(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ජංගම දුරකථන පහක් සන්තකයේ තබාගෙන රාජකාරියේ නිරතව සිටි මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කළ මෙම වැටලීමේදී බන්ධනාගාර නියාමකවරයාගේ මේස ලාච්චුවේ තිබී මෙම ජංගම දුරකථන 5 ක් සොයා ගැණිනි.
මෙම ජංගම දුරකථන බන්ධනාගාර නියාමකවරයාට ලැබුණු ආකාරය සහ ජංගම දුරකථන හරහා විවිධ ජාවාරම් වලට ඇමතුම් ලබා ගැනීම සඳහා රැඳවියන්ට ලබා දී ඉන් මුදල් උපයා ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසේ .
ඒ අනුව එම විමර්ශනය අවසන් වන තෙක් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇති බව මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ඉපැයුවද කියලා හොයලා බලන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මෙයාලා මේ වගේ වැඩ කරනවා.
මෙම බන්ධනාගාර නියාමකට නමක් නොමැතිද? මෙච්චර ජංගම දුරකථන ගොඩක් සන්තකයේ තිබෙනවා යනු ස්ථිරවම පොහොසතෙකි. මේ වත්කම් සොයා බැලුවොත් පහසුවෙන්ම සියලු තොරතුරු දැනගත හැක.
එතකොට සම්පායෝගේ ඇප දීමට ඉදිරිපත් කරපු නීතිමය රාමුව මෙයට අනුමත නැද්ද? ඒක සම්පායෝ ස්පෙෂල්... එහෙමද?