මීගමුව මහ රෝහලේ යකඩින් ඉදිකල විකල්ප ගොඩනැගිලි 03 හී වාට්ටු තුළ රෝගින්ට හෝ වෙනත් කිසිවකුටවත් එහි සිටිය නොහැකි තරමේ අධික උෂ්ණයක් පවතින බවත් මේ හේතුවෙන් අවම උෂ්ණත්වයක් යටතේ තිබිය යුතු ඹෟෂධ රාශියක් විනාශ වී යන බවත් එහි වෛද්‍යවරු කියති.
මහජන මුදල් මිලියන ගගනක් අපතේ යවමින් මනා කළමණාකාරිත්වයකින් තොරව කඩිමුඩයේ රෝගින් වෙනුවෙන් යයි කියා කෙටි කලකදි ඉදිකළ යකඩ සැකිලි සහිත දෙමහල් නව ගොඩනැගිලි තුනේ දහවලට රත්වෙන යකඩ සැකිලි මගින් රාත්‍රීයට පිටකෙරෙන රෂ්මිය නිසා රෝගින් සිටින සියලු වාට්ටු පෝරණු තරමට පත්ව ඇතැයිද ඊයේ දහවල් වන විට පැවති උෂ්ණත්වය රෝගියකුට සුදුසු නොවන මට්ටක් බවද කියති.
ප්‍රතිකාර සේවා මුර සදහා සිටින වෛද්‍යවරුන් සහ හෙද මණ්ඩලය ඇතුළු පිරිස් පීඩාවට සහ අධික වෙහෙසට පත්වීම නිසා රෝගින් වැඩිදෙනෙකුට ප්‍රතිකාර කිරීමට තිබෙන අවස්ථාව මගහැරි ඇති බව ද ඔවුහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව වැනි උෂ්ණාධික රටවලට යකඩයෙන් තනන ගොඩනැගිලි නොගැලපේ.(ම)
මෙවැනි ගොඩනැගිලි ගැලපෙන්නේ ගබඩා කිරීමේ කටයුතු වලට ඖෂධ නොවේ. ඉංජිනේරුවන් ගේ යෝජනාවක් නොවෙන්න පුළුවන්.(ම)
දැන්වත් පරිසරය ගැන මීට වඩා හිතමු, එක මිනිහෙක් එකතුවෙලා එක පැලයක් රෝපණය කරමු,රස්නේ වැඩි ඉර ලගින් යන නිසාම නොවේ, වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අඩුකරන ජාතික වැඩපිළිවෙලකට යන්න ඕන.තනි තනිව හැකි පමණින් දායක වෙමු හැමෝම, ඉබේම රස්නේ අඩු වෙලා යයි, (ම)
අවුරුදු ගානක් තිස්සේ අපි හැම විධියකින්ම රජය දැනුවත් කරනවා මේ රටේ ඉදිකිරීම් සදහා එක ප්‍රමිතියක් නීත්‍යානුකුලව තිබිය යුතු බවත්, නොඑසේනම් එම ඉදිකිරීම් සම්බන්ධව නීත්‍යානුකුල පියවර ගැනීමට අවසර තිබිය යුතු බවත්. නමුත් ඒ කිසිවක් කිසිවෙකුගේ හෝ අවධානයට මේ වනතෙක් යොමු නොවීම ඛේදවාචකයක්. (ර)
තෝසේ හදපල්ලා උඹල දුන්න ඡන්දෙට හොද වැඩේ (බ)
වායු සමීකරණය කරන්න . එතකොට සීතල වේවි (බ)
මීගමුව රොහලේ ඔය කියන ගොඩනැගිල්ල , හදිසියේ ගොඩ නගපු එකක් නේද? රස්නෙ මුළු ලංකාවට ම බලපාන නිසා රෝහලට තාවකාලික විදුලි පංකා ටිකක් දැම්මොත් හොද නැද්ද ? බෙහෙත් නරක් වෙනවා කියල කියන්නේ , ඔය රෝහල ඇතුලේ බෙතෙත් ටික රත් වෙන්නේ නැතිව තියාගන්ඩ වෙන තැනක් ඇත්තෙම නැද්ද ? (බ)
සේවකයන් එකතුවෙලා දිගටම අයිස් ගැහුවාම කූල් වේවි! (ම)
අනේ පුළුවන් ඉක්මනට, හරි විසඳුමක් දෙන්න, පව් අසරණ රෝගීන් (ම)
වෙනසින් කල වෙනසක් (ම)