කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සාමන්‍ය පෙළ සිසුවකුගේ කමිස කොරලයෙන් ඇඳ තර්ජනය කළැයි කියන මේජර් ජනරාල් කමල් ගුණරත්න කුරුදුවත්ත පොලිසියට පැමිණ සිසුවා සමඟ සිද්ධිය සාමදාන වූ බව පොලිසිය කියයි.
කමල් ගුණරත්නට එරෙහිව සිසුවා කළ පැමිනිල්ලද ඉල්ලා අස්කර ගත්තේය.
පහරදුන්නැයි කියන පසුගිය දෙසැම්බර් 14 වැනිදා තමා එතෙර සිටි බව කමල් ගුණරත්න මීට කලින් ලංකාදීප වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.
එහෙත් ඔහු කුරුදුවත්ත පොලිසියේදී සිසුවා හා ඔහුගේ මව ඉදිරියේ සිද්ධිය සමාදන විය.
පසුගිය 14 වැනිදා තම සමීප ඥාතීවරියකගේ ඉල්ලීම මත එදින පාසලට ගිය බව ඔහු පිළිගෙන ඇත.
මේ අනුව ඔහු ලංකාදීප වෙබ් අඩවියට කළ ප්‍රකාශය වැරැදිය.
ඔහු ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 12 වැනිදාය. සිසුවා පොලිසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය 17 වැනිදාය.
http://www.lankadeepa.lk/index.php/articles/490611

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනරත්, ඔබේ දරුවට නම් මෙය වුණේ, ඔබ කියනවද අනේ යුද්ධය දිනු රණවිරුවෙක් නිසා දරුවා ගුටිකැවට කමක් නැහැ කියලා. (නි)
අපරාදේ කළ හොඳ ඔක්කොම වතුරේ! (නි)
වරදක් කළාම එ්ක වහගන්න මිනිසා තමන් සතු සියලුම හැකියාවන් යොදනවා. එයයි මිනිස් මොළය. නමුත් ඔහුගේ මොළයෙන් ඔහු සකසාගෙන කළ ප්‍රකාශය අසාර්ථක වුණා.. මොහු කියපු බොරුව නිසා බලන්න ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන විදිය. මීට වැඩිය මානසික වේදනාවක් තවත් කොයින්ද? (නි)
පුංචි නොමේරූ පාසල් දරුවෙකුට පහරදෙන්න ඉදිරිපත් වෙන කෙනෙක් හොඳ මිනිසෙක් වෙන්නේ කොහොමද? එ්ක වීර ක්‍රියාවක්ද? ලැජ්ජා වෙන්න ඕනෑ දෙයක් නේද? (නි)
යුද්ධයේදී කරපු සේවය පුංචි දරුවන්ට නින්දිත විදියට පහරදෙන්න සුදුසුකමක් නොවේ කියලා කවුරුත් හිතාගත්තොත් හොඳයි. ඒ කළේ තමුන්ගේ රස්සාව. පුංචි දරුවෙකුට පහරදෙන එක රස්සාව නිසා කරන්න සුදුසු දෙයක් නොවේ. නැහැදිච්චකමක්. (නි)
රූපවාහිනී වැඩසටහනකට ගෙනල්ලා අහමුද මේකේ ඇත්ත නැත්ත? (නි)
සෙනරත්, ඔබේ කතාව ඇත්ත. නමුත් මට තිබෙන ගැටලුව අැයි මේවගේ සුළු දේවලට මේ වගේ උසස් නිලධාරීන් සම්බන්ධ වෙන්නේ? අනික ප්‍රශ්න බොහොම විනීත ලෙස විසඳාගැනීමේ පුහුණුවක් මේගොල්ලන්ට නැහැ. බොහොම රළු විදිහට ප්‍රශ්න විසඳන්නේ. අපි තාත්තලා හැටියට මේ වගේ ළමයින්ගේ දේවලට කෙළින්ම සම්බන්ධ වෙන්නේ නැත. (නි)
