( කුෂාන් ජයවර්ධන )
ඉපලෝගම, විජිතපුර ප්‍රෙද්ශයේදී දී බිරිද විසින් මුගුරකින් පහර දී සිය සැමියා ඝාතනය කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
ලද පැමිණිල්ලක් අනුව සිද්දිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය මේ වනවිට විමර්ශණ ආරම්භ කර ඇති අතර ඝාතනය සිදුකළ බව කියන කාන්තාව ද මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙදෙනා අතර කලක පටන් ඇතිව තිබූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙලෙස බිරිද විසින් සැමියාට මුගුරකින් පහරදී ඝාතනය කර ඇති බව සිදුකළ මූලික විමර්ශණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම විජිතපුර, පලුගස්වැව ගොවිපල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි හාරගම ගෙදර මහින්දසෝම නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd