විදේශ ඇමැති මංගල සමරවීර යුරෝපා කොමිසම හමුවීම සඳහා සඳුදා (26) බෙල්ජියමේ රසල්ස් නුවර බලා යයි.
ශ්‍රී ලංකාවෙන් මාළු මිලට ගැනීම තහනම් කරමින් යුරෝපා පසුගිය රජය සමයේ කොමිසමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගත්තේය.
ශ්‍රී ලංකාව නීති විරෝධී ධීවර කර්මාන්තය වැලැක්වීමට පියවර නොගැනීමත්, බෙලීස් රාජ්‍යය මාළු මිලට ගැනීමේ තහනම ඉවත් කිරීමත් නිසා කොමිසම එම තහනම පැනවීය.
විදේශ ඇමැතිගේ උත්සාහය වනුයේ කොමිසමෙන් පෙන්වා ඇති අඩුපාඩු හදා ගන්නා තුරු අඩු ගණනේ හය මාසයකටවත් එම තහනම අත්හිටුවා ගැනීමයි.
ධීවර කර්මාන්තයේ දී මුහුද සූරාගෙන කෑම, තම මුහුදු ප්‍රදේශයේ අනවසර යාත්‍රාවලට ඉඩදීම ආදී නීති විරෝධී කටයුතු වලට 2010 සිට යුරෝපා කොමිසම දැඩි ක්‍රියාමාර්ගයක් ගනී.
අනවර ධීවර කර්මාන්තයේ යෙදෙන්නවුන් නීතිය හමුවට පැමිණවීමට ශ්‍රී ලංකාව අඩු ගණනේ නීති රීති පවා පනවා නැතැයි කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මසිරි, ඔයාගේ අදහස් වලින් පේන්නේ ඔයාට විදේශ ප්‍රතිපත්තිය පිළිබද අවබෝදයක් නැහැයි කියන එකයි. ඒවා ඔය කියන විදිහට ස්කයිප් වලින් වත් ඊමේල් හරහා වත් කරන ගනුදෙනු වගේ නෙමෙයි. ප්‍රතිචාර දාන කොට අදාල විෂය පිළිබද අදහස් පමණක් දාන්න (නදී)
ඔය කවුරු කයිවාරු ගැහුවත් ආනයනය අපනයනය ආර්ථිකය තුල අපිට ඔවැනි බටහිර තර්ජනයන්ට මුහුණ දීමට සිදුවෙන අතර ඊට හොදම විසදුම තමයි අපිට අවශ්‍ය භාණ්ඩ හැකිතාක් අපිම නිපදවාගෙන ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයකට රට යොමු කිරීමයි.(හේ)
මේ තහනම දැම්මේ පරිසර නීති උල්ලංගනය කල නිසා. ඕනෑම රටකට ආර්ථිකය පැවැත්මටත්, රුපියලේ අගය කිරීමටත් විදේශ විනිමය ඕනේ. (ර)
ලොකු හදිස්සියක් වගෙයි. (නි)
මාස 6 කල් ඉල්ලුවාට දවස් සීයෙන් පසු ඔබ තුමා කොට උඩ ගියොත්? (නදී)
ඔබතුමාට ජයවේවා! (නි)
සත්‍යපාල, ඔබත් කුරහන් වවන කෙනෙක්ද.? (ර)
ඕවා හොද වැඩ. (ර)
එතුමා මේ කාර්යය සාර්ථකව කරයි කියලා හිතෙනවා (නි)
කොහොමහරි වැඩේ හරිගියොත් නම් අපි දිනුම්! (නි)
ඔය ප්‍රශ්නයට වගකියන්න ඕනෑ කෙනා දැන් ඉන්නේ කොහේද? (නි)
ඇයිමේ තරම් හදිසියේ ජාත්‍යන්තරය එක්ක තියන ප්‍රස්න විසදන්න දුවන්නේ. පහුගිය කලේ කරගන්න බැරි උන සංචාර ටික ආවරණය කරගන්න හදනවද. තාක්ෂණය දියුණු අද ඕවා කරන්න රට රටවල යන්නම ඕනද. පහුගිය අය කරපු දේවල් විවේචනය කර කර මෙයාලත් ඒ දේමද කරන්න හදන්නේ. (නදී)
අලුත් විදේශ ඇමති තුමාට පුදුම රටවල් ගොඩකට නේ යන්න වෙලා තියෙන්නේ. තව පටන් ගත්ත විතරයි. දින 100 ය ඉවරත් නැහැ නේද? (නදී)
මංගල සිවිල් සේවා නිලධාරීන් හෝ අනිත් පරිපාලන නිලධාරීන් කරන ඕනෙම රාජකාරියක් එ් හා සමානව නැති නම් ඊට වඩා හොඳින් කිරීමේ හැකියාව හමුධා නිලධාරීන්ට ඇත (නදී)
මෙතුමා වැඩකාරයා. ඔය වැඩේ සාර්ථක කරගනී (නි)
මංගල මහත්තයා කොහොමත් මේ වැඩේ කරනවා. මට නම් ඒක විශ්වාසයි (නි)
මංගල, එකම හැන්දෙන් අසල්වැසි රටවලට බෙදන ප්‍රතිපත්තිය කෝ ? නැගිටපු හැටියේ කිසිම උදව්වක් නොකරපු අයව බලන්න පියාසර කළා. හැම අතින්ම හැමවිටම උදව්කල චීනයට යන්නේ කවදද? (නදී)
