රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි බල කරමින් මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක කණ්ඩායම මාතරදී පැවැත්වූ උද්ඝෝෂණයට කුරුඳු පොලු ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධිය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මහත්මිය ඉදිරියේ අද විභාගයට ගැනිණි.
සැකකරුවන් වන මංගල සමරවීර (විදේශ ඇමැති) සුදත් චන්ද්‍රසේකර, කිත්සිරි කහටපිටිය ඇතුළු 62 ක් අධිකරණයේ පෙනී සිටියහ.
2013.10.5 වැනිදා මේ ප්‍රහාරය එල්ල විය. එම සිද්ධියේදීම වෙඩි තබා ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) ඇතුළු 5 දෙනකුට තුවාල කළැයි හර්මන් ගුණරත්නට එරෙහි නඩුවද නොවැම්බර් 2 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ තුවාල තාම පාරනවාද ? (ම)
රනිල් දෙශපල්නයෙන් ඉවත් විය යුතුයි. (අ)
වයිකෝ ඔයා ඇත්තටම තමිල්නාඩුවේ ඉන්න වයිකෝමද? (අ)