යුද හමුදා බුද්ධි සේවා බලකායේ මේජර් ප්‍රදීප් සුසේනට කොළඹ ජියික් හිල්ටන් හෝටල් රිය ගාලේදී පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ දිවුරුම් පෙත්සමේ සදහන් පරස්පරතා උපදෙස් පතා නීතිපතිට යැවූ බව කොම්පඤ්ඤවීදිය පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද කියා සිටියේය.
ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාල සිල්වා හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහන් විජේරත්න ඇතුළු සැකකරුවෝ හත් දෙනෙකු මෙජර්ට 2012.09.09 දා පහරදී ගිනි අවිය හා ජංගම දුරකතනය පැහැරගත්තැයි පොලිස් පැමිණිල්ලේ සහන් වේ.
මාලක හා රෙහාන්ඩ් ද ඩබ් එස් සුරේෂ් පුෂ්පකුමාර, ඒ පී සරත් උපාලි, ඊ පී රොමේෂ් සත්‍යජිත්
අධිකරණයට පැමිණ සිටියහ. සිව්වැනි සැකකරු ඩබ් ඩී නිලූ අරවින්ද මියගොස් ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය. දෙවැනි සැකකාර නලින්ද චානක උසාවි නොපැමිණියෙන් අත්අඩංගුවට ගන්නා මෙන් වරෙන්තු නිකුත් කළේය.
වැඩිදුර විභාගය මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මයි හයට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් මෙහිදී අපි අමතක නොකළ යුතු කාරණාත් ගොඩක් තියෙනවා. (නි)
ප්‍රශ්න තියා ගන්න එපා (දී)
මට නම් මොකුත් මතක නැහැ (දී)