ප‍්‍රංශයේ වෙසෙන විදේශිකයෝද තම තමන්ට හිමි සංස්කෘතික අංග සමග එයට ආවේනික සංගීත රාවයන්ගෙන් එම පරිසරය හැඩ වැඩ ගන්වයි එම දිනයට මුළු ප‍්‍රංශයම සංගීත ලෝකයකි.
මෙම ලෝකයට එක් වීමට පැරීසියේ ශ්‍රී ලාංකිකයෝද අමතක නොකරති. ඒ අනුව මෙවර පැරීසියට නුදුරින් පිහිටි බගතලේ උද්‍යානයේදි පැරීසියේ ලාංකිකයෝ සංගීත දිනය මහ ඉහලින් සැමරූහ.
ප‍්‍රංශයේ මිදි යුෂ, ස්කොට්ලන්තයේ බාර්ලි යුෂ, රුසියාවේ සිසිල් යුෂ අතරට ලාංකික රස බොජුන් එක්වී තිබුණේය. දේශීය හා විදේශීය ගීත වල රස විදිමින් සතුටෙන් සමගියෙන් විනෝද වීමට එම අවස්ථාව ලබා දුන්නේ පැරීසියේ මීගමු සංවිධානයයි. එහි ආරම්භක පුරවැසියාවූ අයිවන් සෙනෙවිරත්න, හිටපු හා වර්තමාන සභාපති රංජිත් ප‍්‍රනාන්දු හා ජයලත් ,ජෝ ප‍්‍රනාන්දු , ලක්මාල් යන මහත්වරුන් පිරිස අතරට එක් වෙමින් ඔවුන් පිළිගනිමින් සතුටු සාමිචියේ යෙදෙමින් සංග‍්‍රහා කරමින් උත්සවය සාර්ථක කර ගැනීමට වෙහෙසෙති.
එම සංවිධානයේ සෙස්සෝද සිනහවෙන් කෑමෙන් බීමෙන් සංග‍්‍රහා කරති. සියල්ලෝ කති, බොති, නටති, සතුට බෙදා හදා ගනිති. එදින පැරීසියේ ලාංකිකයෝ ප‍්‍රංශයේ 32 වන සංගීත දිනය එලෙස සැමරුවේය. ඔවුහු පැරීසියේ මීගමු සංවිධානයට ස්තුති කිරීමටද අමතක නොකළහ.
යුරෝපයට වසන්ත ඝෘතුව ඇරඹෙන්නේ ජුනි මස 21 වැනිදාටය. හරිත වර්ණ තුරුලතා විවිධ වර්ණ පුෂ්පයන් ගෙන් වර්නවත් වූ පරිසරය හැඩ වැඩ වන්නේ මෙදින සිටය. 1982 ජුනි 21 වැනි දින ප‍්‍රංශයේ සංගීත දිනයක් ලෙස එවකට සිටි ප‍්‍රංශ සංස්කෘතික ඇමති ජැක් ලෑන්ග් මහතා විසින් ප‍්‍රකාශයට පත් කැරිණි.
එදා සිට අද දක්වා එම දිනයට ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ ස්ථාන මෙන්ම බොහෝ මං මාවත් සංගීත කණ්ඩායම් වලින් පිරී ඉතිරී සෑම දිශාවක්ම සංගීත රාවයන්ගෙන් දෙසවනට මිහිරක් ගෙනදේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහණ ඔයා හරි . සුනිල් වගේ කට්ටිය කොහොමත් අනුන්ගේ සතුටට ඉරිසියා කරන අය (අ)
ඇත්තෝ කති ,බොති ,නටති.නැත්තෝ රවතී,ඔරවති ,ගොරවති (අ) .
සන්තෝසයි ඉතින් (දී)
අනේ මටත් කියන්න ආයෙත් මීගමුවේ අය එකතු වෙද්දී. ගෙදර ගිය අය වගේ දැනෙයි (නදී)
මෙතන ඉන්නේ මීගමුවේ කොටස පමණයි. ඔවුන් කොහොමත් කාල බිලා නටලා ඉන්නා කොටසක්. ජිවිතයේ අරුත හරය ගැන හැඟීමක් නොමැති කොටසක්. (ස)
අපිටත් එන්න ලැබුණා නම්... (නි)
නියමයි! (නි)
කන්න බොන්න නටන්න. හැබැයි ඇන කොටාගෙන කපාකොටාගෙන රණ්ඩු දබර ඇතිකර ගන්න එපා (නි)
හෙට මැරුණත් මීගමුවේ මිනිසුන් ඉන්නේ සතුටින් (නි)
අපිත් දන්නවා නම් එනවනේ! (නි)
කොච්චර ප්‍රීතිමත්ද? (නි)
මීගමුවේ ඉන්නේ කොහොමත් ජීවිතේ විඳින පිරිසක්. ජීවිතේ විඳව විඳව අනුන්ට ඉර්ෂ්‍ය කරන්න එපා සුනිල් ගම්පහ. (දී)
සුභපතනවා ලාංකිකයෙක් විදිහට (දී)
මමත් ඔතන එදා හිටිය,අන්තිමට උන දෙය වෙලා නැහැ (දී)
මේවා ඉතින් ලංකාවේ අපිට හීන තමයි .රටේ සල්ලි සේරම දේශපාලකයෝ ගිල්ලම අපිට කවිබන තමයි හැමදාම අහන්න වෙන්නේ.බලන්න ඒ රටවල මිනිසු විනෝදෙන් ඉන්න හැටි. (දී)
කෝ ලොකු සෙනගක් නැහැනේ. (ස)
මිගමු අය ලෝකේ ඕනෑම තැනක සතුටින් සහයෝගයෙන් ඉන්න පිරිසක් මීගමුවට ඇවිත් බලන්න දමල මුස්ලිම් බුදාගම කතෝලික සියල්ල සමගි තැනක් ලංකාවටම අදර්ස තැනක් ආගන්තුක සත්කාර ඉයලම තැනක් .(අ)
මිගමු සංවිධානයේ සුහද හමුවේ ඉහල නිලධාරින්ගේ ආරාධනාවකට අනුව මමත් ගියා. සැලකිය යුතු පිරිසක් හා සංවිධානවල ක්‍රියාකාරීන් පිරිසක් ද මට මුණ ගැසුනා. සියල්ලෝ සමගිව සතුටු උනා. සංග්‍රහ ශීලිත්වය ඉතා ඉහලයි. සාමකාමීව හමුව අවසන්වීම ගැන ඉතා සතුටුයි. ජයවේවා !!!(දී)
බොහොම හොඳට මේ සංගීත සංදර්ශනය ගැන පලකල ලිපියට ගොඩක් ස්තුති (දී)