කළුතර විදුහල සහ තිස්ස විදුහල අතර කළුතර මහජන කී‍්‍රඩාංගණයේදී පැවති 55 වැනි මැංගුස් සටන කළුතර විදුහලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පරාජයෙන් තොරව අවසන්විය.
තිස්ස විදුහලේ කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කළුතර විදුහල් කණ්ඩායමට ආරාධනා කලේය. කළුතර විදුහල් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 187 ක් ලබාගත අතර එහිදී අගනා පිතිහරඹයක නිරතවූ පැතුම් නිශ්ෂංක ලකුණු 75 ක් ලබාගැනීමට සමත්විය.
තිස්ස විදුහල් කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 94 ක් පමණි.
දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් කළුතර විදුහල් කණ්ඩායම කඩුලූ 6 කට ලකුණු 144 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවා තිස්ස විදුහලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. එහිදී කළුතර විදුහලේ වෙනුර නෙවිල් ලකුණු 60 ක් රැස්කළේය.
තරගය අවසන් වන විට තිස්ස විදුහල් කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 108 ක් ලබා සිටියේය. හශාන් චාමර නොදැවී ලකුණු 54 ක් සහ මලිඳු සම්පත් නොදැවී ලකුණු 20 ක් රැස්කරගන ඒ වන විට කඩුල්ලේ රැදී සිටියහ.
කළුතර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 187 (පැතුම් නිශ්ෂංක 75, ඉසුරු බුද්ධික 53, මිලින්ද සම්පත් 54/4, හශාන් චාමර 49/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ක් දැවී 144 (හිමේෂ් මධුෂාන් 32, විනුර නෙවිල් 60, ඉෂාර දනේෂ් 32/2, සංක චතුරංග 34/3)
තිස්ස විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 94 (හිරුන සිල්වා 6/2, රවිඳු උමයංග 17/3, දිල්ෂාන් ලක්ෂිත 15/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 108 (හශාන් චාමර නොදැවී 54, මලිඳු සම්පත් නොදැවී 20)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකෙන් කළුතර විද්‍යාලේ පරදිනවා. (ස)
විද්යාලේ කොල්ලෝ එහෙම පරදිකවද?(නදී)
මගේ පාසලට ජයවේවා (දී)