පද්මසිරි වගේ සිතන කට්ටිය තවත් රටේ ඉදීම ගැන අපිට කණගාටුයි. මතක නැද්ද , පහුගිය ආණ්ඩුව විදේශ සේවා හා විදේශ තානාපති සේවය තනිකර දේශපාලනය හා පවුල් කරණය කරපු එකේ පල විපාක තමයි මේ. මේකෙන් ලංකාව ලෝකයෙන් ඈත් වුනා. අපේ වරප්‍රසාද අහිමිවුණා. පහුගිය ආණ්ඩුව තවදුරටත් බලයේ සිටියා නම් අපේ රටට වෙන්නේ උතුරු කොරියාවට වෙච්ච දේමයි. ලෝකෙන් ඈත්වීමයි. මංගල සමරවීර මැතිතුමා දැන් ඔය කරන්නේ පහුගිය ආණ්ඩුව විනාශ කරපු ලංකාව හා ජාත්‍යන්තර සම්බන්ධකම් නැවත පිළිසකර කිරීමයි. එයින් ලංකාවට අහිමි වුන අපේ අහිංසක ධීවරයින්ගේ වරප්‍රසාද නැවත ලබාදීමයි. මේක දවස් 100 න් කරන්න පුළුවන් වැඩක් නම් නෙමෙයි. නමුත් මංගල සමරවීර මැතිතුමාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා (නදී)
මම නම් හිතන්නේ හිටපු ධීවර ඇමති තුමා ඉහත සිද්ධියට වග කිව යුතු බවයි. වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් කරනවා නම් යහ පාලනය අර්ථවත් කිරීමට හිටපු ධීවර ඇමති තුමාටත් විරුද්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. (නදී)
ගරු ඇමතිතුමනි, මම පාරම්පරික ධීවරයෙකුගේ පුතෙක්. මම ජීවත්වන්නේත් ධීවර ගම්මානයකයි. ඔබතුමා මේ තහනම ඉවත්කර දෙන්නේ නම් එය ධීවර ජනතාවට මිල කළනොහැකි උපකාරයකි. ඔබට අපේ සුබ පැතුම්! (නි)
ඇති වී ඇති තත්ත්වයට වගකිවයුතු අයත් එක්කගෙන යන්න. (නි)
මංගල මහත්තයාට ඕක සුළු දෙයක්.(හේ)
අඩු පාඩු හරිගස්සාගෙන, වැරදි නිවරදි කරලා, අවශ්‍ය නම් විතරක් ගියා නම් නේද හොඳ. . අපරාදේ මහාජනයගේ මුදල් නාස්ති කරන්න එපා. (නදී)
සමහරුන්ට මෙම ගමන් වැද ගැම්මක් නැහැ. නොතේරුම් කමට මෙසේ හදිසියේ මෙම ගමන් සිදු කරන්නේ රටට අවශ්‍ය වැදගත් තීරණ වෙනුවෙන්. මේවායේ ප්‍රතිපල ඉක්මනින් දැක ගන්නට පුළුවන් (නදී)
බලමුකෝ වැඩේ හරියයිද කියලා (නි)
ආණ්ඩුව වෙනස්වෙලා මාසයයි මෙයා අතේ ඇඟිළි වලින් ගණන් කරන්න පුළුවන් දවස් ගණනක්වත් ලංකාවේ හිටියෙ නැහැ. මෙහෙම ගියොත් දින 100 අවසන් වෙනකොට, ඒ යන වියදමින් තවත් අධිවෙගී මාර්ගයක් හදන්න පුළුවන් වේවි. (නදී)
කලින් හිටපු ධීවර අැමති වගකියන්නේ නැද්ද ? එතුමා තමයි අපිට ගැහැව්වේ. දැන් එතුමා හොඳද ? (නදී)
පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්නකෝ හැමදාම රට යන්නේ නැතුව. (නි)
එතුමාට නම් පුළුවන් ලෝකේ වටේම යන්න (නි)
වයිකෝ, මහජනයාගේ මුදල් නාස්තිය ගැන දැන්ද කියන්නේ....?(හේ)
හොඳ විසදුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
ඒ තහනම ඉවත් කර ගත යුතුයි.(හේ)
ඇත්තට මේ තහනමට ලොකුම හේතුව වුනේ චීන නෞකා අපේ මුහුදු කලාපයේ ටූනා(කෙලවල්ලා) මසුන් මැරීම.තව ධීවර ඇමති වැනි වුන්ගේ ක්‍රියාත් මේකට බල පෑවා අපේ මුහුදු තිරයෙන් (ලංකාව , මාලදිවයින , දකුණු ඉන්දියාව ) අහුවෙන කෙලවල්ලන් මාළුන්ගේ තිබෙන ප්‍රමිතිය ඉතා ඉහල අතර ඊට ලැබෙන මිලත් ඉතා ඉහලයි ... එයින් ඉතා විශාල විදේශ විනිමයක් අප රට ඉපැයූ අතර දැන් එය අහිමිවී ගොස් තිබෙනවා . ඉතින් මංගල ඇමති තුමාගේ මේ සංචාරය සාර්ථක වුනොත් එය අපේ රටට ඉතා විශාල ප්‍රතිලාබ ගොඩක් ගෙන එනවා ... හැම දේම කුහක විදියට බලන්න එපා.. තව ඉස්සර වගේ මෙතුමා පට්ටි පිටින් රට යන් නැහැනේ වැඩිම 3 නැත්තම් 5 දෙනයි. ඒ නිසා වියදමත් ඉතා අඩුයි ...එකයි වෙනස .....(අ)