මීගමුව මහ රෝහලේ යකඩින් ඉදිකල විකල්ප ගොඩනැගිලි 03 හී වාට්ටු තුළ රෝගින්ට හෝ වෙනත් කිසිවකුටවත් එහි සිටිය නොහැකි තරමේ අධික උෂ්ණයක් පවතින බවත් මේ හේතුවෙන් අවම උෂ්ණත්වයක් යටතේ තිබිය යුතු ඹෟෂධ රාශියක් විනාශ වී යන බවත් එහි වෛද්‍යවරු කියති.
මහජන මුදල් මිලියන ගගනක් අපතේ යවමින් මනා කළමණාකාරිත්වයකින් තොරව කඩිමුඩයේ රෝගින් වෙනුවෙන් යයි කියා කෙටි කලකදි ඉදිකළ යකඩ සැකිලි සහිත දෙමහල් නව ගොඩනැගිලි තුනේ දහවලට රත්වෙන යකඩ සැකිලි මගින් රාත්‍රීයට පිටකෙරෙන රෂ්මිය නිසා රෝගින් සිටින සියලු වාට්ටු පෝරණු තරමට පත්ව ඇතැයිද ඊයේ දහවල් වන විට පැවති උෂ්ණත්වය රෝගියකුට සුදුසු නොවන මට්ටක් බවද කියති.
ප්‍රතිකාර සේවා මුර සදහා සිටින වෛද්‍යවරුන් සහ හෙද මණ්ඩලය ඇතුළු පිරිස් පීඩාවට සහ අධික වෙහෙසට පත්වීම නිසා රෝගින් වැඩිදෙනෙකුට ප්‍රතිකාර කිරීමට තිබෙන අවස්ථාව මගහැරි ඇති බව ද ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 30
86
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මීගමුව රෝහල රත්වෙයි
දාබරේ Friday, 29 April 2016 03:16 AM
ලංකාව වැනි උෂ්ණාධික රටවලට යකඩයෙන් තනන ගොඩනැගිලි නොගැලපේ.(ම)
කරුණාජිව Friday, 29 April 2016 04:46 AM
මෙවැනි ගොඩනැගිලි ගැලපෙන්නේ ගබඩා කිරීමේ කටයුතු වලට ඖෂධ නොවේ. ඉංජිනේරුවන් ගේ යෝජනාවක් නොවෙන්න පුළුවන්.(ම)
බුද්දික Friday, 29 April 2016 06:03 AM
දැන්වත් පරිසරය ගැන මීට වඩා හිතමු, එක මිනිහෙක් එකතුවෙලා එක පැලයක් රෝපණය කරමු,රස්නේ වැඩි ඉර ලගින් යන නිසාම නොවේ, වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අඩුකරන ජාතික වැඩපිළිවෙලකට යන්න ඕන.තනි තනිව හැකි පමණින් දායක වෙමු හැමෝම, ඉබේම රස්නේ අඩු වෙලා යයි, (ම)
රජින්ද Thursday, 28 April 2016 04:52 PM
අවුරුදු ගානක් තිස්සේ අපි හැම විධියකින්ම රජය දැනුවත් කරනවා මේ රටේ ඉදිකිරීම් සදහා එක ප්‍රමිතියක් නීත්‍යානුකුලව තිබිය යුතු බවත්, නොඑසේනම් එම ඉදිකිරීම් සම්බන්ධව නීත්‍යානුකුල පියවර ගැනීමට අවසර තිබිය යුතු බවත්. නමුත් ඒ කිසිවක් කිසිවෙකුගේ හෝ අවධානයට මේ වනතෙක් යොමු නොවීම ඛේදවාචකයක්. (ර)
ජයසිරි Thursday, 28 April 2016 11:37 PM
තෝසේ හදපල්ලා උඹල දුන්න ඡන්දෙට හොද වැඩේ (බ)
විකී Friday, 29 April 2016 01:05 AM
වායු සමීකරණය කරන්න . එතකොට සීතල වේවි (බ)
රංජිත් Friday, 29 April 2016 01:18 AM
මීගමුව රොහලේ ඔය කියන ගොඩනැගිල්ල , හදිසියේ ගොඩ නගපු එකක් නේද? රස්නෙ මුළු ලංකාවට ම බලපාන නිසා රෝහලට තාවකාලික විදුලි පංකා ටිකක් දැම්මොත් හොද නැද්ද ? බෙහෙත් නරක් වෙනවා කියල කියන්නේ , ඔය රෝහල ඇතුලේ බෙතෙත් ටික රත් වෙන්නේ නැතිව තියාගන්ඩ වෙන තැනක් ඇත්තෙම නැද්ද ? (බ)
රොකි Friday, 29 April 2016 01:25 AM
සේවකයන් එකතුවෙලා දිගටම අයිස් ගැහුවාම කූල් වේවි! (ම)
චානක Friday, 29 April 2016 01:29 AM
අනේ පුළුවන් ඉක්මනට, හරි විසඳුමක් දෙන්න, පව් අසරණ රෝගීන් (ම)
දුමින්ද Friday, 29 April 2016 02:10 AM
වෙනසින් කල වෙනසක් (ම)