම් එකඟතාවයක් එකක් ඉස්සරහට යන්නට වැඩපිළිවෙළක් සකස්කර ගන්න ඕනෑ. යුද්ධය අවසන්වෙලා සාමය ඇති වුනයි කියල හිතන්න එපා ප‍්‍රශ්න ඉවරයි කියලා අවුරුදු තිහකට ආසන්න යුද්ධය අවසන් කරල මහින්ද රාජපක්ෂ මහත්තය ජිවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ට පින්සිද්ධ වෙන්න අපි සාමය ළඟා කරගත් බව ඇත්ත හැබැයි රටක් විදියට පශ්චාත් යුධ සමය අවසන් වීමෙන් පසුව රටතුළ කළ යුතු ප‍්‍රතිසංස්කරණ අප විසින් ඉටු කෙරුවේ නැහැ. මේ රටේ කිසිකෙනෙක් ජාත්‍යන්තර යුධ අධිකරණයටකට ගෙනියන්න මම මේ රටේ රාජ්‍යනායකයා විදියට ඉඩ තියන්නේ නැහැයි කියල එක ඉතාම පැහැදිලිව කියනවා. මං පළිගන්න මිනිහෙක් නෙවෙයි මං ද්වේශසහගතව හිතන මිනිහෙක් නෙවෙයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල නොකළ දෙයට එදා රජයේ සිටි හැමෝම සම්මාදන්. (ර)
තාමත් ඉතිං මහිදගෙ දේවල් හොයන්නෙ නැතුව, රට වෙනුවෙන් කරන දෙයක් කරනවද. මහින්ද වැරැද්දක් කලානම්, එයට නීතියෙන් ඳඬුවම් දෙන්න. මේක උදේ ඉඳල රෑ වෙනකල් මහින්දගෙ වැරදිමයි හොයන්නෙ. (ස)
මෙතුමාට තව අවුරුදු 5 තියෙනවනේ.(ම)
ශ්‍රී ලංකාව හොඳ පැත්තට වෙනස් වී නැහැ . (ස)
අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ 96 ලංකාව ලෝක කුසලානය ගෙනාවා දැන් ඔහු නායකත්වයට පත් කරලා ලෝක කුසලානයට ගියාට දිනන්න බැහැ, ඔහුගේ කාලයේ ඔහු දක්ෂකම් පෙන්නුවා, කාලේ ගියාම ඔහු නවකයන්ට තැනදිලා ගෙදර ගියා. මහින්ද රාජපක්ෂත් ඒවගේ, දැන් ඔහුගේ කාලය ගෙවී ගොස් ඇති නිසා මෛත්‍රී ඇතුළු නව නායකයන්ට තැනදී විශ්‍රාම යායුතුය. (ර)
මා ඇසූ දරුණුම දේශපාලන කතාව. ඔහු මේ කියන්නට හදන්නේ මහින්ද වැඩිය නැටුවොත් ජාත්‍යන්තර යුධ අධිකරණය ඉදිරියට යන්නට සුදානම් වන ලෙසය. මම එක්ක හැප්පෙන්නට හදන්න එපා කියන එකය.දේශපාලන කරුණු කුමක් වුවද රට බේරාගත් කිසිවෙකුත් ජාත්‍යන්තර යුධ අපරාධ දංගෙඩියට දක්කන්නට උත්සාහ කිරීම තමන් විසින්ම ජනතා දංගෙඩියට යාම බව නොදැනීම අවාසනාවකි.(ම)
ලබන අවුරුද්දේ පෙබරවාරි වෙන කොට තව අලුත් රජයකට හොද නැකතක් තියන බව නැකත් කාරයෙක් පහුගිය දවස් වල කියල තිබුනා. අපේ රටේ ප්‍රශ්න විසදන්න පුළුවන් එකෙක් නිදහසෙන් පස්සේ තාම බිහි වෙලා නැහැ. (ර)
ආප්ප නම් කන්න එපා හොඳේ. මොකද අපිට මතකයි වෙච්ච දේ (නි)