ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයාගේ නිල නිවස ලෙස භාවිත කිරීමට කුලියට ගත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර නිවසක් 2013දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා පරිහරණය කර ඇතැයි මංගල සමරවීර විදේශ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ඊට පිළිතුරු දෙමින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එය තමාගේ කීර්ති නාමය පළුදු කිරීමට ගන්නා පහත් උත්සාහයක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර ඇත.
අයවැය විවාදයට එක්වෙමින් මංගල සමරවීර ඇමැතිවරයා කියා සිටියේ රාජපක්ෂ රෙජීමය සමයේ 2012 සහ 2014 වසර අතර කාලයේ විදෙස් ගමන් සඳහා රුපියල් බිලියන 2.3ක් වැය කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් ඔයාගේ කවුද අනේ මෝරුන් කෑවේ? පුළුවනි නම් අපිටත් දැනගන්න විස්තර ටිකක් දෙනවද? (ර)
පසුගිය රජය පෙරලුන එක හොඳයි ඔවුන් කල වැරදි තේරුම්ගන්න නමුත් මහාපරිමාණ චෝදනා එල්ල කෙරුවට එකක්වත් ඔප්පු කරන්න අවුරුදු දෙකහමාරක් ගතවෙලත් බැරිවගිය හුගක් ඒවා බොරු කියල තේරෙනවා (ර)
මේ වෙනකන් පාලකයන්ගෙන් රටට වුන සෙතක් නැහැ (ර)
චෝදනාවල් ඔප්පු කරන්න පුලුවන්නම් තම වඩා හොඳ (ර)
රුවන් මිනී මෝරුන්ගේ බඩට ගිය එක පුද්ගලයෙකුගේ නමක් කියනවද? (බ)
මංගල දැනටමත් විදෙස් සවාරි කියක් ගිහිල්ල තියෙනවද ? ඔය ඇමති කමට ගැලපෙන යහපාලුවෙක් නොවෙයි (බ)
මංගල කරපු දේවල් බලන්න ඕන නම් මාතරට එන්න (බ)
හැමෝම එකිනෙකාගේ පිටකසාගන්න එක තමා කරන්නේ (ර)
එකිනෙකට චෝදනා කරගන්නවා මිසක් වෙන වැඩක් නැහැ (ර)
වහල් විලන්ගුවෙන් මිදෙන්න බැරි අන්ද,ගොළු, බිහිරි, මිනිසුන් ට මේවා කියල වැඩක් නැහැ. ඔය කියන ගෙදරට ආරක්ෂාවට හමුදා සෙබළුන් ලංකාවෙන් යවල කියල අපි නම් දන්නේ ගොඩක් කලකට පෙර, රුපවතියේ, (ර)
ඒ ගමන තවත් ජවනිකාවක් කරළියට! (නි)
ඔවු.ඔවු. අපි දන්නවා ඔය ඇත්තෝ බොහොම කාරුණික වගේම බොහොම දේශප්‍රේමීයි කියලා. අනේ මගේ කට! යහපාලන ආණ්ඩුව, ආණ්ඩු බලය ගන්න කලින් පොරොන්දු වූ විදිහට දුශිතයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළා නම්, වගේම නීතිය ක්‍රියාත්මක කරන වගකිවයුතු ආයතන ඔවුන්ගේ යුතුකම් රට ගැන හිතලා හරි විදිහට ඉටුකළා නම්, අපිට අද මේ වගේ බයිලා අහන්න වෙන්නේ නැහැ. (නි)
ගොඩක් අයගේ කට විතරයි වැඩ නැහැ. (නි)
කවුද මංගල සමරවීර කියන්නේ? රටට ආදරය කරන දේශපාලකයෙක්ද? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
යහපාලනය දැනටම විදෙස් ගමන් සඳහා රුපියල් බිලියන 2.3ක් පන්නලා නැද්ද? (නි)
වෙන මොනවද දන්නේ නැහැ රාජපක්ෂලා කළේ? ඒ කාලේ ඔහෙලා ඒ රජයෙන් ඕවා කරනකම් ඇයි නිකම් බකන්නිලාගෙන හිටියේ ..? අනික ඒ ගැන ඇයි මේ රජය බලයට පත්වෙලත් වසර දෙකක් ගිය තැන අද කියන්නේ? අනේ මගේ කට ....! (නි)
අනේ රූපවතී, ඒ කාලේ බලාඉන්නේ නැතුව මක්කරන්නද? ඔහේ කට ඇරියත් ඒ ගොල්ලන්ට විරුද්ධව එහෙනම් ඉතින් මිනී මෝරුන්ගේ බඩේ. නැත්නම් මුහුද මැද (නි)
මම නම් හිතන්නේ ඔය කියන පාලනය මේ වෙනකොට ඔය කියන ගානට වැඩිය වියදම් කරලා (නි)
සමහරු ගැන කියනකොට වහලුන්ට හිතට අමාරුයි වගේ (බ)
පොහොට්ටුවක තියලම නැවතත් රට මේ අයටම දෙමු. අපූරු ජාත්‍යාලය..! (බ)