මොලේ අඩුවන තරමට "පුහු ආඩම්බරකම " වැඩිවෙනවාය කියා ගම්වල කතාවක් කියනවා. ඒ උඩඟු කමත් එක්ක "බොරුකීමත්‘ එකතු වුනාම කොහෙන් කෙලවර වෙනවාද කියා කියන්න බැහැ. නිරහංකාර වුනා නම්, ඇත්තම කීවා නම්, හමුදාවේ ඉහලම නමක් තියාගෙන හිටපු කමල් මහත්තයට පොලීසියේදී "පස්ස නොගහ " ඉන්න තිබුන. (බ)
"ජාතික විරවරු" කියල කියා ගන්න අය කවදද ඇත්ත කිව්වේ? (බ)
මෙයත් හිටපු හමුදා ලොක්කාත් වෙනසක් නෑ වගේ.(බ)
තමන් කළ වැරදි වහගන්න කරන කියන දේවල් අනුව පැවතී යුද්ධය ගැන පොත්වල ලියපු දේවල් ගැනද දෙපාරක් සිතිය යුතුය (බ)
ඔබ කළ දෙය ඉතාමත් බුද්ධිමත් තීරණයක්. ඔබට තෙරුවන් සරණයි (බ)
ලැජ්ජයි මේ වෙච්ච දේ ගැන.(හේ)
කිසියම් කෙනෙක් සමාජ අසාධාරනයක් කළවිට ඊට විරුද්ධව අදහස් පළකිරීම එම වරද කළ ඔහුට හෝ ඇයට කරන අපහාසයක් ලෙස මම නම් නොදකිමි (නි)
මෙන්න අපේ රණවිරුවෝ. මුලින් කිව්වේ ලංකාවේ හිටියෙත් නැහැ කියලානේ. මට හිතෙන්නේ මෙතුමා හොඳ දියවන්නාවට (නි)
මට නම් මේවා අහන්නත් ලැජ්ජයි (නි)
කවුරු වරදක් කළත් වරද වරදමය.මේ වරද ලොකු වරදක් .විනයක් තිබිය යුතු නිලධාරියෙක් පාසල් දරුවෙකුට මෙහෙම සැලකීම හරිම පහත් කණගාටු දායක තත්වයක් .රටේ පිරිහීම (බ)
පොලිසිය මේ සම්බන්ධයෙන් ගන්න පියවර මොනවාද? (නි)
මේවට මොනවා කියන්නද මන්දා අනේ?? (නි)
ඔබතුමා නන්දිකඩාල් රණමඟ ඔස්සේ උපයාගත් ගෞරවය නැති කරගන්න නම් එපා. (නි)
මොනවද මහත්තයෝ මේ කරගත්තේ? (නි)
ඒ වුණාට ඔහුගේ යහපත් පැත්ත අපි අමතක නොකළ යුතුයි (නි)
මේ විදිහට බොරු කියපු කෙනෙකුගේ පොතේ ඇති කරුණු ගැනත් සැක ඇතිවීම පුදුමයක්ද? (නි)
අනේ අපොයි! අපි වගේ මෝඩයෝ. යුද්ධයේදී නන්දිකඩාල් වලදී සිදුවීම් ගැන ලියපු පොත ගැනත් පස්සේ දවසක මොනවා කියයිද මන්දා (නි)
වෙන රටවල් සමඟ සසඳද්දී අපේ හමුදාව කොතරම් හොඳද? මේක මේතරම් ලොකු සිදුවීමක්ද කියලා ලිවුවේ එ්කයි. පාසල් වල ළමයි කොයිතරම් නිකරුනේ ගුටිකනවනවද සමහර ගුරුවරුන්ගෙන්? (නි)
පොතක් ලියු පමණින් පුද්ගලයෙක් ප්‍රඥාවන්තයෙක් නොවේ (නි)
සෙනරත් කතාව ඇත්ත නමුත් මෙතන වුනේ අඩන්නට හිටිය එකාගේ ඇහැට ඇඟිල්ලෙන් අන්නවගේ දෙයක්. අපේ සිංහල එවුන් ම බලාගෙන සිටියේ කමල් ගුණරත්න මහත්මයාට වරදින කම්. හැබැයි මෙතන කතාව යන්නේ අර ළමය බොහොම සාන්ත දන්ත කෙනෙක් හැටියට ඌත් මොන අණ්ඩයෙක් ද දන්නේ නැත. (බ)
