(ප්‍රසාද් මුතුකුඩ)
පාදයේ ඇති වු තුවාලයකට ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ආ බන්ධනාගාර ගත කර සිටි සිරකරුවෙකු මාංචු සමඟ අද (12) පැනගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ පැන ගොස් ඇති සිරකරු වල්පොළ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි ඒ. එම්. සලුජා (31) නැමැත්තෙකු වන අතර මංකොල්ලකෑම් ඇතුළු අපරාධ නඩු අටක් ඇත්තෙකි.
පොලීසියේ ඇස් වසමින්, කට්ටි පනිමින් සිටියදි දැඩි වෙහෙසක් දරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ බවද වාර්තාවේ.
මීගමුව බන්ධනාගාරයේ අරක්ෂිත තාප්පය බිඳ ආරක්ෂාව මැද සිටි රැදවියන් සිව් දෙනෙකු පැන යාමෙන් එහි එක් නිළධාරියකු සහ ජේලර්වරු දෙදෙනෙකු වැඩ තහනමකට ලක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd