(මනෝජ් හර්ෂික)
මීගමුවේ ඇතිවු නොසන්නසුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වු පුද්ගල හා පොදු දේපළවලට ඇති වු අලාභානි තක්සේරු කිරීමෙන් පසුව වන්දි ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
ඒ අනුව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හානි පුරණය සඳහා වන කාර්යාල අලාහාභානිය තක්සේරු කිරීමට පියවර ගෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු අගමැති, කට අැරියොත් වන්දියක් දීම ගැනයි ජාත්‍යන්තරය ගැනමයි වචන පිටවෙන්නේ.. මහත්තයෝ ජාතික සමගිය සල්ලිවලින් වන්දි දීලා ජාත්‍යන්තරය ගොඩනගන්න බැහැ.. එ්කට වැඩපිළිවෙලක් හදන්න හැමෝම එකතු කරන්... මේ වගේ අගමැතිලා අවශ්‍යද?
තමන්ගේ අම්මගේ අප්පගේ බූදලෙන්ද ගෙවන්නේ? මේ ගෙවන සියලු වන්දි මුදල් අගමැති, ජනාධිපති ඇතුළු සියලු මන්ත්‍රීන්ට නඩු දමා රජයට නැවත ලබාගත යුතුයි. මේ සියල්ලටම වගකිව යුත්තේ කිසි වැඩකට නැති මේ හොර පාර්ලිමේන්තු නඩයයි...
මෙයාලට කරන්න පුළුවන් ලොකුම දේ ඕක තමයි. ගෙදරින් ගෙනැල්ලා වෙන්න ඇති දෙන්නේ.. විනාශයක් වෙන එක වළක්වන්න එකෙක් නෑ..
තවත් මුට්ටිය අල්ලන්න.
කලින්ම මෙයා වන්දි දෙන්න ඉදිරිපත් වෙලා . සහරාන්ගේ පවුලටත් වන්දි ගෙවුවොත් පුදුම වෙන්න එපා.
වන්දි වන්දි... මිනිස්සුන්ට සල්ලි විසික්කළාම ඔක්කොම හරි කියලයි මේ මිනිස්සු හිතන් ඉන්නේ. කෙනෙක් කිව්වා ළමයෙක් මැරුණාම ලක්ෂයක් ලැබෙනවා කියලා. ත්‍රස්තවාදී මූලාශ්‍ර රැකගෙන ජනතාව රවටනවා. මේ මිනිස්සුන්ගේ බොරුව වංචාව තමයි මේ හැම ප්‍රශ්නයකටම හේතුව...
බොහොම ඉක්මන්නේ. කලින් මෙහෙම ඉක්මන් වුණා නම් අර අහිංසක මිනිසුන් තාමත් ජීවත්වෙනවා.
මෙයාලට කඩේ යන කවුරුත් නැද්දෝ...?
අගමැතිතුමෝ ඔය කොහොම ගෙවුවත්, මොනවා කිව්වත් මෙදාපාරනම් ගෙදර යවන එක යවනවාම තමයි. ඒක ඉර හද වගේ විශ්වාසයි.
මේවට නම් ඉක්මනට දෙන්න පුළුවන්.
දැන් මේ මීගමුවේ ඊයේ සිදු වෙලා තියෙන්නේ පෞද්ගලික ආරවුලක් ඒකට රටේ ජනතාව මොකටද වන්දි ගෙවන්නේ? වැරද්දක් කරලා තියනවනම් කවුරුන්හෝ ඒක කල පුද්ගලයන් අයකරනවා මිස රටේ කොහේ හරි මොන කාලකන්නි රැලක් හරි කරන විනාශ වලට අහවල් දේකටද ජනතාව ගෙවන්නේ..... පාස්කු සිදුවීම කමක් නැහැ මේ දේවල් වලට ගෙවන්න අගමැතිට ඕනෙනම් ඒක එයාගේ අතින් ගෙවන්න ඕනේ. මෙහෙම ගියාම රට වටේ සිදුවන් සේරටම අපි එපෑ ගෙවන්න මේක මොන හරක් වැඩක්ද ? මෙහෙම ගියාම මිනිස්සු පරණ ගෙවල් ගාර වැටුන ගෙවල් හදා ගන්න මේ වගේ ආරවුල් ඇතිකරගන ගෙවල් ගිනි තියාගන වන්දි ඉල්ලයි .
පාර්ලිමේන්තුවේ ඉන්න සීයලා ටික මුලින් අයින් කරන්න ඕන .ගමේ ඉන්න තරුණ හෝ වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට ඡන්දෙට ඉදිරිපත් වීමට අවස්ථාවක් ලබන්නේ නැත. එම නිසා සෑම දිස්ත්‍රික් ස්වාධීන කණඩායම් මගින් හෝ තරුණ පරපුරක් පාර්ලිමේන්තුවට යැවීමට උත්සහ කරමු.
සේනක, කොච්චර පැරදුනත් ගෙදර යන්නෙම නැහැනේ... කාගේහරි කරේ එල්ලිලා ඉන්නවනේ. 2020දී කරූ ජයසූරිය මැතිතුමාගේ කරේ එල්ලන්න සූදානමින් ඉන්නේ...
ඔබතුමාලගේ දේශපාලනේ රටක ආරක්ෂාවක් ගැන සඳහනක් නැද්ද? ලෝකයේ සියලු රටවල් මුල්තැන දෙන්නේ රටේ ආරක්ෂාවට... මැරුණට පස්සේ ඔබතුමන්ගේ වන්දි මුදල්වලින් පණ දෙන්න පුළුවන්ද?
තවම කඩේ යන හාල්පාරුවෝ ඉන්නවා.
ඒවට මෙයා හරි ඉක්මන්..
2020දී අර 62 වන්දි ගෙවාවි.. ඔබලාව පත්කර ගැනීමෙන් වුණු විනාශයට. හම්බ ත්‍රස්තයින් කළ විනාශයේ අතුරු ඵලයක් තමයි මීගමු සිද්ධිය. සිදුවූ මුළු විනාශයට බලයේ සිටි ඔබලා පුද්ගලිකව වන්දි ගෙවිය යුතුය.
සිද්දියක් වුණාට පස්සේ මේ තරම් ඉක්මණට වන්දි ගෙවන්න තියන උනන්දුව සිද්ධිය වෙන්න කලින් තිබුණා නම් මොන තරම් විනාශයක් වළක්වා ගන්න තිබුණද?
පශ්චාත් මරණ පරීක්ෂණය තියන්නේ හේතු හොයන්න. එයින් පසු එම හේතුව වළක්වාගන්න. මෙරට හේතුව නැවත නැවත ඇති කරනවා. වැඩේ පටන්ගත්තු එවුන්ගේ අම්මා අප්පාගේ දේපළ විකුණලා හරි වන්දි ගෙව්වා නම් එකෙක් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට රුකුල් දෙන්නේවත් පෙළඹෙන්නේවත් නැහැ.
මේ ආණ්ඩුව රක්ෂණ සමාගමක්ද?
ඔබලා තව පොඩ්ඩෙන් වන්දි ගෙවන්නේ ජීවිත වලින්.