මෙයාලා ගැන දැන් අපිට හිතාගන්න පුලුවන් (නි)
පුෂ්පකුමාරගේ ප්‍රකාශයත් ඉතාමත් බුද්ධිමත්. පුෂ්පෙටත් තෙරුවන් සරණයි ...! (නි)
හමුදාවේ අය හිතන්නේ තමන් තරම් කෙරුමෝ නැහැ කියලා. එළියේදී පොලිසියටත් පාර්ට් දානවා. (නි)
මොනතරම් අභිමානයෙන් සිටියයුතු මිනිස්සුද මේ පොඩි ළමයි වගේ හැසිරෙන්නේ. හරිම කණගාටුයි. (නි)
පොතත් ආපහු ලියමුද? මොකද ඒකෙත් මොනවා තියෙනවද දන්නෙ නැහැනෙ. (නි)
කාකි කෝට් එකයි පිත්තල බොත්තම් පේළියයි නිසා එයා හිතන්න ඇති එයාගේ බේගල් වලින් අසරණ සිසුවාත් ඔහුගේ අම්මාත් බිය වද්දන්න පුළුවන් වෙයි කියලා. සිසුවාගේ කමිස කොලරයෙන් ඇඳ තර්ජනය කිරීමට ගියේ නිල අැඳුමෙන්ද? නිල අැඳුමටත් හමුදාවටත් එය නිගාවක් (නි)
මේ ක්‍රියාකලාපය බලද්දී මෙතුමාගේ පොතේ කරුණු ගැන වුණත් විචාරශීලීව බැලුවොත් හොඳයි වගෙයි. (නි)
මෙතුමාගේ පොත ගැන තිබුණ කැමැත්තත් නැතිවුණා මේකෙන් (නි)
අර ලියපු පොතත් අපට පෙරළන පොතක්ද එතකොට.... (නි)
කමල් ගුණරත්න මහත්මයාට ඔය සිද්ධිය සාධාරණීකරනය කරගන්න තිබුණා ගිය ආණ්ඩුව තිබුණා නම්. ඔබත් දරුවන් ඉන්න පියෙක්. මිනිසුන්ට ඊටවඩා කාරුණික වෙන්න. (නි)
අපේ ආනන්දෙටත් ලැජ්ජාවක්. අපි හිතුවේ හොඳ විනයක් තියන හිටපු නිලධාරියෙක් කියලා. එදා පොත ප්‍රදානය කළ දවසේ කළ කතාවේදී අපි හිතුවේ අවංක පුද්ගලයෙක් කියලා. ලැජ්ජයි, ලැජ්ජයි, ලැජ්ජයි. (නි)
පාසල් දරුවෙකුට ආමි උණ පෙන්නන්න ගිහින් මේ උන්නැහේ කියපු බොරුව අතේම පත්තුවුණා. දැන් ඉතින් මෙයා කවුද කියලා එයාම මුළු රටටම පෙන්නුවා. මෙවැනි වැඩ නැවත නොවෙන්නට නම් දඬුවමක් දියයුතුමයි. (නි)
මෙච්චර උසස් නිලධාරියෙක් මේ වගේ පහත් වැඩක් කිරීම ගැන පුදුමයි (නි)
අපිට ඔහු ලියපු යුද්ධය ගැන පොතේ තියන කරුණු ගැනත් දැන් විශ්වාස කරන්න අමරුයි. ළමයට ගහපු දවසේ විදේශගතවෙලා කියලා ප්‍රකාශයක් කරලා තිබුනා. ඒ වගේ පුද්ගලයෙක් ගැන තවදුරටත් විශ්වාස කරන්න අමාරුයි. මට හරිම කළකිරීමක් තියෙන්නේ ඔබ ගැන (නි)
දැන් ඉතින් අර විපක්ෂේ කට්ටියට යුධ විරුවෝ පොලිසියට ගෙනාවා කියලා සද්ද බද්ද දාන්න පුළුවන්. මොකද එයාලට කියන්න දෙයක් නැහැනේ දැන්. (නි)
මොනතරම් ප්‍රසිද්ධියක් හොඳ නමක් ගත් නිලධාරියෙක්ද මේ? (නි)
