අවසන් වසරේ නීති ශිෂ්‍යයකු වන මිගර ගුණරත්න මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පෑලියගොඩ පොලිසියට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහය සහ වධහිංසා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොක්කන්ගේ පුත්තුන්ට ගැහුවොත් විතරද පොලිසියේ අය අත්අඩංගුවට ගන්නේ? කොහොම නමුත් මේ සැරේ නම් පොලිසිය කලුගලක ඔලුව ගහගෙන තියෙන්නේ...
බොහොම හොඳ වැඩක්.. නීතිපතිතුමාට මගේ උපහාරය. පොලිසියේ ඉන්න මේ වගේ නරුමයන්ට මේවා හොඳ පාඩම්. කිසිම කෙනෙකුට මේවගේ වැඩ දෙන්න පොලිසියට නීතියෙන් ඉඩලැබිලා නැහැ. නමුත් මේ වගේ වැඩ දිගටම සිදුවුණා. මේවා නවත්වන්න නීතිපතිතුමා මැදහත්වීම ඉතා අගෙයි.
සැමදා - නියං එක දා වැහි වලාවේ කීවා සේ, නීතිපති තුමා අගය කළයුතු කටයුත්තක් කර ඇත. රට වැසියන්ගේ ප්‍රණාමය. වද හිංසාව අපේ පොලිසියට ආගන්තුක හෝ පුහුණු කළයුතු දෙයක් නොවේ..! පොලිසිය යමෙකුට වදහිංසා කළ විට නර්ස් නෝනා, වෛද්‍යවරයාගේ සිට නීතිපති දක්වා සියලුම රාජ්‍ය නිලධාරින් එක්වී ක්‍රියාකර පොලීසිය ආරක්ෂා කරන එක සාමාන්‍ය සම්ප්රදායයි. මෙය පොලිසියට පමණක් හිමි වූ මුක්තියක් වන අතර, "අපරාධ වින්දිතයා" සදාකාලයටම ඊට ගොදුරක් වේ. මේ කථාවේදි එය තරමක් වෙනස් වී ඇත. කොහොම වුණත් නීති-යුක්තිය සමාජයෙන් පලා ගොස් ඇති අවස්ථාවක, මෙවැනි ප්‍රවෘත්තියක් දැකීම රට වැසියෙකුට සතුටක්...!
මේ නිලධාරීන් අල්ලලා තියෙන්නේ මහා පරිමාණ අපරාධයක්. එහෙදී මිගාර කළ වැඩේ හරිද? දුරකථනය දීම තහනම් බව නීතිය හදාරණ අය විතරක් නොවේ.. සාමාන්‍ය අයත් දන්නවා. එතැනදී පොරබැදීමක් ඇතිවෙන්නත් පුළුවන්.
අත්අඩංගුවට ගත්ත පුද්ගලයින්ට සාත්තු සප්පායම් දීම සහ ජංගම දුරකථන ලබාදීමට ඔය මිගාරගෙයි, මේ අපරාධකරුවන්ගෙයි තියෙන සම්බන්ධකම් මොනවාද? ලොකු ලොක්කන්ගේ පුත්තුද මහ මොලකාරයෝ?
දුරකථනයක් දුන්නා නම් ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ අතින් පයින්ද? ලංකාවේ මිනිස්සුන්ට හිංසා කිරීම නතර විය යුතුයි. බ්‍රිතාන්‍ය පොලිසිය මනුස්සයෙක් ජීප් එකට නග්ගනකොට ඔලුව වදිනවට අත තියනවා. ජීප් එකේ සහ ඔලුව අතරට පොලිසිය ජනතාවගේ ආරක්ෂාවට ඉන්නේ සැකකරුවන් වැරැදි කරුවන් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අත්අඩංගුවේ ඉන්න අයට සලකන්න ඕනෑ මානුෂීයව...
මෙයාව අත්අඩංගුවට ගත්තු හේතුව නොදන්න නිසා ඒ ගැන දැනගන්න කැමැතියි. කොහොම වුණත් ඉතින් ලොක්කෙකුගේ පුතෙක්. නීති ශිෂ්‍යයෙක්. එතකොට නීතිය අකුරට ඉටුකරන්න එපැයි. එයාට මානව හිමිකම් තියෙනවනේ.
මිගාර කියන්නේ කටවාචාලකමට කතා කරන්නෙක්, ඔහොම කරලාවත් ඔයා හැදෙන්නේ නැහැ. තාත්තාගේ ඌෂ්නේ තදටම අරං. එයා නීති විද්‍යාලේ විභාග පාස්වෙන හැටි දන්නෝ දන්නවා...