ගල්ගමුව මීගලෑවේ දිනිඳු යශේන් දරුවා (04) පැහැරගෙන ගොස් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු නුදුරු දිනකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවෝ සිව් දෙනා අදත් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලැබූහ.
දිනිඳු රඳවා ගත් බව කියන අඹන්පොළ නිවසේ හිමිකරු හා පෙරගෙවුම් කාඩ් වෙළෙන්දෙක් අද සැකකරුවන් සිව්දෙනා හඳුනා ගත්හ.
මංජුල සඳකැලුම් (32), චතුරංග කුමාර (27), දිනේෂ් ප්‍රියසාද් (23) සහ සංජීව විජේකෝන් (21) සැකකරුවෝය.
පැමිණිල්ල ලබන 29 වැනි දා නැවත කැඳවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගලෑව මොළකරු අද හෙටම උසාවියට
දිනෙත් Friday, 22 August 2014 12:55 PM
මෙයාලව ආයුධ පෙන්වන්න එක්කගෙන යන්නෙ නැද්ද? (නි)
අමරසුරිය Saturday, 23 August 2014 06:14 AM
එල්ලා මැරිය යුතුයි (නදී)
භානු Friday, 22 August 2014 01:42 PM
දැනටම රටින් පැනලා , ඒ මදිවට කොහේ හරි දේශපාලන රැකවරණ ඉල්ලන්න සෙට් වෙලාද දන්නේ නැහැ. මේ වගේ උදවිය වැඩේ ගැස්සුනත් යන්න තැන ලැස්ති කරගෙන තමයි මේ වගේ නොහොබිනා වැඩ වලට බහින්නේ. (නදී)
දයා අලහකෝන් Friday, 22 August 2014 03:29 PM
මේ සේරම තියෙද්දි ආයුධ පෙන්නන්න අරගෙන ගියානම් ඉවරනෙ. (අ)
නිශ්ශංක Saturday, 23 August 2014 11:01 AM
බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා හිරේට දාන්න ඕනේ. මුන් මැරුවත් වැඩක් නැහැ වේදනා විදින්න දෙන්න ඕනේ. මුන්ටත් ඒ අම්මයි තාත්තයි විදපු දුක විදින්න දෙන්න ඕනේ (නදී)
ආනන්ද Friday, 22 August 2014 06:03 PM
වැරදි වැඩ කරලා මුනත් හංගනවා. වැරැද්ද කරන්න කලින් හිතන්න තිබුනනේ (නදී)
අජිත් Friday, 22 August 2014 06:51 PM
අනේ ලමිස්සියෝ හතරදෙනාට හරිම ලැජ්ජයි වගේ. බල මාලු කෑවා නම් විදවපන් බලලුනේ. මේ ගොල්ලන්ට අර වැඩේ කරලා දාන්න නැතිනම් රටට කොඩිවිනයක් වෙනවා (නදී)
පාරා Friday, 22 August 2014 07:33 AM
තවත් මෙයාලට මොනවට නළවනවද? (අ)
සත්‍යයා Saturday, 23 August 2014 12:55 AM
නුදුරු දිනේ කවදද දන්නේ නැහැ. ප්‍රධාන අපරාධ කාරයා කවදාවත් පළමු විත්තිකරු නොවෙනවා වගේම ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අයෙක් ද නම් ලේසියෙන් හිරේ යන්නේ නැහැ.(නදී)
ශිරෝමි Friday, 22 August 2014 09:58 AM
මෙයාලට දෙන්න ඔන රජ කාලේ දඩුවම්(දිල්)
කුමාරි Friday, 22 August 2014 11:38 AM
ඒ කියන්නේ තව එක්කෙනෙක් නිදල්ලේද? දරු පැටියා ප්‍රවේශම් කරගන්න මාපියනේ. කට්ටියට නිකන් ලැජ්ජයි වගේ නේද බිම බලාගෙන යන්නේ? නොහොබිනා වැඩ කරන්නයි ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)