මීපුර පුවත්පතේ හා මී පුර වෙබ් අඩවියේ කර්තෘ ෆර්ඩි ගමගේ මිගමු නගර සභdවේ මාසික රැස්විමට ගොස් ආපසු යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි මැරයන් දෙදෙනකු පොල්ලකින් පහර දි පලා ගොස් ඇතැයි කියති. මෙම මැරයන් මීගමුවේ ප්‍රාදේශීය දේශපාලනඥයකු කුලියට ගත් දෙදෙනකු බව පෙනේ යැයි වාර්තාවේ.
ඔහු මීගමු රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් ප්‍රහාරකයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙසත් මාධ්‍ය සංවිධාන කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් හෙලා දකින්න ඕනෑ. මෙම ප්‍රහාරය සිදු කළේ කවුද කියන එක මීගමු ජනතාව දන්නවා. විධිමත් පරීක්ෂණයක් වහාම පවත්වා මීට වගකිවයුතු අය අත්අඩංගුවට ගත යුතුයි. නීත්‍යනුකුලව නිසි දඬුවම් දියයුතුයි, ඔවුන්ගේ තරාතිරම නොබලා. නැත්නම් රජය මීගමු ජනතාවගේ පිළිකුලට භාජනය වෙන බව රජය තේරුම් ගත යුතුයි. (බ)