ආරියරත්න රණබාහු
හම්බන්තොට මාගම්පුර වරාය හවුල් ව්‍යාපාරයක් බවට පත්කර සංවර්ධනය කිරීම හැර එය චීන සමාගමකට විකිණීමට කටයුතු නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කීය.
‘මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ රජයේ හිටපු විදේශ ඇමැති ජී.එල්.පීරිස් මහතා චීන විදේශ ඇමැතිවරයා සමග අස්සන් කර තිබූ ගිවිසුම රටම විකුණමින් අස්සන් කළ ලියවිල්ලක්. එම ගිවිසුම දේශපාලනික වශයෙන් අහෝසි කිරීමට මට සහ මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාට හැකිවුණා.‘ යැයි ද අගමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් අර සිංගප්පුරු හවුල් කරගන්නද යන්නේ?
අරය කරපුවගේ වැරදි හොයනවයි, එව්වගේ ඇද කියව කියව ඉන්නවයි, ඒ කරපුව එහාට මෙහාට වෙනස්කරනවයි ඇරෙන්න මේ වෙනකල් නටපු නැටුමක් පෙන්න නැහැනේ?
බලයට එන්න පෙර කිව්වේ මාගම්පුර වරයා මැද තියෙන්නේ මහා ගලක් මේක මහා මුදල් විනාශයක් කියල. දැන් රට දුවන්න සල්ලි හොයන්නේ එක විකුණලා. බඩගිනි වෙනකොට වික්කම සිංහයාට කබරගොයත් තලගොයා වෙනවා වගේ,
මේ වගේ අගමැතිවරු රටකට වාසනාවක්.... වෙනසක කරුමේ...
කට ඇරියොත් මහින්ද රාජපක්ෂ....ඒ කාලේ කරපු කියපු කතා අපට නම් හොදට මතකයි. විකුණගෙන කන්න හරි, හවුලේ කන්න හරි තියෙන්නේ ඒ කලේ කරපුව. මෙයාගේ කතා හොදයි ගැලරියට....