IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘මගමරුවා සැකපිට‘

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාගේ කොල්ලුපිටිය නිවසේ සේප්පුවෙන් ගිය ඔක්තෝබර් 21 වැනිදා රුපියල් ලක්ෂ 40ට අධික දේශීය විදේශීය මුදල් තොගයක් සොරාගත් සිද්ධියේ සැකකරු රුපියල් ලක්ෂ 11ක රට සල්ලි තොගයක් සමග කොටුව පොලිසිය අද(18) අත් අඩංගුවට ගත්තේය.

අරවින්දගේ සේප්පුවෙන් රුපියල් ලක්ෂ 40ක් සොරාගෙන තිබිණි. අරවින්දගේ සේප්පුව කැරකූ ගමන් විවෘතවූ බව ඔහු පවසා ඇත.

සැකකරු මෙම මුදල් මාරු කිරීම සඳහා කොටුවට පැමිණ සිටි බව පොලිසිය කියයි.

සැකකරු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිව සිටින්න ඇති බවත් ඇතැම් දිනවල රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මත්කුඩු පානය කරන බවද පොලිසිය කියයි. ඔහු කොළඹ 7 හැටේවත්තේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි.

සැකකරු ගෙවල් බිඳුම් රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවද පැවසේ.

අරවින්ද සිල්වා මහතාගේ නිවසට සැකකරු ඇතුළුවී ඇත්තේ ඉකුත් ඔක්තෝබර් 21 වැනිදාය.



අදහස් (0)

‘මගමරුවා සැකපිට‘

හරීන් Friday, 19 December 2014 03:12 AM

මෙයාගේ ඇත්ත නම මොකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ලසිත් Thursday, 18 December 2014 02:02 PM

මෙච්චර සේවකයන් සංඛ්‍යාවක් ඉන්න තැන මේ පුද්ගලයා ඇවිත් නිරුපද්‍රිතව සල්ලි අරන් ගියේ කොහොමද ? මට හිතෙන්නෙම ඇතුලෙන් උදව්වක් ලැබෙන්න ඇති. (නදී)

:       0       0

ජෙහාන් Thursday, 18 December 2014 02:03 PM

මේ හොරා දේශපාලනය සඳහා හරිම සුදුසුයි. ඉබේ ඇරෙන සේප්පු දොරවල් නැති වුන මතකය වගේ තමයි. (නදී)

:       0       0

සෑම් Friday, 19 December 2014 04:07 AM

"කන් ගැට්ටා" නාටකය දෙවන කොටස වගෙයි. (නදී)

:       0       0

විමල් Friday, 19 December 2014 06:04 AM

දැන් දැන් ඔක්කොම ඉබේ වෙන වැඩනේ වෙන්නේ (දී)

:       0       0

ශාන්ත ලාල් Thursday, 18 December 2014 10:41 PM

දහඩිය මහන්සියෙන් හරිහම්බ කළ මේ මුදල් කොල්ලකෑවාට අවුරුදු 20කටවත් හිරේ යවන්න ඕනෑ (නි)

:       0       0

උපාලි Thursday, 18 December 2014 11:20 PM

අනේ හැබැට, ලංකාවේ පොහොසත්තු රුපියල ගැන විශ්වාස නොකරන නිසා වෙන්න ඇති විදේශ මුදල් වලින්ම ගනුදෙනු කරන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site