(ප්‍රසාද් මුතුකුඩ)
ප්‍රමාණවත් හෙද කාර්ය මණ්ඩලයක් නොමැතිවීමෙන් මීගමුව දිස්ත්‍රික් රෝහලේ අර්බුදකාරි තත්වයක් හට ගෙන ඇතැයි කියමින් මීගමුව රෝහලේ හෙද කාර්ය මණ්ඩල ප්‍රධානින් ඇතුළු හෙද පිරිසක් අද(19) සංකේත විරෝධතාවයක් ක්‍රියාත්මක කළහ.
ඩෙංගු අසාධිත රෝගීන්ගේ පැමිණිම වැඩිවිම මෙන්ම මේ දිනවල පැතිර යන වෙනත් වෛරස් ආසාදන උණ රෝගින්ද විශාල ප්‍රමාණයක් දිනපතා මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් වන බැවින් දැනට සත්කාරක වාට්ටු වල සිටින රෝගීන් හටද නිසි ක්‍රමවේදයක් තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබාදිමට තරම් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නැතැයි ඔවුහු කියා සිටියහ.
රෝහල් පරිශ්‍රයේ එම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර මීට පෙර අදාල බළධාරින් දැනුවත් කලද අලුතින් හෙදියන් රෝහල් කාර්ය මණ්ඩල ගතකිරීම සදහා කිසිදු පියවරක් මෙතෙක් ගෙනන නැතැයිද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවයට වඩා, වර්ජනය සාර්ථකව මේ අයට කරන්න පුළුවන් කියලා අපි දැනගෙන නම්, ගොඩක් කල්...අපේ රටේ වෛද්‍ය සභාව තියෙන්නේ, වෛද්‍ය අධ්‍යාපනය ගැන හොයලා බලන්න මිස, වෛද්‍ය සේවය ගැන සොයා බලන්න නෙමේ වෙන්න ඇති. සමහර විට ඒ අයට අයිතියක් නැතිව ඇති මගේ හිතේ?
මේ ගොල්ලෝ ලෙඩ්ඩුන්ට හරිම ආදරෙයි. බෝධිසත්ව ආත්ම වලයි ඉන්නේ.