මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මඟුල් ගෙදරක යන අතර තුරදී  හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට අද උදේ ගොඩ විය.

මාධ්‍යවේදීන් ඇතුළු 2000 කට අධික පිරිසක් ඔහු ආ පුවත අසා  එහි ආහ.

මාධ්‍යවේදීන් සමග  නිදහසේ කතා කළ රාජපක්ෂ මහතා පැවසූවේ ඔහු අගමැති   කිරීම සඳහා වන මහනුවර රැළියට ඇරයුම් ලැබී ඇති බවයි.

එයට සහභාගී වන්නේ දැයි ඔහු  නිශ්චිත පිළිතුරක් දුන්නේ නැත.

''මට මගුල් ගෙදරක යන්න තියෙනවා. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මා ලඟයි. මමයි  නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ'' යැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මාධ්‍ය  වේදීන් දිගටම ප්‍රශ්ණ අසන්නට වු විට ඔහු පැවසුවේ ''ඔය ඇතිනේ, වැඩිය කතා කළොත් කට වරද්දාගන්න වේවි'' යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා එහි ආ බව අසා කුමාර වෙල්ගම මහතා ඇතුලු හිටපු මැති ඇමතිවරු පිර්සක්ද එහි ආහ.

S1650001

මහින්ද රාජපක්ෂ මහතා ලංකාදීප පුවත්පත බලමින්

S1650005 S1650007 S1650011 S1650014 S1650015 S1650018