වැඩේ ඇණගත්තා නේද? මේගොල්ලෝ දන්නේ යුද්ධ කරන්න විතරයි. ඔය වැරැද්ද සොල්දාදුවෙක් කළා නම් විශාල වැරැද්දක් ලෙස දකින්නේ නැත. එ්ත් නිලධාරියෙක්? ඉතින් අපි කොහොමද ඔබලාව රටේ පාලනයට සම්බන්ධ කරගන්නේ. (නි)
කවුරු ඇත්ත කියනවද කියලා හොඳට හිතන්න ඕනෑ. කියපු පමණින් විශ්වාස නොකළ යුතුයි. මහින්දටත් කිවුවේ ඔහොමනේ. අපේ අය ඉක්මනින් රැවටෙනවා. අදහස් බැලුවහම හිනායනවා. (නි)
අපිට නම් පුදුම කළකිරීමක් දැනෙන්නේ (නි)
කවුරු කළත් වැරැද්ද වැරැද්ද ලෙස හඳුනා ගැනීමටත් ඊට එරෙහිව නැඟී සිටීමට කොන්ද පණ තිබෙන ජාතියක් ලෙස නැඟීසිටීමට කාලය පැමින ඇත. (නි)
හැබැයි මෙතුමාගේ හොඳ මේකෙන් අපි අමතක කරන්න නරකයි (නි)
මම කලින්ම කිව්වා ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. ඇත්ත දැනගැනීම ගැන සතුටුයි (නි)
හා! හා!! රණවිරුවන්ට අපහාස කරන්න එපා. (නි)
කමිස කොලරයෙන් අල්ලලා තර්ජනය කරපු එකට ලැබුණු අදහස් මොනවා වුණත් එතුමා යුද්ධයේදී රටට කරපු සේවය අමතකද? මෙයට වඩා තර්ජන පොලිස් නිලධාරීන්, දේශපාලුවන් කොතරම් කරනවද අහිංසක මහජනයාට? (නි)
මෙවන් ක්‍රියා යුධ හමුදාවේ ගෞරව නාමයටත් අගෞරවයක්. (නි)
යම් අයෙක් විසින් අපහාස නොකළයුතු තුන් දෙනෙකු ඇත. තම මව, තම මව්රට සහ අගේ රණවිරුවන් ඒ තිදෙනාය. (නි)
මෙන්න රණවිරුවෝ දංගෙඩියට දක්කනෝ! දිනූ දේශය රැකගන්න එන්නෝ! (නි)
කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කිරීම මහබැංකු වංචාවටත් වඩා අතිවිශාල අපරාධයක් බවට සමහර විද්වත්හු පවසති! (නි)
අනේ අපේ අප්පච්චි හිටියා නම්......(නි)
කරමුද මේකටත් උද්ඝෝෂණයක්? (නි)
කිරි කළයට ගොම බිඳක් මුසුවෙලා වගෙයි (නි)
පුදුම උද්දච්චකමක් සහ පුහු මානයක්නේ තියෙන්නේ. (නි)
සෙනරත් වගේ හිතන වහල් සමාජයක් තියනතුරු අපේ රටේ කොන්ද හදන්න බැහැ. (නි)
එයා තිබ්බ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදිම මට නම් තෙරුනා මෙයා ඇත්ත සිද්ධිය වහන්න හදනවා කියලා. මෙයා එතනදි කිව්වෙ පහරදීමක් වුණ වෙලාවෙ තමන් මේ රටේ හිටියෙ නැහැ කියලා. නමුත් මෙ කියන පෙරළා පහරදීම වෙලා තියෙන්නෙ ඒ සිද්ධියට දින කීපයකට පස්සෙයි. එදා තමන් හිටියෙ කොයි රටේද කියලා සඳහනක් කළේ නැහැ. එයට අමතරව මේ සිද්ධියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරපු ලංකා ගුරු සංගමයේ ලේකම්වරයාට ප්‍රසිද්ධියේ අපහාස කළා. එය වැදගත් පුද්ගලයයෙකු කිසිසේත් නොකළයුතු දෙයක් (නි)
අපිට නම් විලිලැජ්ජයි (නි)