
(පුෂපකුමාර මල්ලවාරචචි සහ ආනන්ද ඊ ජයකොඩි
දුම්රිය මගියකු ගේ පා පහරට ලක්වූ දුම්රිය ආරක්ෂක නිලධාරියකු ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පිටතට විසිවී ඇද වැටී මිය ගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
වේයන්ගොඩ වදුරව දුම්රිය ආසන්නයේ දී මෙම සිද්ධය සිදුව ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ ඉහළ යාගොඩ ගම්පහ ඔරුතොට පාර පදිංචිව සිටි ෂර්ලි ලක්ෂ්මන් දිසානායක නමැති 52 හැවිරිදි දෙදරු පියකු බව ද පොලිසිය පවසයි.
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියෙ මගින් දෙදෙකු මත්පැන් පානය කරමින් සිට ඇතැයිද එසේ නොකරන ලෙසට දුම්රිය ආරක්ෂක නිලධාරීන් උපදෙස් දුන් අවස්ථාවේ ඉන් එක් මගියකු එල්ල කල පා පහරින් දුම්රිය ආරක්ෂක නිලධාරියා දුම්රියෙන් පිටතට විසි වී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මත්පැන් පානය කරමින් දුම්රියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව දුම්රිය ප්‍රවේශපත් පරීක්ෂකවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් මත එහි සිටි දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනා විසින් ඔවුන් පරික්ෂා කිරීමට යාමේදී එම පුද්ගලයන් දෙදෙනා ආරක්ෂක නිලධාරීන් හට බැන වැදීම හේතුවෙන් එහිදී දෙපිරිස අතර යම් බහින්බස් වීමක් සිදුව ඇත.
මොවුන් දෙදෙනා සතුව දුම්රිය ප්‍රවේශ පත්‍ර ද නොතිබූ බවද දුම්රියේ සිටි අනෙක් දුම්රිය ආරක්ෂක නිලධාරියා පොලිසියට දන්වා ඇත
පසුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා එම දුම්රිය මැදිරියෙන් වෙනත් දුම්රිය මැදිරියකට ගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ ඉන් එක් අයෙකු දුම්රිය ආරක්ෂක නිලධාරියාට පා පහරක් එල්ල කර ඇති අතර එහිදී එම දුම්රිය ආරක්ෂක නිලධාරියා දුම්රිය දොරෙන් පිටතට විසි වී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
සිද්ධිය පිළිබඳව දැන ගත් වහාම ක්‍රියාත්මක වූ මීරිගම පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් මීරිගම දුම්රිය ස්ථානයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ
සැකකරුවන් හමුදා සෙබළකු සහ දුම්රිය මගී භෝජනාගාරයක සේවය කර ඇති බව කියන පුද්ගලයකු බව හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ක්‍රමයේ පහරදීමක්
කවුරු මේ රට පාලනය කළත් වැඩක් නැහැ... මේ වගේ කාලකණ්ණි ඉන්නකන්... මේ රට ගොඩයන්නේ නැහැ.
බෝතලයෙන් පෝරකයට...
ලංකාවේ සිස්ටම් චේන්ජ් කරන්න නම් මිනිස්සුන්ට හරි, වැරැද්ද වගේම වැරැද්ද නිහතමානීව පිළිගැනීමටත් පුරුදු කරගත යුතුය. දේශපාලනයටම වැරැද්ද පැටවිය නොහැක. සමාජය තවමත් අතිශයින්ම ගෝත්‍රිකයි...
ඔය ආරක්ෂක නිලධාරීන් ගොඩක් අය නිලඇඳුමේ උෂ්ණත්වය ඔලුවට ගහපු අය. පොලිසියේ පොරවල් වගේ. මඟීන්ට කතා කරන්නවත් දන්නේ නැහැ...
මෙච්ච දේ හරියි කියලා කියන්නේ නැහැ. ඒත් මිනිස්සු ඉන්නේ පුදුම ආවේගයකින්. කොටින්ම ළඟම ඉන්න තමනිගේ යාලුවවත් දැන් පෙන්නන්න බැහැ. තව මාස කීපයකින් මිනිස්සු අනිත් මිනිස්සුන්ව මරාගෙන කනවා. ඒක ශුවර්...
ඊට වඩා හොඳ නැද්ද? කමල්, ගුණේ කියන නම රනිල් වෙනුවට යෙදුවොත්...?