ගල්ගමුව මීගලෑවේ දිනිඳු යශේන් දරුවා (04) පැහැරගෙන ගොස් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු නුදුරු දිනකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවෝ සිව් දෙනා අදත් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලැබූහ.
දිනිඳු රඳවා ගත් බව කියන අඹන්පොළ නිවසේ හිමිකරු හා පෙරගෙවුම් කාඩ් වෙළෙන්දෙක් අද සැකකරුවන් සිව්දෙනා හඳුනා ගත්හ.
මංජුල සඳකැලුම් (32), චතුරංග කුමාර (27), දිනේෂ් ප්‍රියසාද් (23) සහ සංජීව විජේකෝන් (21) සැකකරුවෝය.
පැමිණිල්ල ලබන 29 වැනි දා නැවත කැඳවීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලව ආයුධ පෙන්වන්න එක්කගෙන යන්නෙ නැද්ද? (නි)
එල්ලා මැරිය යුතුයි (නදී)
දැනටම රටින් පැනලා , ඒ මදිවට කොහේ හරි දේශපාලන රැකවරණ ඉල්ලන්න සෙට් වෙලාද දන්නේ නැහැ. මේ වගේ උදවිය වැඩේ ගැස්සුනත් යන්න තැන ලැස්ති කරගෙන තමයි මේ වගේ නොහොබිනා වැඩ වලට බහින්නේ. (නදී)
මේ සේරම තියෙද්දි ආයුධ පෙන්නන්න අරගෙන ගියානම් ඉවරනෙ. (අ)
බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා හිරේට දාන්න ඕනේ. මුන් මැරුවත් වැඩක් නැහැ වේදනා විදින්න දෙන්න ඕනේ. මුන්ටත් ඒ අම්මයි තාත්තයි විදපු දුක විදින්න දෙන්න ඕනේ (නදී)
වැරදි වැඩ කරලා මුනත් හංගනවා. වැරැද්ද කරන්න කලින් හිතන්න තිබුනනේ (නදී)
අනේ ලමිස්සියෝ හතරදෙනාට හරිම ලැජ්ජයි වගේ. බල මාලු කෑවා නම් විදවපන් බලලුනේ. මේ ගොල්ලන්ට අර වැඩේ කරලා දාන්න නැතිනම් රටට කොඩිවිනයක් වෙනවා (නදී)
තවත් මෙයාලට මොනවට නළවනවද? (අ)
නුදුරු දිනේ කවදද දන්නේ නැහැ. ප්‍රධාන අපරාධ කාරයා කවදාවත් පළමු විත්තිකරු නොවෙනවා වගේම ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අයෙක් ද නම් ලේසියෙන් හිරේ යන්නේ නැහැ.(නදී)
මෙයාලට දෙන්න ඔන රජ කාලේ දඩුවම්(දිල්)
ඒ කියන්නේ තව එක්කෙනෙක් නිදල්ලේද? දරු පැටියා ප්‍රවේශම් කරගන්න මාපියනේ. කට්ටියට නිකන් ලැජ්ජයි වගේ නේද බිම බලාගෙන යන්නේ? නොහොබිනා වැඩ කරන්නයි ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)