(සිරාජ් හසීම්)
අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට කැදවන්නැයි කරන ලද ඉල්ලීම මුලතිව් දිසා විනිසුරු මොහොමඩ් සම්සුඩීන් මහතා අද (30) ප්‍රතික්ෂේප කළේය.
2009 අවසන් යුද්ධ සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර කළ බව කියන එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් බවට එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිදරන් මහත්මිය ඇතුළු පිරිසක් හබයාකෝපූස් පෙත්සමක් ගොනු කර තිබිණි.
මෙහිදී 58 වන සේනාංකය බාරව සිටි හිටපු මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණේ හමුදාව වෙත බාරවූවන් පිළිබද තමා කිසිවක් නොදන්නා බවත් අවසන් යුද සමයේදී 58 වන සේනාංකය බාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා බවත් ය.
එම ඉල්ලීමට බහුතර විරෝධයක් මතුවන හෙයින් තමාට ශවීන්ද්‍ර සිල්වා මහතාට නොතිසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ මීලඟ නඩු විභාගයේදී තීරණය කරන බවත් දන්වමින් මෙම නඩුව ලබන අප්‍රේල් 27 වනදා දක්වා කල් දැමීමට දිසා විනිසුරුවරයා නියෝග කළේය.
COMMENTS
තරමක් සතුටුදායක ආරංචියක්. එත් මේ සතුට කෙටි කලීනද? එසේ නොවෙවයි පතමි.!!!!
කවුරු මොනවා කිව්වත් යහපාලනයේ පොඩි මෙව්වා එකක් තියන බව මගේ පුද්ගලික හැඟීමයි..ඉස්සර මහරජ්ජුරුවන්ගේ නීතියනේ රටේ තිබුනේ විනිසුරන් රජ අණ ක්‍රියාත්මක කල යුතුව තිබුණා.. එකනේ ජෙනරාල් ෆොන්සේකා යුධ වීරයාට සහ ඔහුට හිතවත් යුධ සෙන්පතියන්ව සේවයෙන් පහකිරීම සහ දඬුවම් කලේ.
කොහොමවුනත් හොඳ විනිසුරුතුමෙක්.
මේක සිරි ලංකාව
නීතිය කාටත් පොදුයි කියන එක දැන් ලංකාවේ නැද්ද ?
එක දෙයක් පැහැදිලියි යහපාලනයට වැඩිකල් ආයුෂ නැහැ.
රවින්ද්‍ර සවුදි -නීතිය කාටත් පොදු වෙන්නේ කොහොමද හිරුනිකාට,චම්පිකට ක්‍රියාත්මක නොවූ නීතිය විරුද්දවාදීන්ට විතරක් නැමෙනකොට..අද රටේ රණවිරුවන්ට එක නීතියකුත් ත්‍රස්ත්‍රවාදීන්ට තවත් නීතියකුත් බව දන්නේ නැද්ද ?
රවින්ද්‍ර, සවුදියටම වෙලා ඉන්න. ඇයි මහ බැංකු හොරකමේ කට්ටිය දැන් ඉන්නේ හිරේද?
අධිකරණයේ තීරණයට හිස නමා අචාර කරමි. යුද්ධයේ අවසාන භාගයේදී ඔය කියන LTTE නායකයින් යූධ හමුදාවට භාර උනා කියල මොලේ තියෙන කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නෑ.