ශී‍්‍ර ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් ක්වාසිම් කුරේෂි හා නව විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා අතර හමුවක් විදේශ අමාත්‍යංශයේදී පැවැත්විණි.
හමුවේදී ශී‍්‍ර ලංකාව හා පකිස්තානය අතර ආර්ථික,ආයෝජන,හා වෙළද අංශ වලින් නව ද්විපාර්ශවීය සබදතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.
දෙරට අතර දැනට පවතින සබදතා දිගටම පවත්වාගැනීමට හා ඒවා තව දුරටත් වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණි.
ඉතාම බරපතල අවස්ථාවලදී පකිස්තානය ශී‍්‍රලංකාවේ සහයට සිටි බව පැවසූ විදේශ අමාත්‍යයවරයා ඒ සම්බන්ධයෙන් ශී‍්‍රලංකාවේ ස්තූතිය පකිස්තානයට හිමිවන බව කියා සිටියේය.
කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් පකිස්තානය ගනිමින් සිටින පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුම්වත් කිරීමටද පකිස්තාන මහකොමසාරිස්වරයා කටයුතු කළේය.
නව රජයේ අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් හමුවීමට පසුගිය සතිය මුලූල්ලේම විවිධ රටවල දූත කණ්ඩායම් හා තානාපතිවරුන් පැමිණි අතර වෙළද අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවීමට පැමිණි ජපාන දුූත පිරිසත්,ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා හමුවීමට පැමිණි ජර්මන් දුත පිරිසත් ඔවුන් අතරින් ප‍්‍රධාන විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදා සේවය ලොව ඕනෑම රටක ඕනෑම තනතුරකට ලොව පිළිගත් සුදුසුකමකි. (නි)
යුද්ධය ජය ගැනීමට පකිස්තානය සහ චීනය ශ්‍රී ලංකාවට හුගක් උදව් කළා. එම නිසා චීනයේ සංචරයක යෙදුනොත් හොඳයි නේද? අසල්වැසි රටවලට එකම හැන්දෙන් බෙදන්න (බ)
යුද්ධයේ අති දුෂ්කර අවස්ථාවලදී ලංකාවට උදව්වට හිටියේ පකිස්ථානය විතරයි. ඉන්දියාව කෙනෙහිලි කම් කරන කාලේ අවි ආයුධ ලබා දුන්නේ ඔවුන් පමණයි. චීනයද පසුව ඉමහත් සේ උදව් කළා අවි ආයුධ ලබාදෙමින් සහ යුද්ධයෙන් පසු ලංකාව තිබුණු තැනින් පිම්මේ ඔසවා තබන්නට. චීනයේ සංවර්දන ආධාර ඉමහත් සේ උපකාරී වුනා. අපි වගේ පුංචි රටක දියුණුවට ආසියාවේම ආධාර ලබා ගන්නවාට බටහිර රටවල් රුස්සන්නේ නැහැ. එ්කයි ඇත්ත (නදී)