මීගලෑව කටුගම්පලගම දිනිඳු යශේන් ලංකානාථ දරුවා පැහැර ගෙන රුපියල් කෝටියක් කප්පමක් ඉල්ලීයැයි සැකපිට රිමාන්ඩ් කැර සිටින පස් දෙනා ඔක්තෝබර පළමු වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් ඩී එම් රුවන් ධම්මික මහතා නියෝ කළේය.
මංජුල සඳකැලුම්, ඩබ්ලිව් පී එස් චතුරංග කුමාර, එච් එම් දිනේෂ් ප්‍රියසාද්, ඩී ඩබ්ලිව් ඒ සංජීව විජේකෝන් සහ අතුල බණ්ඩාර පියසුන්දර සැකකරුවෝය.
පස් වැනි සැකකරු පියසුන්දරට නීතීඥ සහාය නොදෙන්නැයි සිංහල හා මුස්ලිම් ප්‍රදේශවාසීහු අධිකරණය අසල පාදෙනිය අනුරාධපුර මාර්ගයේ නිහඬ විරෝධතාවක් පැවැත්වූහ.
නීතීඥවරුනට පොලිස් ආරක්ෂාව ලබා දී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගලෑව පස්දෙනා යළි රිමාන්ඩ්
නිමල් ලලිත Thursday, 18 September 2014 02:53 AM
අපරාධකරුවන් වෙනුවෙන් ඉදිරිපත්වෙන නීතිවේදීන්ගේ අවධානය යොමු කිරීමට මහජනතාව ඉදිරියට පැමිණීම ගැන සතුටු වෙමි. (නි)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 18 September 2014 03:17 AM
මෙවැනි සිදුවීම් දෙස බලනකොට අපරාධකරුවන් සුදනන් කිරීමට බොහොම කැපවීමකින් වැඩකරන නීතිඥයින්ට ළඟදීම හෙල්මට් පැළඳගෙන උසාවි යන්න වෙයිද දන්නේ නැහැ. (නි)
අප්පුහාමි Thursday, 18 September 2014 04:04 AM
අපරාධ කාරයින්ට ගහන හෙණ උන් වෙනුවෙන් පෙනී ඉන්න කළු කෝට් කාරයින්ටත් ගහනවා නම්! (ස)