2016-12-15-ent-60

ටනාෂා හතරසිංහ කියන්නේ මේ දිනවල සිනමාවේ සහ වෙළෙඳ දැන්වීම්වල නිතර දකින්න ලැබෙන නිරූපිකාවකි. ඇය පිළිබඳව කතා කරන්න අද අප පෙළෙඹුනේ ඇයගේ නැඟණියක විසින් සිදුකරනු ලැබූ දේ සම්බන්ධයෙනි. ඇගේ නම රිශී හතරසිංහය. ඇයත් කලා පවුලට සම්බන්ධ වූයේ ඉතාමත් මෑතකදීය. ඒ "මගෙමයි ඔයා" කියන ගීතයත් සමගිනි. මේ වනවිට එළිදක්වා ඇති කුලුඳුල් ගීතයක් වන "මගෙමයි ඔයා" ගීතය අලුත් ආකාරයේ ගීතයක් ලෙස රසවිඳීමට හැකියාවක් තිබෙන බව බොහෝ දෙනාට හැගෙයි. කිසිම ඝෝෂාකාරී නොවූ සංගීත රටාවක් තුළ බිහිවූ මෙම ගීතය බොහෝ දෙනා ප්‍රිය කරනු බව කිව යුතුය. අද වාණිජ වශයෙන් කාලීන මාතෘකාව වී ඇති විරහව, අනියම් පෙම යන කරුණු කාරණාවලින් එපිට දැකපු ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්වූවාට කිසිදු වරදක් නොමැති බව කිව හැක. ගායකයාට හෝ ගායිකාවට හැකිනම් තම රසිකයාට යම් කිසි ස්ථානයකට ගෙන ඒමට, ඒ ගායකයා හෝ ගායිකාව තෘප්තිමත් වන කරුණ එතැන තිබෙනු ඇත. වර්තමාන පරපුර විසින් නිර්මාණය කරනු ලබන ගීත සඳහා බොහෝ දෙනා චෝදනා කරනු ලබන්නේ එම හේතුව නිසා බව කිව හැකිය. "මගෙමයි ඔයා" කියන ගීතය එවැනි චෝදනා සඳහා හසුනොවේ යැයි මේ ගීතය අසන ඔබට සිතෙයි.

එළිදැක් වූ දිනය - 2016 දෙසැම්බර් 04

ගායනය - රිශී හතරසිංහයි

පද රචනය - සත්සර කසුන් පතිරණ

සංගීතය - අමිත් ගුරු @ Icone Rain Productione

 

2016-12-15-ent-59