අද උදෑසන හයට අවසන් වූ විසිහතර පැයේදී පොලිස් සැරයන වරයකු ඇතුළු පස් දෙනකු රිය අනතුරුවලින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. සීගිරියේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් පොලිස් සැරයන් වරයා මියගොස් ඇති අතර ඔහුගේ බිරිද සහ දරුවා දඹුල්ල රෝහලට ඇතුලත් කරනු ලැබූහ. දිවුලපිටියේදී ද, පන්නල දී ද යතුරුපැදි කරුවන් දෙදෙනකු මියගිය අතර මහියංගනදී ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් අයකු මරුමුවට පත්විය. මහියංගනය කෙසෙල්පොත ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් පදිකයෙක් මියගියේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd